Lanka Fashion

No 01 Online Fashion Magazine

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට ටිප්ස් 6ක්.

සාමාන්‍යයෙන් කාන්තා මුහුණක රෝම වැඩිපුර වැවීම සිදුවන්නේ පුරුෂ හෝර්මෝන ලෙස සැලකෙන ටෙස්ටොස්ටෙරෝන් වැනි ඇන්ඩ්‍රොජන් වර්ග ඉහළ මට්ටමකින් පිහිටීම නිසයි. ඒවායින් ඔබගේ සෞඛ්‍යයට හානියක් නැති වුනත් ඔබේ පෙනුමට ඉන් අවලස්සනක් එකතු වනවා යැයි සිතන නිසා ඇතැම් විට ඔබටත් මුහුනේ රෝම ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවයක් දැනිල ඇති. අපි ඔබට අද ඉදිරිපත් කරන්නේ ගෙදරදීම පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතයෙන් මුහුනෙ රෝම පහසුවෙන් ඉවත් කරගත හැකි ක්‍රම කිහිපයක්.

01.ඕට්ස්, මී පැණි හා දෙහි යුෂ.

අවශ්‍ය අමුද්‍රව්‍ය – පේස්ට් එකක් ආකාරයෙන් සාදා ගත් ඕට්ස් මේස හැඳි 1ක්, මී පැණි මේස හැදි 2ක්, දෙහි යුෂ මේස හැදි 2ක්.
ඕට්ස් සම කැසීම, රතුවීම වැනි තත්ත්වයන්ට වගේම සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමටත් උපකාරී වෙනවා. මී පැණි සහ දෙහි යුෂ සමඟ එකතු වූ විට එයින් මුහුණේ රෝම ඉවත් කිරීමටත් පුළුවන්. අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර සාදාගත් පේස්ට් එක මුහුණේ රෝම ඇති ස්ථානවල ආලේප කර මිනිත්තු 15කට පසු සෝදා හරින්න. මාසයකින් පමණ ඔබට ප්‍රතිඵල දැකගත හැකිවේවි.

02.සීනි දෙහි යුෂ හා ජලය.

අවශ්‍ය අමුද්‍රව්‍ය –සීනි කෝප්ප 1ක්, දෙහි යුෂ කෝප්ප 1/4ක්, ජලය කෝප්ප 1/4ක්.
මේ ක්‍රමය “ෂුගරින්ග්” යන නමින් ප්‍රසිද්ධයි. මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදු කිරීමේදී ඔබගේ රෝම වැවීම ක්‍රමයෙන් අඩුවී ගොස් නැතිවී යනවා. මේ අමුද්‍රව්‍ය තුන බඳුනකට දමා මිශ්‍රණය කර වෙන්නේ හෝ බඳුනේ ඇලෙන්නේ නැති ලෙස කලවම් කරමින් හොඳින් රත් කර ගන්න. අවසන් ප්‍රතිඵලය විය යුත්තේ රන්වන් පැහැ පැණි වැනි මිශ්‍රණයක්. භාවිතා කිරීමට පෙර එය හොඳින් නිවෙන්නට හරින්න. ඉන්පසු රෝම ඒවායේ රෝම කූප වලින් ගැලවී යන සේ මුහුණට ඇඟිලි වලින් තට්ටු කරන ඉරියව්වකින් මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න. මුහුණේ පමණක් නොවේ ඇඟේ රෝම ඇති ඕනෑම ස්ථානයක් සඳහා මෙය යොදාගත හැකියි. සති 4-6 වරක් මේ ක්‍රියාවලිය නැවත නැවත සිදු කරන්න.

03.පැපොල් සහ කිරි.

අවශ්‍ය අමුද්‍රව්‍ය – පල්පයක් වන ලෙස සාදාගත් පැපොල් කෝප්ප 1/2ක්‌, කිරි මේස හැඳි 1ක්‌.
පැපොල් වල රෝම ස්වාභාවිකව හැලී යාමට හේතු වන පැපේන් නම් එන්සයිමය අඩංගු වෙනවා. ඊට අමතරව කිරි වල අඩංගු ලැක්ටික් අම්ලය මගින් සමේ පිටත ස්ථරය ඉවත් කර වඩාත් මෘදු හා දීප්තිමත් සමක් ලබා දෙනවා. අමුද්‍රව්‍ය 2 හොඳින් මිශ්‍රකර උකු පේස්ට් එකක් සාදාගන්න. එය මුහුණේ ආලේප කර මිනිත්තු 15 කින් සෝදා හරින්න. මේ ක්‍රියාවලිය සතියකට වරක් සිදු කරන්න.

04.බිත්තර, සීනි, ඉරිඟු පිටි.

අවශ්‍ය අමුද්‍රව්‍ය – බිත්තර 1ක්‌, සීනි mesa හැඳි 1ක්‌, ඉරිඟු පිටි (Corn flour) මේස හැඳි 1/2ක්‌.
මේ අමුද්‍රව්‍ය තුන මිශ්‍ර කළ විට මුහුණේ ආලේප කොට පසුව ස්ථරයක් දෙස ගලවා දැමිය හැකි මාස්ක් එකක් (peel-off mask) ඔබට ලබාගන්න පුළුවන්. ඔබේ සමේ පැහැය වැඩි දියුණු කර මුහුණේ රෝම ඉවත් කළ හැකි ලෙස තුනී ස්ථරයක් නිර්මාණය කෙරෙන නිසා මෙහිදී බිත්තර සුදු මද අතිශයින් වැදගත්.

05.බාර්ලි, දෙහි යුෂ හා කිරි.

අවශ්‍ය අමුද්‍රව්‍ය – බාර්ලි පවුඩර් හැඳි 3ක්, කිරි හැඳි 3ක්, දෙහි යුෂ හැඳි 2ක්.
දෙහි යුෂ මඟින් සමේ සිදුරු වඩාත් තද කෙරෙන අතර බාර්ලි පවුඩර් මගින් සමේ මැරුණු සෛල ඉවත් කර ස්ක්‍රබ් කිරීමෙන් සමේ රෝම ඉවත් කිරිමත්, නැවත රෝම වර්ධනය වෙන වේගය අඩු කිරීමත්, සම මෘදු කිරීමත් සිදුවෙනවා.

06.දොඩම් සහ දෙහි.

අවශ්‍ය අමුද්‍රව්‍ය – වියලි දොඩම් ලෙල්ලක් (Dry orange peel), වියළි දෙහි ලෙල්ලක්.
මේ අමුද්‍රව්‍ය දෙකම ඔබට වෙළඳපොලේ කුඩු/පවුඩර් වශයෙන් මිලදී ගන්න තිබෙනවා. මේ දෙක හොඳින් මිශ්‍ර කොට උකු පේස්ට් එකක් සාදා ගන්න. මෙයින් ඔබගේ රෝම කූප බ්ලීච් කොට සමේ මැරුණු සෛල ඉවත් කෙරෙනවා. දොඩම් ලෙලි වලට සමේ තෙතමනය රඳා පවත්වා ගැනීමටත්, දිදුලන සමක් ලබා දීමටත්, කුරුලෑ හා ලප කැළැල් පාලනය කිරීමටත් හැකි සංඝටක තිබෙනවා. දෙහි වලට ඉතිරි රෝම බ්ලීච් කොට ලා පැහැති කිරීමට හැකියාව තිබෙනවා.