Lanka Fashion

No 01 Online Fashion Magazine

අපේ සම පැහැපත් වගේම දීප්තිමත් කරන ස්වභාවික අමුද්‍රව්‍ය 4ක්.

අපි අපේ සම දීප්තිමත් කරගැනීමට අපි නොකරන දෙයක් නැහැ.ඒ වගේම ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමානයක් වැය කරන්නත් කාන්තා අපි දෙවරක් සිතන්නේ නැහැ.ඒත් අධිකව වියදම් නොකර අපේ මුළුතැන්ගෙයින් පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතයෙන් සම දීප්තිමත් කරගන්න පුලුවන.අද අපි කියන්නේ ඒ වගේ අමුද්‍රව්‍ය 4ක් ගැනයි.

1.මී පැණි

කුරුලෑ සහ සොරයිසිස් වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන්ට මී පැණි වල ඇති ප්‍රතිබැක්ටීරියාමය ගුණ විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකියි.ඔබ මුහුණ සඳහා යොදා ගන්නා මී පැණි වලින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට නම් එය ස්වභාවික බැක්ටීරියා සහිත, පැස්ටරීකරණය නොකළ, හැකිතාක් පිරිසිදු මී පැණි බව තහවුරු කරගත යුතුයි. ඔබ පරාග වලට ආසාත්මිකතාවයක් නොදක්වන බව තහවුරු කරගැනීම සඳහා මී පැණි භාවිතා කිරීමට පෙර ආසාත්මිකතා පරීක්ෂණයක් (Allergy test) සිදු කරන්න.

2.කුරුඳු

එහි ඇති ප්‍රතිඔක්සිකාරක නිසා කුරුඳු වලට ඔබේ සමේ සෛල ආරක්ෂා කළ හැකියි. කුරුඳු වලට කොලැජන් උත්තේජනය කළ හැකි බලපෑමක්ද තිබෙන බවට අධ්‍යන ඉතා සුළු ප්‍රමාණයකින් ඔප්පු කර තිබෙනවා. මුහුණ සඳහා ආලේප කිරීමට ඔබට අමු මී පැණි කොටස් 3ක් සමග කුරුඳු කුඩු කොටස් 1ක් මිශ්‍රකර මාස්ක් එකක් සකස් කර ගත හැකියි. කෙසේ නමුත් ඔබට කුරුඳු වලට ආසාත්මිකතාවක් තිබෙනවා නම් ඔබ ප්‍රවේශම් විය යුතුයි. තවද, සම සඳහා භාවිතා කරන විට කුරුඳු කුඩු වලට වඩා කුරුඳු සාරය භාවිතා කිරීමෙන් ප්‍රයෝජන ලබාගත හැකි බව ඔබ දැන ගත යුතුයි.

3.කැරට්

කැරට් වල පොටෑසියම් අන්තර්ගත නිසා එයට ඔබේ වියලි සමට තෙතමනය ලබා දිය හැකියි. එහි ඇති විටමින් A වලට සමේ ඇති අධික තෙල් ගතිය සහ විවිධ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව කැරට් වල අඩංගු බීටා කැරොටින් මගින් හිරුගෙන් එන අහිතකර පාරජම්බුල කිරණෙන් ඔබව ආරක්ෂා කර සම වයස්ගත වීමේ මුල් අවධි වලට එරෙහිව සටන් කිරීමට ඔබට උපකාරී වෙනවා. ඔබ‍ට වල කැරට් වලට කෝමාරිකා ජෙල් මිශ්‍රකර භාවිතා කිරීම හෝ කිරි සහ මීපැණි තේ හැන්ද බැගින් ගෙන එයට කැරට් මිශ්‍රකර මාස්ක් එකක් සකස් කර භාවිතා කළ හැකියි.

4.සඳුන්

විවිධ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වලට එක් කරන මිහිරි සුවඳක් ලෙස භාවිත කිරීම හැරුණු කොට සඳුන් මගින් ඔබට වෙනත් රූපලාවණ්‍ය ප්‍රයෝජනද ලබාගත හැකියි. සමේ ඇති පැල්ලම්, රැලි වැටීම්, සොරයිසීස් සහ ප්‍රදාහ තත්ත්ව වලදී සඳුන් ඔබට භාවිතයට ගත හැකියි. ඉන්දියානුවන් විසින් කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා නිවසේදී සඳුන් භාවිතයට ගන්නා ආකාරයත් අධ්‍යන වලදී සාර්ථක බව පෙන්නුම් කර තිබෙනවා. ලොව පුරා සඳුන් වර්ග 6ක් පමණ තිබෙන අතර ඔබට සඳුන් කුඩු, සඳුන් තෙල්, සබන් සහ මල් දැමූ ජලය යන විවිධ ආකාර වලින් භාවිතයට ගත හැකියි. සඳුන් භාවිතයට ගත හැකි අපූරු ක්‍රමයක් වශයෙන් සඳුන් කුඩු මේස හැඳි දෙකකට රෝස වතුර මේස හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු 15කට පමණ පසු සෝදා හැරීම ඔබට සිදු කළ හැකියි.