Lanka Fashion

No 01 Online Fashion Magazine

කොණ්ඩය කලර් කල පසු ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු.

අදවන විට හිසකෙස් වර්ණ ගැන්වීම ප්‍රචලිත විලාසිතාවක් බවට පත්ව තිබේ.එය ඔබේ පෞරුෂයට බෙහෙවින් වැදගත්වන දෙයකි.හිසකෙස් වර්ණ ගැන්වීම ඉතා අවබෝධයෙන් කළ යුතුවේ.එහිදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක් තිබේ.

හිසකෙස් වර්ණ ගැන්වීමෙන් අනතුරුව එය සෝදා හැරීම සිදුකළ යුතු වන්නේ දින තුනක් ගතවු පසුය.ඊට හේතුව වන්නේ කෙස්වල වර්ණ ආලේප කිරීම මගින් කියුටිකල් ස්ථරය විවෘත වීමය.වර්ණ ගැන්වීම කළ පසු එම ස්ථරය වැසීමට දින තුනක් ගතවේ.දින තුනක් ගත වීමට පෙර ෂැම්පු යොදා සේදීම මගින් එම වර්ණ සේදී ඉවත්වේ.ඒනිසාම දින තුනක් ගතවන තුරු හිසකෙස් නොසෝදා සිටීම අනිවාර්ය වේ.මෙමගින් කෙස්වල ආලේප කළ වර්ණයන් දිගු කාලයක් හොදින් පවත්වාගත හැකිවේ.

සල්ෆේට් රහිත ෂැම්පු හා කන්ඩිෂනර් භාවිත කරන්න.

මෙවැනි ෂැම්පු භාවිතා කිරීම මගින් ඔබගේ හිසකෙස්වල ඇති තෙතමනය, ස්භාවික තෙල් ගතිය ඉවත්වගොස්
හිසකෙස් ගැලවී යාම සිදුවේ.

උණුසුම් ජලය භාවිතා නොකරන්න.

කෙස් වර්ණ ගැන්වීමෙන් පසු උණුසුම් ජලය භාවිතා කිරීම නොකළ යුතුය.උණුසුම් ජලය භාවිතා කිරීම මගින්
ආලේපිත වර්ණ සේදී යාම සිදුවේ.ඒ නිසා ෂැම්පු කිරීමේදී මෙන්ම කන්ඩිෂනර් කිරීමේදී සාමාන්‍ය ජලය භාවිතා කරන්න.එය ඔබ ගැල්වු ආලේපය ආරක්ෂා කිරීම සඳහා වඩාත් සුදුසු ක්‍රමයකි.

Hair Mask එකක් කොණ්ඩය සදහා භාවිතා කරන්න.

ඔබේ දෛනික කටයුතු අතරතුරේදී Hair Mask එකක් දාන්න. එයින් ඔබේ කෙස් වඩාත් හොඳින් පෙනෙන ආකාරයට සකසා ගත හැකිය.

පිහිනුම් තටාක භාවිතයේදී හිසකෙස් ආවරණය කර ගැනීම මගින් තවදුරටත් ඔබගේ වර්ණ ගැන්වූ හිසකෙස් ආරක්ෂා කරගත හැකිය.

තවද වර්ණ ගැන්වු හිස කෙස් ක්ලෝරීන් සහිත ජලයෙන් සේදීම නොකළ යුතුය.එමගින් හිස කෙස්වලට වන හානිය වැඩිය. එසේ වීමෙන් හිස කෙස් ගැලවී යා හැකිය.

වර්ණ ගැන්වූ හිසකෙස් ඔබට අයන් කිරීමට අවැසි නම් එහිදී ඔබ අනිවාර්යයෙන්ම හෙයාර් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ (Hair Protection Spray) භාවිත කිරීම කළ යුතුම දෙයකි.

වර්ණ ගැන්වු ආලේපන වර්ගයෙන්ම නිශ්පාදනය කළ ෂැම්පු ,කන්ඩිෂනර් භාවිත කිරීම වඩාත් ගුණදායක ප්‍රතිඵල ලබාගැනීම සඳහා හේතුවේ.

හිසකෙස් වර්ණ ගැන්වූ පසු ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වේ නම් ඔබගේ හිසකෙස් මෙන්ම එහි ගැන්වූ වර්ණය ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.