Lanka Fashion

No 01 Online Fashion Magazine

ඇක්ටිව් චාකෝල් වල සුපිරි ප්‍රයෝජන 7ක්.

ඇක්ටිව් චාකෝල් එහෙමත් නැතිනම් සක්‍රීය අගුරු කියන්නෙ අස්ථි අගුරු,පොල්කටු,පීට්,පෙට්‍රෝලියම් කෝක්,ගල් අගුරු වලින් සාදන ලද සිහින් කුඩු විශේෂයකි.ඒවා ඉතා අධික උෂ්ණත්වයකට පත්කරන අතර එමගින් එහි අභ්‍යන්තර ව්‍යුහය වෙනස් වී සිදුරු වල ප්‍රමාණය අඩු කරන අතර මතුපිට ප්‍රමාණය වැඩි කරයි.මේවා සාමාන්‍ය අගුරු වලට වඩා වෙනස් වන්නෙ සිදුරු ප්‍රමාණය වැඩි වන නිසායි.ඉතින් මේ ඇක්ටිව් චාකෝල් වලින් අපිට තියන සුපිරි ප්‍රයෝජන කිහිපයක් ගැන දැනගනිමු.

1.ඇක්ටිව් චාකෝල් සමග දත් මැදීමෙන් ඔයාගෙ දත්වල තියන කහට ගතිය නැති වෙලා සුදුපාට දත් පෙලක් ලබාගන්න පුලුවන් වෙනවා.සාමාන්‍ය දන්තාලෙපත් එක්ක චාකොල් කුඩු එකතු කරලා සතියකට වරක් මැදලා බලන්නකො.

2.ඔයාගෙ කිහිලි ප්‍රදේශය ෂේව් කරලා තිබුණත් අදුරු ගතිය නිසා අත් නැති ඇදුමක් ඇදගෙන තැනකට යන්න ටිකක් ලැජ්ජයි වගේ නම් මී පැණිත් එක්ක චාකෝල් මිශ්‍ර කරලා කිහිලි ප්‍රදේශයෙ ආලේප කරලා සෝදාහරින්න.

3.නිල්වන් කලු පැහැයක් සහිත කෙස්කලඹකට තියෙන්නෙ පුදුමාකාර ලස්සනක් නේද..ඔයාගෙ කොණ්ඩයට දිලිසෙන,නිල්වන් කෙස්කලඹක් තාවකාලිකව ලබාගන්න නම් කෝමාරිකා යුෂ, හණ ඇට සහ චකෝල් එකට එක් කර බ්ලෙන්ඩ් කර කෙස්වල ආලේප කොට සෝදාහරින්න.

4.ඊලගට අපෙ මූණට තියන චූටි කලුපාට බාධාවක් තමයි බ්ලැක්හෙඩ්ස් කියන්නෙ ඔන්න චාකෝල් වලින් ඒකටත් පිලියම් තියනවා.චාකෝල් කුඩු පී.වී.ඒ ගම් එක්ක මිශ්‍ර කරලා මාස්ක් එකක් දාන්න.වේලුනාට පස්සෙ ගලවලා සෝදාහරින්න.ඔයාටම අත්දකින්න පුලුවන් වෙයි මූණට එන අමුතුම එලිය.

5.ඔයාගෙ මුළු ශරීරයටම දීප්තියක් ගන්න.සතියකට වරක් චාකෝල් සමග ආයුර්වේදීය නෑමක් සිදු කරන්න.චාකෝල්,බේකින් සෝඩා,සිට්‍රික් ඇසිඩ් සහ ආමන්ඩ් තෙල් මිශ්‍ර කර එයින් බෝලයක් සකසා ගෙන ස්නානය කරන විටදී නාන බදුනට එක් කරන්න.සම ස්ක්‍රබ් කිරීමටද හැකිය.

6.හිස්හොරි කරදරෙන් මිදෙන්න නම් ඉතා මෘදු බේබි වොෂ් සමග චාකෝල් මිශ්‍ර කර මද උණු ජලය ස්වල්පයක් එක් කරන්න.මෙම මිශ්‍රණය බෝතලයකට දමා ස්නානය කරන විටදී ෂැම්පු එකක් ලෙස භාවිතා කරන්න.

7.ඒ වගේම ගොඩාක් අයට තියන දෙයක් තමයි උදර වේදනාව කියන්නෙ.චාකෝල් ඊට කදිම පිලියමක් කියන්න ඔයා දැනගෙන හිටියද?මිදි යුෂ වලට ජෙලටින් එක් කර ඊට චාකෝල් කුඩු ස්වල්පයක් එක් කරන්න.එම මිශ්‍රණය ශීතකරණයෙ තබා කියුබ් ලෙස සකස් කරගන්න.උදර වේදනාව ඇතිවන විටදී එයින් එකක් කෑමට ගන්න.