Lanka Fashion

No 01 Online Fashion Magazine

කෘතිම සුදුවීම සහ ස්වාභාවික සුන්දර පැහැපත්බව

නෙත්සිත් වසග කරවන ඉතා ආකර්ෂණීය සුන්දර පෙනුමක් ලබාගැනීම අප කාගෙත් සිහිනයකි.සුන්දර පෙනුමකට අත්‍යවශ්‍යයෙන්ම බලපාන මූලිකම දෙය වන්නෙ අපගෙ ‘සමයි’.බොහොමයක් යුවතියන්ගේ ඒකායන අරමුණක් වන්නෙ ලප කැලැල් වලින් තොරව දිදුලන පැහැපත් සුසිනිදු සමක් ලබා ගැනීමයි. මේ හේතුව නිසාම වංචනික ලෙස වෙළදාම් සිදු කරන අයට රැවටී විවිධ රසායනයන් අඩංගු කෘතිම දේවල් භාවිතා කොට ස්වාභාවික ලස්සන නැති කරගෙන විවිධ අතුරු ආබාධ වලට මුහුණ දී ඇති අයුරු අප කොතෙකුත් දැක ඇත.ඒ වෙනුවට ස්වභාවික සත්කාර මගින් සම අතුරු ආබාධ වලින් තොරව ස්ථිර ලෙසම පැහැපත් බවක් ලබාගත හැකිය.

අපෙ සම ගැන ටිකක් දැනගමු.

සම කියන්නෙ අපෙ ශරීරයේ විශාලතම ඉන්ද්‍රියය කියන්න ඔබ දන්නවාද ? සම මගින් අපෙ ශරීරයේ අභ්‍යන්තර කොටස් වලට මනා ආරක්ෂාවක් ලබා දෙනවා.ඒ වගේම පීඩනයන් හදුනා ගනිමින්,ජල පරිවාරකයක් ලෙස ක්‍රියා කරමින් ශරීර අභ්‍යන්තරයට ජල කාන්දුවීම් වලකනවා.යුවතියන්ගේ සුන්දරත්වය මනින පංච කල්‍යාණයන්ගෙන් ප්‍රධානම ස්ථානය හිමිව ඇත්තේද සමටය.සම විවිධාකාර වර්ණයන්ගෙන් යුක්ත වෙනවා.එය රටකින් රටකට කලාපයකින් කලාපයකට වෙනස් වනවා.සමේ වර්ණයට බලපානුයේ මෙලනින් නම් වර්ණකයයි.මෙලනින් අවම නම් තරමක් ලා පැහැති සමේ සිට මෙලනින් වැඩි නම් තද දුඹුරු දක්වා වැඩි වේ.සමේ මෙලනින් මගින් අව් රශ්මියෙන් සම ආරක්ෂා කරන අතර ශ්‍රී ලංකාව වැනි අව් රශ්මිය තද රටවල අයගෙ මෙලනින් වැඩිව සම තරමක් තද පැහැති වේ.

සුදු සමක් වෙනුවෙන් බොහෝ යුවතියන්

සුදු වීම සදහා විවිධ දේශීය විදේශීය අනුමැතිය නොලත් සමාගම් වල ආලේපන ද්‍රව්‍යන් බ්ලීචින් වැනි අහිතකර රසායනයන් අන්තර්ගත කොට ලාබදායී ලෙස පෙන්වමින් වංචනික ලෙස විකීණීම සිදු කරයි.ආලේපන පමණක් නොව සුදු වීමට විවිධ එන්නත් ක්‍රම,ලේසර් ප්‍රතිකර්ම, විශේෂයෙන්ම පෙති වර්ග ගැනීමට අද බොහෝ කාන්තාවන් පෙලඹී සිටිනවා.එමෙන්ම තොල් විශාල කරගැනීමට,පපු පෙදෙස,පසු පෙදෙස විශාල කරගැනීම වැනි ශල්‍ය කර්මයන්ද නිසි ප්‍රමිතියකින් තොරව සිදු කරගැනීම කණගාටුවට කරුණකි.

ලැබෙන භයානක ප්‍රතිඵල

මෙවැනි මෙලනින් වර්ධනය අඩාල කරවන සත්කාර කිරීම මගින් සමට ලැබිය යුතු නිසි ආරක්ෂාව නොලැබී යන නිසා සම අපද්‍රව්‍ය වලට නිරාවරණය වීම,අහිතකර සූර්‍ය කිර්ණයන්ට ආවරණය මගින් සමෙහි ගැටලු ඇතිවීම නිරන්තරයෙන් ම සිදු වීම වනවා.තවද මේවායේ බ්ලීචින්,රසදිය වැනි අහිතකර රසායනයන් අඩංගු නිසා පිලිකා ඇතිවීමද විය හැක.තවද කාලයත් සමග වකුගඩු රෝග,ස්නායු ආබාධ,මානසික ආතතිය වැනි තත්ත්වන් ඇතිවිය හැක.ගර්භණී මවක් නම් දරුවාටද බලපෑම් එල්ල විය හැක. මේ ආකාරයෙන් හුදෙක් සුදු වීමට වඩා පැහැපත් සමක් ඉතාමත් ආකර්ෂණීයයි.පැහැපත් සමක් යනු සුදු පැහැති සමක් නොවේ.එය ඉතා පැහැදිලි දිදුලන රත්‍රන් පැහැයට හුරු එකකි. ශ්‍රී ලංකාව වැනි රටවල අයට තලෙළු සමක් හිමි අතර ස්වාභාවික සත්කාර මගින් පැහැපත් කරගත හැකිය. සම නීරෝගි නම් එය ඉබේම ආකර්ෂණීය වේ.

පැහැපත් සමක් ලබාගැනීමට

• දිනකට පිරිසිදු ජලය ලීටර් 8ක් පානය කරන්න.• කෘතිම බීම , අධික තෙල් ,පිටි, සීනී ,ලුණු ආහාරයට නොගෙන පලතුරු එළවළු ගැනීමට වගබලා ගන්න.• තද පැහැති එළවළු ආහාරයට ගන්න.• කහ පැහැති පළතුරු ආහාරයට ගැනීමෙන් විටමින් C ලැබීම.• විටමින් B අඩංගු ඇට වර්ග,මුහුදු මාළු,බිත්තර් ගන්න.• සමේ කොලැජන් ප්‍රතිශතය ඉහල නංවන vitamin C,proline,glycine ,copper අඩංගු ආහාර නිතර භාවිතයට එකකර ගන්න.• දිනකට අවම පැය 6ක නින්දක් ලබාගන්න.• දිනකට අවම විනාඩි 30ක් ව්‍යායාම්/යෝගා අභ්‍යාස සිදු කරන්න.• සම සෝදා පිරිසිදුව තබාගන්න.• සමට නිරාවරණය වීමට පෙර sun block ආලේපනයක් ගල්වන්න.මේ දේවල් නිවරදිව පිලිපදිමින් තව තවත් සොබා දහමට ලං වෙමින් රූපලාවණ්‍යය රහස් වැඩියෙන් අත්විදින්න.