Lanka Fashion

No 01 Online Fashion Magazine

පාදවල දුර්ගන්ධය නැති කිරීමට සරල පිළියම් 5ක්.

අධික ලෙස දහදිය දැමීම නිසා ඇති වන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා සිරුරේ පවතින ස්වභාවික සුවඳ දුර්ගන්ධයක් බවට පත්වීම සිදුවෙනවා.විශේෂයෙන්ම කකුල් වල දහඩිය එක් ‍රැස් වීමෙන් ඒ ආශ්‍රිතව බැක්ටිරියා වර්ධනය වී ඇතිවන දුර්ගන්ධය ඉතා පිළිකුල් සහගත වෙනවා. මේ තත්වය නිසා ඔබ අන් අය ඉදිරියේ අපහසුතාවන්ට පවා ලක්වෙනවා. කකුල් වල දහදිය දුර්ගන්ධය ඇතිවිම වළක්වාගත හැකි පිළියම් ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්නේ..

  1. කකුල් වල සනීපාරක්ෂාව ගැන සැළකිලිමත්වන්න.

දිනකට එක් වතාවක් හෝ ඔබේ කකුල් විෂබීජ නාශක සබන් ගල්වා සෝදාගන්න.නියපොතු කපා කෙටි කර නිතිපතා පිරිසිදුව තබාගන්න.සේදීමෙන් පසු තෙතමනය ඉවත්වන තුරු කකුල් හොඳින් වේලාගන්න.ඇඟිලි අතරමැද කොටස් කෙරෙහි විශේෂයෙන් සැළකිලිමත්වන්න.

  1. නිතිපතා කකුලේ මැරුණු සම ඉවත්කරන්න.

ඝනකම්, රළු සම පෙඟුණු විට වඩාත් මෘදු මොළොක් වෙයි. එවිට ඒවා පහසුවෙන්ම බැක්ටීරියා වර්ධනයට හිතකර පරිසරයක් බවට පත්වේ.කකුල් සේදීමෙදී පමිස් ගලක් ආධාරයෙන්, පීරක් හෝ ස්ක්‍රබ් වර්ගයක් භාවිත කරමින් කකුල් අතුල්ලා ඒවා ඉවත්කරගන්න. තෙත සම බැක්ටීරියා වර්ධනයට ‍තෝතැන්නක් බැවින් කකුල් නිතර වියළිව තබාගන්න. ස්නානය කිරීමෙන්, පිහිනීමෙන්, පාද සත්කාර කිරීමෙන් හෝ සේදීමෙන් පසු සැමවිට නිසි ලෙස වියළාගන්න.දහවල් කාලයේදී ඔබේ දෙපතුල් අධික ලෙස තෙත් වන බවක් දැකිය හැකි බම්, අමතර මේස් කුට්ටමක් ඔබ සතුව තබාගන්න. අවශ්‍ය විට මේස් මාරුකරන්න. එක දිගට එකම මේස් කුට්ටම දැමීමෙන් වළකින්න.

  1. සැම විටම කකුල් වියළිව තබාගන්න.

ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකසා ඇති සපත්තු සහ මේස් නිෂ්පාදන භාවිතා කරන්න. කකුල් වල තෙතමනය වාෂ්ප වීමට අවශ්‍ය අවකාශය ඒවායේ ඇත.නයිලෝන් වැනි කෘතිම අමුද්‍රව්‍ය මඟින් සිදුවන්නේ තෙතමනය ඉවතට යාමට සැලැස්වීම නොව එතුළම සිරවීමයි.

4. සුදුසු මේස් හා පාවහන් යුගලක් ‍තෝරාගන්න.

එකම පාවහන් කුට්ටම නැවත භාවිතයට පෙර ඒවායේ තෙතමනය ඉවත් වි හොඳින් වියළෙන්නට හැරීම වැදගත්ය. ඒවායේ ඇතුලත අඩි ඉවතට ගෙන වේලාගැනීම වඩාත් සුදුසුයි. බැක්ටිරියා විනාශ වීම සඳහා විෂබීජනාශක දියරයක් පාවහන් තුළට ස්ප්‍රේ කරන්න.පිටත අධික උණුසුමක් පවතියි නම්, වාතාශ්‍රය ලැබී, කකුල් වියළිව පවතින විවෘත පාවහන් යුගලක් පලඳින්න.කකුලට තද පාවහන් පැලඳීමෙන් ඒවායේ තෙතමනය සිරවී, බැක්ටීරියා වේගයෙන් වර්ධනය වී දුර්ගන්ධය ඇතිකළ හැකිය.

  1. කකුල් වලට ඇන්ටිපර්ස්පිරන්ට් (antiperspirant) ගල්වන්න.

කිහිළි ප්‍රදේශයට මෙන්ම ඔබේ දෙපතුල් වලටද ඇන්ටිපර්ස්පිරන්ට් නිෂ්පාදනයක් ගැල්විය හැකියි.ඉන් ඉක්මනින් දුර්ගන්ධය දුරුකරගන්නට ඔබට හැකියි.මේ සඳහා ස්ප්‍රේ ආකාරයේ නිෂ්පාදනයක් ලඟ තබාගන්න.කකුල් සඳහාම සැකසූ ‘ෆුට් ඇන්ටිපර්ස්පිරන්ට්’ (foot antiperspirant)වර්ගයේ නිෂ්පාදන ද වෙළඳපොලේ ඇත.