Lanka Fashion

No 01 Online Fashion Magazine

අපේ සමට හානි කරන වැරදි පුරුදු 4ක්.

අප නොදැනුවත්ව සිදු කරන දේවල් නිසා නිරෝගි සමක් ලබා ගැනීමේ අපේ සිහිනයට බාධා විය හැකියි. එසේ වීමට හේතු කාරණා දැන ගැනීමට මෙම ලිපිය කියවන්න.

1.දිගු වේලාවක් ස්නානය කිරීම.

සීතල දිනයක උදෑසනට ප්‍රබෝධමත් වීම සඳහා දිගු වේලාවක් උණුසුම් වතුරෙන් ස්නානය කිරීම ඉතා හොඳ අදහසක් ලෙස දැනුනත් එය ඔබේ සමට හානිකර විය හැකියි. උණු වතුර මගින් සමේ තෙතමනය රඳා පවතින ආරක්ෂිත ස්ථරය විනාශ වී යා හැකි නිසා වයස්ගත වීමේ ක්‍රියාවලිය වේගවත් විය හැකියි. ඊට අමතරව වෙලාව ඉතුරු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබ ස්නානය කරන අතරතුර එයටම අල්ලා මුහුණ සෝදනවා නම් උණුසුමට ප්‍රසාරණය වීම හේතුවෙන් මුහුණේ ඇති කේශ නාලිකා වලට පවා හානි විය හැකියි.

2.උදෑසනට අවදි වූ වහාම කෝපි පානය කිරීම.

කෝපි වලින් ඔබේ සමටත් විවිධ ප්‍රයෝජන තිබෙනවා. නමුත් ඔබ උදේ ආහාරය ගැනීමටත් පෙර කෝපි කෝප්පයක් පානය කිරීමට පෙළඹෙනවා නම් ඔබ සමට සිදු කරන්නේ යහපතකට වඩා අයහපතක්. කෝපි මුත්‍රා වර්ධකයක් ලෙස ක්‍රියා කරන නිසා ඔබ සුළු වශයෙන් විජලනය විය හැකියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සම හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය වලට පිටවීම වඩාත් අපහසු වන නිසා අකලට සමේ රැලි වැටීම් ඇතිවිය හැකියි.

3.හිරු එළිය ඇති විට පමණක් හිරු ආවරණ ක්‍රීම් ආලේප කිරීම.

හිරු එළිය ඇති විට සම ආරක්ෂා කිරීම සඳහා Sunscreen වර්ග උපකාර වුණත්, දවසම ගෘහස්ථව ගත කරන අවස්ථාවකදී වුවත් Sunscreen ආලේප කිරීමෙන් සම වයස් ගත වීම වළකා ගත හැකියි. මෝටර් රථ වල, නිවෙස් වල සහ කාර්යාල වල ජනේල වලට භාවිතා කරන වීදුරු මගින් බොහොමයක් UVB කිරණ අවහිර කෙරුණත්, ඒවාට UVA නොහොත් පාරජම්බුල කිරණෙන් ඔබව ආරක්ෂා කළ නොහැකියි. ඒ නිසා ඔබ දවසෙන් වැඩි කාලයක් කාර්යාලයක් තුළ ගත කළත්, හිරු ආවරණ ක්‍රීම් ආලේප කරගෙන සිටීම මගින් සමේ තරුණ බව දිගු කාලයක් රඳවා ගත හැකියි.

4.වැරදි ෆේස් වොෂ් එකක් භාවිතා කිරීම.

රාත්‍රියට ඔබේ සමෙන් ජලය ඉවත් වන අතර එහිදී විජලනය වීම වළක්වා ගැනීම සඳහා සමෙන් වැඩිපුර සීබම් තරලය නිපදවනවා. ඒ හේතුවෙන් උදෑසනට ඔබේ මුහුණේ වැඩිපුර තෙල් ගතියක් දැකිය හැකියි. නමුත් මුහුණෙන් එම තෙල් ගතිය ඉවත් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉතා රළු පිරිසිදුකාරක භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ මෘදු පිරිසිදුකාරකයක් භාවිතා කර මද උණුසුම් වතුරෙන් මුහුණ සෝදා සම වියළීමට පෙර මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කිරීමයි.