Lanka Fashion

No 01 Online Fashion Magazine

හිසකෙස් නිරෝගී කරන බයෝටින් අඩංගු රසවත් ආහාර 7ක්.

බයෝටින් යනු B විටමින් වර්ගයකි. එය විටමින් B7 (හෝ විටමින් H) ලෙසද හඳුන්වන අතර ආහාර ශක්තිය බවට පරිවර්තනය කරන B සංකීර්ණ විටමින් වලින් එකකි.ඔබේ මොළය, ඇස්, සම, හිසකෙස්, නියපොතු, අක්මාව සහ ස්නායු පද්ධතියේ සෞඛ්‍යයට බයෝටින් අත්‍යවශ්‍ය වේ. ගර්භණී සමයේදී එය වැදගත් වේ.මන්දයත් එය කලල වර්ධනයට සහාය වේ.අතිරේක බයෝටින් ලබා ගැනීම රුධිරයේ සීනි මට්ටම නියාමනය කරයි, හිසකෙස්, සම සහ නියපොතු වල සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි.එපමණක් නොව එය සහ ගර්භනී මව්වරුන්ට නිරෝගී දරුවන් ලැබීමට පවා උපකාරී වන බව නවතම පර්යේෂණ ප්‍රකාශ කර ඇත.මීට අමතරව, බයෝටින් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලියට සහය වන අතර රුධිරයේ සීනි මට්ටම සමතුලිත කරයි. එය හොඳ කොලෙස්ටරෝල් (HDL) මට්ටම වැඩි කරන බැවින් හදවත ද ආරක්ෂා කරයි.එසේම බයෝටීන්, මාංශ පේශි සෞඛ්‍යයට සහ අලුත්වැඩියාවට අත්‍යවශ්‍ය වේ.එබැවින් බයෝටීන් අන්තර්ගත ආහාර නිතර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමට ඔබ කටයුතු කළ යුතුය.බයෝටීන් (විටමින් B7) බහුල ආහාර කිහිපයක් මෙන්න.

1.බිත්තර

එක් සම්පූර්ණ පිසූ බිත්තරයක බයෝටින් මයික්‍රො ග්‍රෑම් 10 ක් අඩංගු වේ.එසේම බිත්තර යනු පුළුල් ඇමයිනෝ අම්ල පැතිකඩක් සහිත සම්පූර්ණ ප්‍රෝටීනයකි. ප්‍රෝටීන් මාංශ පේශි වර්ධනයට සහ ශක්තිය නිපදවීමට උපකාරී වේ.බිත්තර වල සින්ක්, අයඩින්, සෙලේනියම් සහ විටමින් A සහ D අන්තර්ගත වේ.එපමණක් නොව බිත්තර සෞඛ්‍ය සම්පන්න තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයට සහ සමස්ත අන්තරාසර්ග පද්ධතියට ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ වලින් ද පොහොසත් ය.

2.බතල

පිසූ බතල කෝප්ප භාගයක බයෝටින් මයික්‍රො ග්‍රෑම් 2.4 ක් අඩංගු වේ. බයෝටින් වලට අමතරව බතල බීටා-කැරොටින් වලින් ද පොහොසත් ය මෙය ඔබේ සමේ පෙනුම වැඩි දියුණු කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. බතලවල ඇති බීටා-කැරොටින් සහ අනෙකුත් කැරොටිනොයිඩ් ද නිරෝගී පෙනීම සඳහා වැදගත් වන අතර අක්ෂි පරිහානිය වැනි ආශ්‍රිත රෝග වළක්වයි.

3.නිවිති

නිවිති කියන්නෙත් බයෝටීන් වලින් පොහොසත් ආහාරයක්.ඒ වගේම නිවිති විටමින්, ඛනිජ ලවණ, තන්තු, සහ ක්ලෝරෝෆිල් වලින් පොහොසත් ය. එය විශේෂයෙන් යකඩ වලින් පොහොසත් ය. නිවිති වල ඇති ප්‍රතිඔක්සිකාරක ඔබව නිරෝගීව තබා ගැනීමටත්, වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමටත්, රෝග වලින් ආරක්ෂා වීමටත් උපකාරී වේ.එපමණක් නොව නිවිති යකඩ අවශෝෂණය වැඩි දියුණු කිරීමෙන් රක්තහීනතාවය වළක්වා ගැනීමට උපකාරී වේ.

4.කිරි

කිරි කෝප්පයක බයෝටින් මයික්‍රො ග්‍රෑම් 0.3ක් අඩංගු වේ. කිරි යනු නිරෝගී අස්ථි සහ දත් ගොඩනැගීමට උපකාරී වන කැල්සියම්, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණවල විශිෂ්ට ප්‍රභවයකි. එහි අඩංගු ප්‍රෝටීන් මාංශ පේශි ගොඩනැගීමට සහ පටක යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වන අතර පොටෑසියම් නිරෝගී රුධිර පීඩන මට්ටමක් පවත්වා ගනිමින් හදවත ආරක්ෂා කරයි.

5.යෝගට්

යෝගට් කෝප්පයක බයෝටින් මයික්‍රො ග්‍රෑම් 0.2 ක් අඩංගු වේ. යෝගට් ද කැල්සියම් වලින් පොහොසත් ය. තවද එහි හොඳ විටමින් D ප්‍රමාණයක් ද අන්තර්ගත වේ.

6.ඕට්ස්

ඕට්ස් කෝප්පයක බයෝටින් මයික්‍රො ග්‍රෑම් 0.2 ක් අඩංගු වේ. මෙයට දියවැඩියාව, තරබාරුකම සහ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය. එපමනක් නොව ඕට්ස් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහ හදවත ආරක්ෂා කිරීමට උපකාරී වේ.

7.කෙසෙල්

කෙසෙල් යනු බයෝටීන් වලින් පොහොසත් ප්‍රභවයකි.එපමණක් නොව කෙසෙල් වල ආහාර ජීර්ණ සෞඛ්‍යය සහ විධිමත් බව වැඩි දියුණු කරන තන්තු ද අඩංගු වේ.
ඉතින් නිතර බයෝටීන් අන්තර්ගත මෙම ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන්න.නැතහොත් බයෝටීන් ඌනතාවය ඇති විය හැකිය.