Lanka Fashion

No 01 Online Fashion Magazine

නිරෝගී ශක්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමට කරපිංචා භාවිතයෙන් සරල අත්බෙහෙතක්.

කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින්, කේශ වැටීම වලක්වයි.හිස කෙස් මුල් ප්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලූත්වැඩියා කර ශක්තිමත් කරයි.

කරපිංචා ෂැම්පු

කරපිංචා කොළ කෝප්ප භාගයක්,වතුර කෝප්පයක් සපයාගන්න.විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න.කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න.මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න.සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.

කරපිංචා තෙල්

පොල් තෙල් කෝප්ප ½,කරපිංචා කොළ 7-8 ගන්න.කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලූපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.
මීට අමතරව කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.