Lanka Fashion

No 01 Online Fashion Magazine

සුදු වෙලා ලස්සන වෙන්න කහ තේ බොන්න.

කහ කියන්නෙ අපිට නැතුවම බැරි මුළුතැන්ගෙයි කුළුබඩුවක්.කහ භූගත අල විදියට තමයි දකින්න ලැබෙන්නෙ.අපි පිසින ආහාර වර්ණවත් කරගන්න වගේම රසවත් කරගන්නත් යොදාගන්න මේ කහ කියන්නෙ ඉතා විශිෂ්ඨ ගුණ රැසක් තියෙන ආයුර්වේද ඖෂධයක් කිව්වොත් නිවැරදියි.එය ඉතා හොද ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වෙනවා.කහ වල අඩංගු curcumin සංයෝගය මගින් ඊට ආවේණික පැහැය සහ ප්‍රතිලාභයන් ලබා දීම සිදු කරනවා.ඈත අතීතයෙ සිටම ඉන්දියාව තුල අතිශයින්ම ජනප්‍රිය කහ,රූපලාවණ්‍යය සහ ආයුර්වේදය සදහා බහුලවම යොදාගෙන තියෙනවා.ඒ වගේම විශේෂයෙන්ම ඉන්දියාවෙ කහ වලින් සාදා ගන්නා තේ පානය ඉතාමත් ජනප්‍රියයි ඒ මගින් විශේෂ රූපලාවණ්‍යය වගේම සෞඛ්‍ය වාසි රැසක් අත් කරගන්නට පුලුවන් වෙනවා.අපි බලමු මේ වාසින් එකින් එක.

(1) ආතරයිටිස් රෝගීනට ගුණදායක වේ.

කහ තේ වල ප්‍රබල ලෙසම ප්‍රති ගිනිඇවිලීමේ ගුණයක් ( anti-inflammatory) ඇත.එමගින් ආතරයිටිස් රෝගීන්ගෙ දැවිල්ල සහ ඉදිමුම අඩු කිරීමට උපකාරී වේ.බොහෝ වේදනාවෙන් පෙලෙන ආතරයිටිස් රෝගීන් සදහා කහ තේ යනු කදිම ඔසුවකි.මෙලෙස වේදනාව අවම කිරීම සදහා උපකාරී වන්නෙ කහ වල අඩංගු curcumin ලෙස හදුන්වන ක්‍රියාකාරී සංයෝගයයි.

(2) ඇල්සයිමර් රෝගය වළකා ගැනීමට උපකාරී වේ.

ඇල්සයිමර් රෝගයට හේතුන් මොනවාද යන්න පිලිබදව තවමත් පර්‍යේෂන මට්ටමක පවතී.එහෙත් කහ වල අඩංගු curcumin සංයෝගය එය වළකා ගැනීමට උදව් වේ.ඇල්සයිමර් මගින් සිදුවන හානි ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අවම වේ.

(3) පිලිකා තත්වයන් වැලැක්වීමට උපකාරී වේ.

ප්‍රතිඔක්සිකාරක ගුණයන් සහ ප්‍රතිගිනිඇවිලීමේ ගුණය සහ අනෙකුත් ඖෂධීය ගුණාංගයන් අඩංගු කහ තේ පිලිකා වැලැක්වීම සදහා බෙහෙවින්ම දායක වේ.ජාතික පිලිකා ආයතනය විසින් සොයාගෙන ඇත්තෙ curcumin පිලිකාවට එරෙහිව කටයුතු කරන බවයි.මෙම සංයෝගය කහ තේ වල අඩංගු බැවින් පිලිකා වැලැක්වීම සදහා හොද ඔසුවකි.

(4) ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි.

අධ්‍යනයක් මගින් හෙලි වී ඇත්තෙ කහ මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවමින් නවීකරණය කරන බවය.

(5) කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කරයි.

කහ මගින් කොලෙස්ටෙරෝල් මට්ටම,හෘද රෝග වැලදීමේ අවදානම සහ ආඝාතය වැනි තත්වයන් වැලකීම සහ අවදානම අවම වීම සිදුවේ.2008 වසරේදී සිදු කරන ලද අධ්‍යනයකින් හෙලි වී ඇත්තේ curcumin අවම මාත්‍රාවක් සමස්ත කොලෙස්ටෙරෝල් සමග සම්බන්ධ වන බවයි.

(6) මොලයෙ සෞඛ්‍යට හිතකර වේ.

Curcumin සංයෝගය මගින් ඇල්සයිමර් වැනි මොලයෙ ස්නායු විකෘතිතා සම්බන්ධ මොලයෙ ක්‍රියාකාරිත්වය බාල වීම්, මන්දගාමී වීම් වලකා ගත හැකිය.මානසික අවපීඩනයට දිව ඔසුවකි.මානසික ආතතිය සහිත අවස්ථාවකදී උණුසුම් කහ තේ පානයක් ගත හැකි නම් ඔබට වඩාත් හොද සහනයක් ලබාගත හැකිය.ඒ වගේම සුවබර නින්දක් ලබා ගැනීමටද මහත් සේ උපකාරී වෙනවා.

(7) සම පැහැපත් කරගැනීමට.

ඉන්දියානු කාන්තාවන් ඔවුන්ගෙ සම රන්වන් පැහැයට හුරුවට ඉතා දීප්තිමත් ලෙස තබාගැනීමට ජනප්‍රිය පානයක් ලෙස කහ තේ භාවිතා කරනවා.රුධිරය පිරිසිදු කරමින් සමට දීප්තිමත් බවක් ලබා දෙයි.කැලැල් මැකීමට උපකාරී වේ.සමට කහ පැහැයට හුරු පැහැපත් බවක් ලබා දීම සිදු කරයි.

දැන් බලමු කොහොමද කහ තේ පානයක් සකසා කරගන්නෙ කියලා .

• උණු වතුර කෝප්පයක්
• කහ තේ හැන්දක්

උණු වතුර කෝප්පයකට කහ තේ හැන්දක ප්‍රමාණයක් එක කර මිනිත්තු 10ක් පමණ වසා තබන්න.පසුව අවශ්‍ය නම් මී පැණි බින්දු කිහිපයක් සමග ලෙමන් බින්දු කිහිපයක් දමා පානය කරන්න.

ඔබට කහ තේ පානය දින තුනකට වරක් සවසට හෝ රාත්‍රි නින්දට පෙර ලබාගත හැක. නැතිනම් සතියකට වරක් ගත හැක.

අද බොහොමයක් අය පුරුදු වී සිටින්නෙ වෙළදපලේ විවිධ නම් යටතෙ පවතින පාන වර්ග මිලදී ගන්න . ඒ වුනාට මේ වගෙ ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි පානයන් ගැනීමෙන් නොමිලයේම සෞඛ්‍ය වාසින් රැසක් ලබාගන්න පුලුවන්.