Lanka Fashion

No 01 Online Fashion Magazine

සුන්දර රූ සපුවකට ආයුර්වේද ප්‍රතිකාර 8ක්.

කුඩා අවදියේ සිට ජීවිතය තිබෙන තුරාවට රුවැති බව රැකගැනීම සඳහා මෙන්ම සමෙහි පැහැපත් බව රැකගැනීම සඳහා ආයුර්වේද රූපලාවණ්‍ය ක්‍රම බොහෝ වැදගත් වේ. රුව සම්පත ගැන උනන්දුවක් දක්වන අපේ ලලනාවන් දැන් වැඩි වැඩියෙන් රූප ශ්‍රියාව වර්ධනය කර ගැනීමට අපේ පැරණි කාන්තාවන් යොදාගත් ඖෂධීය ශාකසාර ආලේපන පිළිබඳව උනන්දු වන බැව් පෙනේ.මෙය කෙතරම් සැළකිය යුතු තත්ත්වයක් ද යත් අද වෙළෙඳපොළේ වඩාත්ම අලෙව් වන්නේ ද එවන් සබඳතාවක් සහිත රුව වඩන නිපැයුම්ය.

1.කලු ලප ඉවත් කර ගැනීම සඳහා..

තල තෙල් තේ හැඳි දෙකක් ඔලිව් තෙල් තේ හැන්ඳක්, ආමන්ඩ් තෙල් තේ හැන්දක් සමඟ මිශ්‍ර කර හොඳින් සමේ ආලේප කර සෝදන්න.බෝරැක්ස් කුඩු තේ හැන්ඳක් රෝස වතුර කෝප්පයකට රත් වූ ඔලිව් තෙල් මේස හැඳි දෙකක් සමඟ මිශ්‍ර කරන්න. නිවෙන්න තබා ආලේප කර සෝදා හරින්න.

2.ඇස් යට කළුවීම වළක්වා ගැනීම සදහා..

තක්කාලි ගෙඩි බාගයකට ලෙමන් යුෂ ගෙඩි බාගයක් හා කහ ඇඟිලි තුඩට හසුවන ප්‍රමාණ කඩල පිටි වතුර කලවම් කර ඇස් වටා ඉතා මෘදුව ආලේප කරන්න. විනාඩි 20කට පසු ඉවත් කරන්න.ඇස් මතට ශීතකරණයේ තැබූ පිපිඤ්ඤා පෙති දෙකක් තබා මිනිත්තු 15 ක් පමණ සිට ඉවත් කරන්න.

3.කුරුලෑ සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය:පොඩි පිපිඤ්ඤා ගෙඩියක්,රෝස වතුර කෝප්ප 1/2 ½,උණු වතුර 11 කපුරු පෙති කිහිපයක්
සාදන ආකාරය:පිපිඤ්ඤා ගෙඩිය සියුම්ව ගා ගෙන එම ඉස්මට රෝස වතුර කෝප්ප 1/2 ක් දමා පිරිසිදුව උතුරවා නිවාගත් උණු වතුර කෝප්ප 1/2 ක් දමා කපුරු පෙති කීපයක් කුඩුකර දමා කුරුලෑවට උඩ පමණක් දවසට තුන් වතාවක් ගාන්න.

4.සමේ පැහැය වැඩි වීම සඳහා.

අවශ්‍ය ද්‍රව්‍ය:සුදු හඳුන් මේස හැඳි 02,ඇල් වතුර ස්වල්පයක්
සාදන ආකාරය:සුදු හඳුන් ඇල් දියෙන් ගල ගා ශරීරයේ ආලේප කර මිනිත්තු විස්සක් පමණ තබා පිරිසුදු ජලයෙන්සෝදා හරින්න.

5.දිදුලන සමක් ලබා ගැනීමට…

අවශ්‍ය ද්‍රව්‍ය:කොකුම් පොතු ස්වල්පයක්,වැල්මී ස්වල්පයක්,වද කහ මේස හැඳි 2,ඇල් ජලය ස්වල්පයක්
සාදන ආකාරය:කොකුම් පොතු,වැල්මී, වදකහ ඇල් දියෙන් මිශ්‍ර කර ගාන්න. සම පැහැපත් වේවි.

6.දත්වල කහ පැහැය ඉවත් කිරීම සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය:කහ කුඩු මේස හැඳි දෙකක්,පොල් තෙල් මේස හැන්දක්, පෙපර්මින්ට් තෙල් ස්වල්පයක්
සාදන ආකාරය:පොල්තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොඳින් මිශ්‍ර ක ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොඳින් මිශ්‍ර කර ගන්න. පෙපර්මින්ට් තෙල යොදන්නේ මින්ට් රසයක් ගැනීමටයි. මෙය අත්‍යවශ්‍යම නැත.ඉන්පසු ඔබේ දත් බුරුසුව වතුරින් තෙත් කර ගන්න. ඉන්පසු දත් බුරුසුව මෙම මිශ්‍රණයට තුළට යම් ප්‍රමාණයක් ගිල්ලවා නැව අරගෙන දත් මදින්න. හොඳින් දත් ටික මැදීමෙන් පසු විනාඩි 3-5 කට නොසෝදා සිටින්න. පසුව කට සෝදා හරින්න, නැව් හොඳින් මිශ්‍ර කිරීමෙන් පසු ඔබේ බුරුසුවේ තවරාගෙන දත් මදින්න.

7.දුර්වර්ණ සම පැහැපත් කිරීමට…

අවශ්‍ය ද්‍රව්‍ය:කොහොඹ කොළ යුෂ මේස හැඳි 02,කස්තුරි කහ මේස හැඳි 02,කිරි පිටි මේස හැඳි 01
සාදන ආකාරය:කොහොඹ කොළ කොටා එහි යුෂ මේස හැඳි 2 ක් ගන් එයට කස්තුරි කහ මේස හැඳි 2ක්, මී පැණි මේස හැන්දක් කිරිපිටි මේස හැන්දක් මිශ්‍ර කර තලපයක් සේ සාදාගන්න. ද ඔබේ සිරුරේ අඳුරු ස්ථානවල ආලේප කර විනාඩි 20 දී පසුව සෝදා දමන්න.

8.නිරෝගිමත් කෙස් කළඹකට…

නෑමට පැයකට කලින් හිසට තෙල් දැමීම, ගෙදර සිඳගත් පොල්තෙල්, ත්‍රිපලා තෙල් ගල්වන්න. නමුත් සෙම තත්ත්වය අනුව අනෙකුත් තෙල් භාවිත කළ යුතුය.නිරන්තරයෙන් දිනකට එක් වතාවක් හෝ හිස මෘදු සම්භාහනය කරන්න.ගෙදරදීම සාදාගත් ෂැම්පු භාවිතය (කඩල පිටි කිලෝ 1 සුදු හඳුන් කුඩු ග්‍රෑම් 250 කොහොඹ කොළ කුඩු කෝප 4-5 මිශ්‍ර කර අරන් තියා ගන්න. අවශ්‍ය විට මේස හැඳි දෙකක් ගෙන එය වතුර කෝප්පයක් සමඟ මිශ්‍ර කර හිසෙහි ගල්වා සෝදා හරින්න.