Lanka Fashion

No 01 Online Fashion Magazine

අඳුරු පැහැති දණහිස් වල අඳුරු බව නැතිකිරීමට ටිප්ස් 5ක්.

දණහිස් අඳුරු පැහැති වීම කාන්තාවන් බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්. මේ නිසාම දණහිස ආවරණය නොවූ ඇඳුම් ඇඳීමට අකමැති වන කාන්තාවන්ද ඉන්නවා. මේ නිසා මෙම තත්ත්වය සමනය කර ගැනීමට කාන්තාවන් නොයෙක් ස්වභාවික සත්කාර මෙන්ම කෘතිම සත්කාරයන් ද භාවිතා කිරීම බහුලව සිදුකරනවා.ඉතින් දණහිස් කළුවීමට බලපාන හේතු ලෙස ස්ථුලතාවය,දණහිස මත සම මෘදු වීම හා එම අවයව වලින් වැඩි චලන ප්‍රමාණයක් සිදු කිරීම,ජානමය හේතු ,මැරුණු සෛල ඉවත් නොකිරීම, ශරීරයේ මෙලනින් වර්ධනය වීම, හිරු කිරණට නිරාවරණය වීම,හෝමෝන අසමතුලිතතාවය., විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම,සමේ යම් ස්ථානයකට රුධිරය සැපයීම අවම වීම හා එමගින් තෙල් ග්‍රන්ථි ක්‍රියා නොකිරීම,දණහිස් බිම් තබා නොයෙක් ක්‍රියාවන් සිදුකිරීම ආදීන් සැලකීමට හැකියි. ඉතින් අපි බලමු දණහිස් කළුවීම සමනය කිරීමට කළ හැකි ස්වභාවික සත්කාර මොනවාද කියා.

1.බේකින් සෝඩා

බේකින් සෝඩා භාවිතා කිරීම මගින් දණහිස්වල අවපැහැය සුවකර ගත හැකිය. බේකින් සෝඩා මේස හැඳි එකකට කිරි මේස හැදි එකක් මිශ්‍රකර දණහිස් මත ආලේප කර විනාඩි දෙකක් පමණ මෘදු ලෙස සම්බාහනය කර සිසිල් ජලයෙන් සෝදා හරින්න.එමගින් ඔබගේ දණහිස මැරුණු සෛල වලින් අවපැහැ වී ඇත්නම් එම මැරුණු සෛල ඉවත් කර දණහිස්වල පැහැය ලබාගත හැකිවේ.

2.කෝමාරිකා

කෝමාරිකා භාවිතා කිරීම මඟින් ද සමෙහි අඳුරු පැහැය සමනය කරගත හැකිය. කෝමාරිකා මදය සූරා දණහිස මත ආලේපකර විනාඩි විස්සක් පමණ තබා ඇල් වතුරෙන් සෝදා හරින්න. එනම් කොමරිකා ජෙල් මගින් සමෙහි වියළීම සමනය කර තෙතමනය රැක දී අඳුරු පැහැය සමනය කරයි.

3.ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි සමග ජලය මිශ්‍ර කර පුළුන් කැබැල්ලක් ගෙන එය එම ජලයෙහි ගිල්වා ගෙන දණහිස් මත විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න.

4.ලෙමන්

මැරුණු සම ඉවත් කිරීම සඳහා ලෙමන් යුෂ යනු ගුණදායක සත්කාරයකි. ඔබගේ දණහිස් අවපැහැ වීමට හේතු වූ මැරුණු සෛල ඇත්නම් ලෙමන් භාවිතා කිරීම මගින් එම මැරුණු සෛල ඉවත් කරගත හැකිය. එනම් මේ සඳහා ලෙමන් යුෂ දණහිස් මත ආලේප කර සම්පූර්ණ වියළී ගිය පසු වතුරෙන් සෝදා හැරිය යුතුය.

5.අර්තාපල්

අඳුරු වූ සම නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අර්තාපල් යුෂ වඩාත් ගුණදායකවේ. දණහිස් වල අවපැහැය ඉවත් කර ගැනීම සඳහා ද අර්තාපල් යුෂ භාවිතා කළ හැකිය.අර්තාපල් ගෙඩියක් සිහින්ව කපා එහි යුෂ ගෙන දණහිස් මත ආලේපකර විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න. මෙමගින් මැරුණු සම ඉවත් කර අවපැහැ වූ දණහිස් පැහැපත් කර ගත හැකිය.