Lanka Fashion

No 01 Online Fashion Magazine

Black heads ඉවත්කර ගැනීමට සරල tips 5ක්.

Black heads යනු කාන්තාවන්ගේ සුන්දරත්වයට හානි කරන දෙයක්.එමඟින් ඔබේ මුහුණේ සුන්දරත්වය වැසි යනවා.ඔබ ඔබේ මුහුණ කොතරම් පිරිසිදු කර තබා ගත්තද Black heads ඇත්නම් ඒවා පිටතට හොඳින් දිස්වී පෙනෙනවා. Black heads ඉවත් කර ගැනීම සඳහා වෙළඳපොලේ නොයෙක් නිශ්පාදන පැවතුනද එවැනි දෑ භාවිතා කිරීම මගින් අතුරු ආබාධ ඇතිවිය හැකිය.එමනිසා සමට මුහුණට ආලේපන භාවිතා කරන විට ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. නමුත් බියෙන් සැකෙන් තොරව බ්ලැක් හෙඩ් ඉවත් කර ගැනීමට නිවස තුළම සකස් කර භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය කිහිපයක් අද අපි ඔබට පවසනවා.නමුත් මතක තබාගන්න මෙම ප්‍රතිකර්ම භාවිතා කිරීමට ප්‍රථමව මුහුණට හොඳින් හුමාලය අල්ලා ගත යුතුය.

1.ලූනු

Black heads පහසුවෙන් ඉවත්කර ගත හැකි ක්‍රමයක් ලෙස ලූනු සත්කාරය හැඳින්විය හැකිය. ලූනු කුඩා කැබලි වලට කපා එහි යුෂ ගෙන පුළුන් කැබැල්ලක් ආධාරයෙන් Black heads ඇති ස්ථානවල ගල්වා විනාඩි දහයක් පමණ තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකර්මය සතියට එක් වතාව බැගින් මාසයක් පමණ සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.

2.ලෙමන් යුෂ

ලෙමන් යුෂ භාවිතා කිරීම මගින් මුහුනේ Black heads ඉවත් කර ගත හැකිය. එනම් ලෙමන් වල අඩංගු විටමින් සී මගින් මුහුණ පිරිසිදු කර ලප කැලැල් ඉවත් කිරීම මෙන්ම මැරුණු සම ඉවත් කිරීම ද සිදුකරයි. එනම් ලෙමන් යුෂ ස්වල්පයක් ගෙන පුළුන් කැබැල්ලකට දමා Black heads ඇති ස්ථාන පිරිමදින්න. පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. මෙම සත්කාරය දිනපතා සති දෙකක් පමණ එක දිගට සිදුකිරීම මගින් පහසුවෙන් බ්ලැක් හෙඩ් ඉවත් කර ගත හැකිය.

3.කහ

කහ භාවිතා කිරීම මඟින් Black heads පහසුවෙන් ඉවත්කර ගත හැකිවේ. කහ මගින් සම පිරිසිදු කිරීම මෙන්ම මැරුණු සම ඉවත් කිරීම ද සිදුකරයි. ලප කැලැල් සුව කරයි. මේ සඳහා කහ කුඩු මේස හැඳි එකකට කිරි මේස හැඳි දෙකක් පමණ එකතු කර මිශ්‍රකර දෙහි යුෂ ස්වල්පයක් දමා පුළුන් කැබැල්ලක් ආධාරයෙන් Black heads ඇති ස්ථානවල ආලේප කර විනාඩි දහයක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හැරීම මගින් Black heads ඉවත් කර ගත හැකිය. එනම් මෙම සත්කාරය සතියකට දෙවතාව බැගින් මාසයක් පමණ කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

4.බේකින් සෝඩා

බේකින් සෝඩා යනු අදවන විට රූපලාවන්‍ය කේෂ්ත්‍රයේ වැඩි වශයෙන් යොදා ගනු ලබන රූපලාවන්‍ය ද්‍රව්‍යකි. Black heads පහසුවෙන් ඉවත් කර ගැනීමට බේකින් සෝඩා භාවිතා කළ හැකිය. එනම් ජලය සමග බේකින් සෝඩා මිශ්‍ර කර පේස්ට් එකක් ලෙස සකස් කර Black heads ඇති ස්ථානවල ආලේප කර විනාඩි පහක් පමණ සම්බාහනය කර සෝදා හැරීම කළ යුතුය. මෙමගින් මැරුණු සම ඉවත් කර සම පිරිසිදු කර ගත හැකිය.

5.බිත්තර සුදු මදය

බිත්තර සුදු මදය ගෙන Black heads ඇති ස්ථානවල ආලේප කර වේලෙන්නට තබා ඊට උඩින් තවත් ස්ථරයක් ආලේප කළ යුතුය. මේ ආකාරයෙන් ස්ථර කිහිපයක් ආලේප කර වේලෙන්නට තබා මද උණුසුම් ජලයෙන් සෝදා හැරීම සිදු කළ යුතුය. මෙමඟින් මුහුණේ තෙතමනය රැක දීම, මැරුණු සම ඉවත් කිරීම ,සම පිරිසිදු කිරීම, පැහැපත් කිරීම, Black heads ඉවත් කිරීම සිදු කරනු ලැබේ. සතියට එක් වතාව බැගින් මාසයක් පමණ භාවිතා කරන විට මෙහි ප්‍රතිඵල ලබාගත හැකිය.