Lanka Fashion

No 01 Online Fashion Magazine

පිග්මන්ටෙෂන් කැලැල් ඉවත් කරගැනීමට සරල ටිප්ස් 6ක්.

පිග්මන්ට් (වර්ණක) කැලැල් ඇතිවීම සඳහා පාරජම්බුල කිරණ, වයසට යාමේදි ඇතිවන ශාරීරික වෙනස්කම්, නිදන්ගත වකුගඩු සහ අක්මා රෝග, කුරුලෑ හටගැනීම් වල පසුකාලීන බලපෑම් තත්වයක් ලෙස, ගර්භණී බව, eczema (පණුකැවිලි දද), dermatitis (චර්මදාහය) වැනි චර්ම රෝග තත්වයන්, සිරුරේ හටගන්නා විටමින් අසමතුලිතතා සහ ආමාශයික-ආන්ත්‍රික මාර්ගයේ ඇති වන රෝග වැනි හේතු සාධක ‍රැසක් බලපෑ හැකියි. සමේ අධික මෙලනින් නිෂ්පාදනයක් ඇතිවීම හටගන්නා මෙම කැලැල් ස්වභාවයන් පිටතට පෙනීමට පටන්ගැනීම නිසා මුහුණේ සුන්දරත්වයට එය විශාල බාධාවක් වේ. නමුත් වාසනාවකට මෙන් ඒවා දුරු කරගත හැකි ක්‍රම පවතියි.සමේ අඳුරු කැලැල් ස්වභාවය ඉවත්කරගැනීම සඳහා උපකාරී වන ක්‍රම කිහිපයක් මෙන්න.

1.රතු ලූණු

රතු ලූණු වල සම පැහැපත් කරවන ගුණය අඩංගුය. අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ මෙම එළවළුවේ ඇති ගුණය මඟින් අධික පිග්මෙන්ටේෂන් තත්වයක් ඇතිවීමට බලපාන සෛල ක්‍රීයාකාරීත්වය අවහිර කරවන බවයි. මේවා භාවිතයෙන් පිගම්න්ට් තත්වය සුවපත් කරගත හැකි සරල ක්‍රමයකි:රතුලූණු ගෙඩියක් සිහින්ව කුඩාවට කපාගන්න.හිස් තේ බෑගයකට ඒවා දමාගන්න.මුහුණේ පිග්මන්ටේෂන් කැලැල් හටගෙන ඇති ස්ථාන වල මෙම බෑගය ආලේප කරන්න. ලූණු සාරය සම මත මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හරින්න.පසුව සම සෝදා පිරිසිදු කරගන්න.

2.යෝගට්

ලැක්ටික් අම්ල යනු හයිපර්පිග්මන්ටේෂන් ඇතුලු බොහෝ චර්ම රෝග වලට රසායනික ‘පීලින්’ ප්‍රතිකාරයක් සේ භාවිතා කල හැකි රසායනයක් බව විද්‍යාඥයින් විසින් පෙන්වා දේ. මේ සඳහා ස්වභාවික යෝගට් හෝ කිරි භාවිතා කල හැකියි.සමේ පිග්මන්ට් කැලැල් ඇති ස්ථාන වල කිරි හෝ යෝගට් සෘජුව ආලේප කරගන්න (කපු පුළුන් භාවිතයෙන්). ආලේපය මුහුණ මත මිනිත්තු කිහිපයක් තිබෙන්නර හැර මුහුණ සෝදා පිරිසිදු කරගන්න.පසුව, සමට මොයිෂ්චරයිසින් ක්‍රිම් ස්වල්පයක් ආලේප කරගන්න. මෙම සත්කාරය දිනකට දෙවරක් බැගින් සිදුකරන්න. උදෑසන සහ රාත්‍රී නින්දට පෙර සිදුකිරීම වඩාත් සුදුසුයි.

3.කෝමාරිකා

කෝමාරිකා යනු සමට ඉතා හිතකර ප්‍රතිලාභ ‍රැසක් ලබාදෙන ඖෂධීය ගුණයෙන් යුතු ශාකයකි. ඒවායේ අඩංගු අලොයින් /ඇලෝසින් නම් සක්‍රීය සංඝටක මඟින් කාලයත් සමඟ සමේ හටගෙන ඇති පිග්මන්ට් කැලැල් සුවපත් කිරීම සිදුකරයි. කෝමාරිකා ක්‍රීම් හෝ කෝමාරිකා මදය දිනපතා සමේ ආලේප කරන්න.

4.ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි වල අඩංගු ඇසිටික් අම්ල වල සමේ පිග්මන්ට් කැලැල් ඇතිවීමට එරෙහිව සම ආරක්ෂා කිරීම ගුණය ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙති. ඇසිටික් අම්ල මඟින් සම පැහැපත් වීම සිදුවේ. ඒවා ප්‍රති-ඔක්සිකාරක මෙන් ක්‍රියාකරමින් සමේ සෛල ආරක්ෂා කිරීම සිදුකරයි. නමුත්, මේවා භාවිතයේදි වඩාත් ප්‍රවේශම් වීමත් ඉතා වැදගත්ය. මුහුණේ ගැල්වීමට පෙර වැළමිටේ ආලේප කර ඉන් ඔබේ සමට ආසාත්මිකතා ඇති වේදැයි පරීක්ෂා කර බලන්න.ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය සම ප්‍රමාණ වලින් ගෙන එක බඳුනකට දමා මිශ්‍ර කරගන්න.මුහුණේ අඳුරු කැලැල් සහිත තැන් වල ආලේප කර මිනිත්තු 2-3 ක් පමණ තිබෙන්නට හරින්න.ඉන් අනතුරුව, ඇල් මැරුණු ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.මෙම සත්කාරය දිනකට දෙවරක් පමණ සිදුකරන්න.

5.විටමින් C බහුල ආහාර

චර්මරෝග විශේෂඥයින්ගේ අදහසට අනුව පිග්මන්ට් කැලැල් සඳහා ප්‍රතිකාර කිරීමේදි බාහිර මෙන්ම අභ්‍යන්තර පෝෂණය ගැනද සැලකිලිමත් විය යුතු බවයි. එනම් ක්‍රීම් හෝ මාස්ක් සත්කාර පමණක් ප්‍රමාණවත් නැත. ඔබේ ආහාර රටාව ද ඔබේ සමේ නිරෝගි බව කෙරෙහි බලපායි. සමේ නීරෝගි , නිකැළැල් බව පවත්වාගැනීම සඳහා විටමින් C බහුල ආහාර මඟින් ඉහළ දායකත්වයක් ලැබේ.විටමින් C බහුල ආහාර වර්ග පරිභෝජනය වැඩිකරන්න.

6.නෙල්ලි

නෙල්ලි යනු ඉතා ගුණදායි පලතුරකි. නෙල්ලි ගෙඩි වශයෙන් හෝ කුඩු වශයෙන් පරිභෝජනයට ගත හැකියි. දිනකට ඒවා තේ හැඳි එකක් බැගින් දෙවරක් ජලය සමඟ පානය කරන්න. ප්‍රධාන ආහාර වේලට මිනිත්තු 30-40 කට පමණ පසුව ඒවා පරිභෝජනයට ගැනීම වඩාත් සුදුසුයි.