Lanka Fashion

No 01 Online Fashion Magazine

අයිස් කැට භාවිතයෙන් සමට ලැබෙන ප්‍රතිලාභ

අයිස් කැට සමේ දීප්තිමත් බව සහ නීරෝගි බව වර්ධනය කරගැනීමට භාවිතා කල හැකියි.මෙය Ice therapy ලෙසද හඳුන්වනවා. ජලයෙන් මෙන්ම ග්‍රීන් ටී, අර්තාපල්, සුදුලූණු, තක්කාලි,පිපිඤ්ඤා වැනි අමුද්‍රව්‍ය වලින් අයිස් කැට සාදා භාවිතයට ගැනීමටත් ඔබට හැකියි. මේ Ice therapy ඔබේ සමට වැඩි පෝෂණයක් සහ සහ විශ්මිත ප්‍රතිලාභ රාක ලබා දෙයි.ඉන් කිහිපයක් අපි මෙම ලිපියෙන් ඔබට කියනවා..ඒ වගේම Ice therapy සිදු කිරීමේදී මේ ගැනත් සැලකිලිමත් විය යුතුයි.අයිස් ප්‍රතිකාරය සිදුකල යුත්තේ මුහුණ හොඳින් සෝදා පිරිසිදුකරගත් පසුවය.අත් වලට ඇති වන අපහසුතාව මගහරවා ගැනීමට අත් වැසුම් පැලඳ අයිස් කැට මුහුණේ ගල්වාගන්න. මෘදු රෙදි කැබැල්ලකින් ආවරණය නොකොට සෘජුව අයිස් කැට මුහුණේ ගැල්වීම නොකල යුතුයි.

1.ඇස් වටා ඉදිමුම් දුරු කරගැනීමට

සම සීතල පිලිස්සුමට ලක්වීම (cold burns) වළක්වාගැනීමට, අයිස් පැක් වර්ග පැයකට වඩා අධික කාලයක් තිස්සේ සිදුකිරීමෙන් වළකින්න.සෑම දිනකම සවස හෝ රාත්‍රි නින්දට පෙර හොඳින් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. පොලිතින් බෑගයකට අයිස් කැට දමා ඔබේ මුහුණ සහ ගෙල ප්‍රදේශය මෘදුව මිනිත්තු 3 ක් පමණ සම්බාහනය කරගන්න. දින කිහිපයකින් ඔබේ සම සුමුදු සහ නැවුම් පෙනුමකට පත්ව ඇති අයුරු පැහැදිලිව ඔබට දැකිය හැකි වනු ඇත. මෙම සත්කාරය මඟින් මුහුණ ‍රැළි වැටීම වළකන අතර ඔබට හොඳ නින්දක් ලබාගැනීමට ද දායක උපකාර කරයි.

2.කුරුලෑ තත්වයන් දුරුකරගැනීමට

කුරුලෑ ගැටලුවට හොඳම විසඳුමක් ලෙස අයිස් සත්කාරය හැඳින්විය හැකියි. මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගෙන මෘදු රෙදි කැබැල්ලක හෝ නැප්කිනයකින් අයිස් කැටයක් ආවරණය කර කුරුලෑ ඇති තැන් වල මෘදුව තෙරපමින් මිනිත්තු 5 ක් පමණ මුහුණ සම්බාහනය කරගන්න. ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙන බව නිසැකයි.

3.මුහුණ ‍රැළි වැටීම් අවම කරයි.

අයිස් කැට සත්කාරය මඟින් මුහුණේ ඇති රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව වැදියුණු කිරීම සහ අකලට සම වියපත්වීම සහ ‍රැළි වැටීම සිදුවිම වළක්වයි. දිනපතා හොඳින් මුහුණ පිරිසිදු කර මේක්-අප් ආදිය ගැල්වීමට පෙර මිනිත්තුවක් පමණ මුහුණ අයිස් කැටයකින් සම්බාහනය කරන්න.

4.සමේ විවෘත සිදුරු වසා දමමින් මුහුණට ඔපයක් ලබාදේ.

මුහුණ මත මිනිත්තු 3 ක් පමණ සෘජුව අයිස් කැටයක් අතුල්ලන්න. මෙය අඛණ්ඩව දිනපතා සිදුකරන්න. මේ සත්කාරය දින කිහිපයක් සිදුකිරීමෙන් සමේ විවෘත වී ඇති සිදුරු පිටතට පෙනෙන ස්වභාවය ක්‍රමයෙන් දුරුකරගත හැකිය.