Lanka Fashion

No 01 Online Fashion Magazine

ඔබ මුහුණේ ආලේප කිරීමෙන් වැළකී සිටිය යුතු දේවල් 4ක්.

කාන්තා අපට සුන්දර මුහුණක් තරම් තවත් වටිනා දෙයක් නම් නොමැති තරම්.ඉතින් මුහුණ තව තවත් ලස්සන කරගන්න ගිහින් අමාරුවේ වැටෙන අවස්ථාද නැතුවාම නොවේ.ඉතින් ලස්සන වෙන්න කියල හිතාගෙන මේ දේවල් නම් කවදාවත් ඔයාගේ මුහුණේ ආලේප කරන්න එපා.

1.බිත්තර සුදු මද

සුදු මද මුහුණේ ආලේප කිරීමෙන් වැළකී සිටිය යුතු හේතු කිහිපයක්ම තිබෙනවා. බොහෝ අවස්ථා වලදී බිත්තර සුදු මද ආලේප කිරීමෙන් ආසාත්මිකතාවයන්, සැල්මොනෙල්ලා ආසාදනයන් සහ සමේ විවිධ ගැටලුකාරී ප්‍රතික්‍රියාවන් අත් විඳීමට සිදුවිය හැකියි. එසේම ඔබේ සමේ දැනටමත් කුඩා තුවාලයක් හෝ කැපුමක් තිබෙනවා නම් එම ස්ථානයේ ද්විතීක ආසාදනයන් ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

2.දෙහි/ලෙමන් යුෂ

ලෙමන් යුෂ මගින් සමට විවිධ ප්‍රතිලාභ ලබාගත හැකි වුනත් එයින් ඇතිවිය හැකි අතුරු ආබාධ බොහොමයක් තිබිය හැකියි. ලෙමන් යුෂ ආලේප කිරීමෙන් සමේ විවිධ ගැටලුකාරී තත්ත්ව ඉතා පහසුවෙන් හට ගත හැකි අතර දෙහි යුෂ ආලේප කර එළිමහනට යාමෙන් සමේ පිළිස්සුම් ඇතිවිය හැකියි.

3.ඇපල් සයිඩර් විනාකිරි

බොහෝ දෙනෙක් නිවසේදී සිදු කරන රූපලාවණ්‍ය ක්‍රියාවලීන් සඳහා ඇපල් සයිඩර් විනාකිරි බහුලව යොදා ගත්තත් එය භාවිතා කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුයි. ඇපල් සයිඩර් විනාකිරි සමේ ආලේප කිරීමෙන් සමේ දැවිල්ලක් හට ගැනීම වැනි සුළු ප්‍රතික්‍රියා වල සිට සම පිළිස්සී විඛාදනය වීම දක්වා බරපතළ අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකියි.

4.සීනි කැට

ඔබ වෙළඳ පොලෙන් මිලදී ගන්නා සීනි කැට සමට ඉතා රළු විය හැකි අතර එමගින් සමේ තුවාල සහ කැළැල් හටගත හැකියි. මෙහිදී අප විශේෂයෙන් සඳහන් කරන්නේ වෙළඳ පොලෙන් මිලදී ගන්නා මාස්ක් වර්ග ගැන නොව ඔබ නිවසේදී සකස් කරගන්නා සීනි මිශ්‍ර කළ ස්ක්‍රබ් වර්ග ගැනයි. මේ නිසා ඔබම සකස් කරගෙන නිතර භාවිතා කරන ස්ක්‍රබ් වර්ග සඳහා සාමාන්‍ය සීනි කැට යොදා ගැනීමෙන් වලකින්න.