Lanka Fashion

No 01 Online Fashion Magazine

ඔබේ මුහුණේ තෙතමනය පවත්වා ගැනීමට සරල සත්කාර 5ක්.

මුහුණ ‍රැළි වැටීම වැනි ලක්ෂණ ඇතිනොවීමට නම් සමේ තෙතමනය පවත්වාගැනීම ඉතා වැදගත් වෙනවා.නිතර නිතර සේදීම, රළු ස්ක්‍රබ් වර්ග භාවිතය සහ උණුසුම් කාලගුණය වගේ හේතු නිසා ඔබේ මුහුණේ සම අධිකව වියළීමට, හම යාමට, දුර්වල, තද ,දුර්වර්ණ සහ සංවේදීවීම වගේ ගැටලු වලට ලක්වීමට ඉඩ තිබෙනවා.ඉතින් මේ දේවල් වලින් සම ආරක්ෂා කරගැනීමට සරල සත්කාර කිහිපයක් මෙන්න.

1.මී පැණි

මී පැණි සම මෘදු කරමින්, තෙතමනය ඇතිකර, සමේ නම්‍යතාව වැඩිකරවයි.මේවයේ අඩංගු සීනි මඟින් සම තෙතමනයෙන් සංතෘප්ත කා මතුපිට ස්තරයක් ලෙස ක්‍රියාකරයි.මේවායේ ප්‍රති-ඔක්සිකාරක බහුල බැවින් සම වියපත් වීම වැළැක්වීම මෙන්ම සමේ රතු පැල්ලම් ගතිය (බ්ලෙමිෂ්) දුරු කිරිම ද සිදුකරයි.මී පැණි මේස හැඳි 2 ක් සහ වතුර මේස හැඳි 8 ක් බඳුනකට දමා මිශ්‍ර කරන්න.මුහුණේ ගල්වන්න.වියළුණු පසු, උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.

2.පොල් තෙල්

පොල් තෙල් වල මේද අම්ල බහුල බැවින් සමට අවශ්‍ය තෙතමනය ලබාදී, එහි ආරක්ෂක ස්තරය වැදියුණු කරමින්, කොලැජන් නිෂ්පාදනය ඉහළ නංවයි.රාත්‍රී නින්දට පෙර පොල් තෙල් ස්වල්පයක් මුහුණේ ගල්වන්න. උදෑසන අවදි වූ පසු ඔබේ සමේ මෘදු හා ප්‍රතාපවත් ස්වභාවයක් ඔබට නිරීක්ෂණය කළ හැකි වෙනු ඇත.ස්නානය කළ පසු සමේ මේවා ගැල්වීම වඩාත් ප්‍රතිඵල සහගතයි.මේ වෙනුවට ඔලිව් තෙල්,ආමන්ඩ් තෙල් , සූර්යකාන්ත තෙල් සහ එඬරු තෙල් (කැස්ටර්) ද තෙතමනකාරක ලෙස භාවිතා කළ හැකියි.

3.අලිගැට පේර

අලිගැට පේර වල විටමින් සී, ඊ, මේද අම්ල සහ කැරටෙනොයිඩ වැනි පෝෂක බහුලය. මේවාට ස්තූති වන්නට අලිගැට පේර ඔබේ සමට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය හොඳින් ලබාදෙයි. ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරයි. අකලට සම වියපත් වීම වළක්වයි.අලිගැට පේර වල මදය සූරා හොඳින් පොඩි කරගන්න. සම මත ගල්වන්න. මිනිත්තු 10 කට පමණ පසු උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.

4 කෝමාරිකා

සම සමනය කරවමින්, සමට තෙතමනය ලබාදෙන හොඳම ඔසුවක් ලෙස කෝමාරිකා හැඳින්වේ.මේවායින් සැකසූ ජෙල්,ක්‍රීම්, මාස්ක් වැනි සම සඳහා වන නිෂ්පාදන බොහෝමයක් වෙළඳපොලේ දැකිය හැකියි.මේවායේ විටමින් ඒ, සී, ඩී සහ ඊ මෙන්ම සින්ක්, පොටෑසියම්,මැග්නීසියම්, ඇමයිනෝ අම්ල, පොලිසැකරයිඩ වැනි ඛනිජ පෝෂක ද බහුලය.සමේ කැසිල්ල,දැවිල්ල, අපහසුතා දුරුකර, සම වියළීම වළක්වා, ඊට අවශ්‍ය තෙතමනය ලබාදී සම නීරෝගි කරයි. එමෙන්ම කුඩා තුවාල හා ප්‍රදාහය ගැටලු සුවපත් වීමට ගුණ දේ.දිනකට 2-3 වරක් පිරිසිදු කරගත් මුහුණේ කෝමාරිකා මදය (ජෙල්) ආලේප කරන්න.

5.ග්ලිසරින්

සම වියළීම වැළැක්වීමට සරල සහ ඵලදායි පිළියමක් ලෙස ග්ලිසරින් හැඳින්විය හැකියි. සමේ තෙතමනය රඳවා තබාගැනීමට සහය දේ.රෝස වතුර මි.ලී. 50 ක් ග්ලිසරින් මි.ලී.50 ක් සමඟ මිශ්‍ර කර කපු පුළුන් වලින් මුහුණේ ආලේප කරන්න. රාත්‍රිය පුරා සම මත තිබෙන්නට හරින්න. හුලං නොවදින බඳුනක ඉතිරි මිශ්‍රණය දමා තබන්න.