Lanka Fashion

No 01 Online Fashion Magazine

හිස්සොරි ඇතිවීමට බලපාන කවුරුත් නොසිතන හේතු 5ක්.

ලෝක ජනගහනයෙන් 50% ක් පමණම හිස්සොරි නිසා පිඩා විඳිනවා. බොහෝ විට මෙම තත්වය අවුරුදු 20-30 අතර වන වයස් සීමාවේ පසුවන්නන් තුල බහුලව හටගැනෙන තත්වයක්. හිස්සොරි නිසා හිසකබල වඩාත් වියළී යාම, හිසකෙස් ගැලවී යාම වැනි බලපෑම් ඇති විය හැකියි වගේම ඔබේ ආත්මාවිශ්වාසයටත් ඉන් බාධා මතුවීම සිදුවිය හැකියි. ඉතින් ඔබ අතින් සිදුවන මේ පුචි පුංචි වැරදි නිසා ඔබත් මෙම ගැටලුවට මුහුණ දෙනවා විය හැකියි.

1.කන්ඩිෂනර් භාවිතා නොකිරීම

හිසකෙස් ෂැම්පු කරගන්නා විට කුණු දුහුවිලි මෙන්ම හිසකෙස් වල ඇති ස්වභාවික තෙල් කොටස් ඉවත් වී යයි.මෙම තෙල් කොටස් වල කාර්ය කන්ඩිෂනර් භාවිතයෙන් සපුරාගත හැකියි. කන්ඩිෂනර් වල අඩංගු විටමින් සහ වෙනත් පෝෂක මඟින් හිසකෙස් වල වැඩි දීප්තියක් සහ ඝනකම් බවක් ලබාදෙමින් හිසකෙස් වියළී යාම වළක්වයි.

2.නිසියාකාරව හිසකෙස් සෝදා පිරිසිදු කර නොගැනීම

හිසකෙස් ෂැම්පු භාවිතයෙන් සේදීමේදී ඇතැම් විට ඒවා හිස්කබලේ ඉතිරි වි තිබිය හැකියි. එහිදී හිස්කබලේ ඉස්හොරි පොතු ස්වභාවය හටගැනිමට හොඳ පරිසරයක් නිර්මාණය වේ.හිස්ල්කබලේ අධික ලෙස කුණු දුහුවිලි සහ තෙල් ශ්‍රාවයන් තැන්පත්වි තිබීමෙන් මෙම Malassezia දිලීරය හිස්කබලේ අධික ලෙස වර්ධනය වීමට පටන්ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉස් හොරි වැඩි වීම සිදුවේ. ඉස් හොරි තත්වයේ බරපතලම අවධිය seborrheic dermatitis නම් අධික ඉස්හොරි තත්වයයි.

3.නිසි ලෙස හිසකෙස් පිරීම සිදු නොකිරීම

හිසකෙස් පීරීම මඟින් කුණු දූවිලි ඉවත්වීම, හිස්කබලේ මැරුණු සෛල ඉවත්විම සහ රුධිර සංසරණය වැඩිදියුණු වීමට උපකාරයක් ලැබේ. ඉස්හොරි ඇතිවීම වළක්වාගැනිමට දිනපතාම හිසකෙස් හොඳින් පීරාගන්න. දිනකට දෙවරක් එය සිදුකිරීම ප්‍රමාණවත්ය. ඕනැවට වඩා එය සිදුකිරීමත් උචිත නැත. ඉන් ඔබේ හිසකෙස් හැලියාම සිදුවිය හැකියි. හිසකබලට හානි වන සහ ඉදිමුමට ලක්වන ආකාරයේ දැඩි පනා/බුරුසු භාවිතා නොකරන්න.

4.භාවිතා කරන ෂැම්පු වර්ගය වෙනස් කර නොබැලීම/ඉස්හොරි සඳහා ඇති ෂැම්පු වර්ගයක් භාවිතා නොකිරීම

ඔබේ හිසකෙස් වලට ගැලපෙන ෂැම්පු වර්ගය ‍තෝරාගැනීමට ඔබට යම් කාලයක් ගත වේවි. වර්ග කිහිපයක් මාරු කරමින් භාවිතා කිරීමෙන් ඔබට පහසුවෙන් ඉස් හොරි ඇති වීම පාලනය කරගත හැකිය. ඉස් හොරි සඳහාම ඇති ෂැම්පු වර්ගයක්ම භාවිතා කල හැකි නම් එය වඩාත් සුදුසුයි.

5.SPF අගය ගැන සැලකිලිමත් නොවීම නිසා

හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරගැනීම වගේම හිරු කිරණින් කෙස් කලඹ ආරක්ෂා කරගැනිමත් කල යුතුයි. විශේෂයෙන්ම ඔබට ඇත්තේ කෙටි කොණ්ඩයක් නම් ඔබ මේ කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. හිස්කබල පිලිස්සී පහසුවෙන් පොතු ඉවත්වී යාමට පටන් ගත හැකි අතර ඉස් හොරි වර්ධනය වීම එහි ප්‍රතිඵලයයි. කොණ්ඩය කොට අයට හිස්කබල සඳහා සෘජුව සන්ස්ක්‍රීන් ආලේපයක් භාවිතා කල හැකියි. කොණ්ඩය දිගු අය සඳහා හිසකෙස් පාරජම්බුල කිරණින් හානි වීමෙන් වළකන විශේෂ styling cream වර්ගයක් හිසකෙස් වල ආලේප කල හැකියි.