Lanka Fashion

No 01 Online Fashion Magazine

කාන්තා ඔබේ තරුණ පෙනුම හැමදාමත් රැකගන්න රසවත් ආහාර 5ක්.

කාන්තා ඔබේ තරුණ පෙනුම රඳා පවතින ප්‍රධාන සාධකය වන්නේ තමන්ගේ පරම්පරාවේ ජාන. නමුත් ඊට අමතරව ශරීරයේ තරුණ පෙනුම ආරක්ෂා කර ගන්නත්, ආයුෂ වැඩි කරගන්නත් ආහාර රටාව සහ ආහාර වලට ඍජු බලපෑමක් කරන්න හැකියි. ඉතින් අපේ ශරීරයේ තරුණ පෙනුම ආරක්ෂා කරගන්න රසවත් ආහාර 5ක් මෙන්න.

1.අලිපේර

දවසකට එක අලිපේර ගෙඩියකින් ශරීරයේ කොලොස්ටරෝල් මට්ටම අඩු වෙනවා වගේම සම ප්‍රතිස්තාපනය කරන්නත් දායක වෙනවා. අලිපේර වල විටමින් සී, ෆෝලික් ඇසිඩ්, පොටෑසියම් මෙන්ම ප්‍රතිඔක්සිකරකද රාශියක් අඩංගු වෙනවා.

2.කැරට්

බෙටා කැරොටීන් අපේ ශරීරය තුලදී විටමින් ඒ බවට පත් වෙනවා. විටමින් ඒ මගින් ඇස් පෙනීම දියුණු වෙනවා. එමෙන්ම හිරු එළියේ අහිතකර කිරණ වලට නිරාවරණය වීමෙන් ඇති වන සමේ වයස්ගත වීමද පාලනය කරනවා.‌නමුත් කැරට් ඕනවට පිසීමෙන් එහි ඇති පෝෂ්‍යපදාර්ථ වලට හානි වෙනවා එම නිසා කැරට් හැකි තාක් අඩුවෙන් තම්බා ආහරයට ගන්න.

3.පැඟිරි පළතුරු

පැඟිරි පළතුරු වල විටමින් සී සහ ෆෝලික් ඇසිඩ් ඉහල අනුපාත වලින් අඩංගු වෙනවා. මේවා මගින් රුධිරයේ කොලොස්ටරෝල් සහ යූරික් ඇසිඩ් පාලනය කරනවා. ඔබ දිනපතා මේ පළතුරු ආහාරයට ගතහොත් ඒ මගින් රුධිර සංසරණයේ ඇති ගැටලු, හදවත් ගැටලු මෙන්ම සන්ධි වේදනාවන් ඇති කරන රක්තවාතය වැනි රෝග තත්වයනුත් පාලනය වෙනවා.හිස්බඩ දෙහි, දොඩම් ආදී පැඟිරි පළතුරු වල යුෂ පානය කිරීමෙන් මහා අන්ත්‍රය පිරිසිදු වෙනවා වගේම ශරීරයෙ විෂ ඉවත් කරනවා. ඒ වගේම ඔබේ ශරීරය මේ පළතුරු වල අඩංගු පෝෂ පදාර්ථ ජීරැනය කරගැනීමෙන් ඔබේ පෙනුව දීප්තිමත් සහ නිරෝගි වෙනවා.

4.තක්කාලි

තක්කාලි රසවත් වගේම ගුණවත් පළතුරක්. තක්කාලි වල විටමින් සී සහ ඒ, ෆෝලික් ඇසිඩ් වගේම තවත් පෝෂක රැසක් අඩංගුයි.ඉදුණු තක්කාලි වල රතු පැහැය ඇති කරන ලයිකොපීන් කියන ප්‍රති ඔක්සිකාරකය, රතු වයින් වල අඩංගු රෙස්වරැට්‍රෝල් නම් ඔක්සිකාරකය මෙන් 14 ගුණයක් ක්‍රියාකාරියි.පාරජම්බුල කිරණවලින් සම ආරක්ෂා කරන අතරම හෘද වාහිනී පිරිහීම සහ බෝවන රෝග වැළැක්වීමට ද විශාල බලපෑමක් ඇති කරනවා. තක්කාලි පිසින විට සහ ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කරන්නේ නම් ලයිකොපීන් අවශෝෂණය කර ගැනීම පහසුයි.

5.මේද මාලු

සැමන්, ටූනා, ඇන්කොවිස් සහ ටර්බෝට් වැනි තෙල් සහිත මාළු ඔමේගා 3 මේද අම්ල වල හොඳ ප්‍රභවයක් වන අතර එය සෛල පුනර්ජීවනයට සහ කොලෙස්ටරෝල් අඩු මට්ටමක තබා ගැනීමට උපකාරී වෙනවා.

6.කහ

මේ දවස් වල හොයාගන්න ඉතාම අමාරු වුණත් පිළිකා වැළැක්වීමට සටන් කිරීම, ආහාර ජීර්ණය පහසු කරවීම සහ වේදනා නාශක ගුණ නිසා, කහ ලෝකය පුරාම මේ වන විට කුළුබඩුවක් ලෙස ඉතාම ප්‍රසිද්ධයි. කහ වලින් ඔබේ ශක්තිය වැඩි කරන්වා, වියපත් වීම පාලනය කරනවා වගේම මානසික සුවය ද වඩවනවා.