Lanka Fashion

No 01 Online Fashion Magazine

අයිස් කැට භාවිතයෙන් සමට ලැබෙන ප්‍රතිලාභ 5ක්.

අයිස් කැට යනු සමේ දීප්තිමත් බව සහ නීරෝගි බව වර්ධනය කරගැනීම සඳහා භාවිතා කල හැකි ප්‍රතිකර්මයක්. ජලයෙන් පමණක් නොව ග්‍රීන් ටී, අර්තාපල්, සුදුලූණු, තක්කාලි,පිපිඤ්ඤා වැනි ඖෂධීය ගුණ ඇති අමුද්‍රව්‍ය වලින් අයිස් කැට සාදා භාවිතයට ගැනීමෙන් ඔබේ සමට විවිධ ප්‍රතිලාභ ලබාගත හැකියි.

අයිස් කැට සත්කාරය සිදුකරගන්නා ආකාරය.

අයිස් කැට සත්කාරය සිදුකල යුත්තේ මුහුණ හොඳින් සෝදා පිරිසිදුකරගත් පසුවය.අත් වලට ඇති වන අපහසුතාව මගහරවා ගැනීමට අත් වැසුම් පැලඳ අයිස් කැට මුහුණේ ගල්වාගන්න.මෘදු රෙදි කැබැල්ලකින් ආවරණය නොකොට සෘජුව අයිස් කැට මුහුණේ ගැල්වීම නොකල යුතුයි. ව්මේ සඳහා පොලිතින් බෑගකයට අයිස් කැටයක් දමා භාවිතා කල හැකිවීම තවත් ක්‍රමයකි.කුරුලෑ සහ ඇස් වටා ඉදිමුම් ගතිය දුරු කරගැනීමට මුහුණ මත අයිස් කැට සෘජුවම ගැල්විය හැකිය.සම සීතල පිලිස්සුමට ලක්වීම (cold burns) වළක්වාගැනීමට, අයිස් පැක් වර්ග පැයකට වඩා අධික කාලයක් තිස්සේ සිදුකිරීමෙන් වළකින්න.

1.සම මෘදු සුමුදු කරගැනීමට.

සෑම දිනකම සවස හෝ රාත්‍රි නින්දට පෙර හොඳින් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. පොලිතින් බෑගයකට අයිස් කැට දමා ඔබේ මුහුණ සහ ගෙල ප්‍රදේශය මෘදුව මිනිත්තු 3 ක් පමණ සම්බාහනය කරගන්න. දින කිහිපයකින් ඔබේ සම සුමුදු සහ නැවුම් පෙනුමකට පත්ව ඇති අයුරු පැහැදිලිව ඔබට දැකිය හැකි වනු ඇත. මෙම සත්කාරය මඟින් මුහුණ ‍රැළි වැටීම වළකන අතර ඔබට හොඳ නින්දක් ලබාගැනීමට ද දායක උපකාර කරයි.

2.මුහුණේ කුරුලෑ ඉවත්කර ගැනීමට.

කුරුලෑ ගැටලුවට හොඳම විසඳුමක් ලෙස අයිස් සත්කාරය හැඳින්විය හැකියි. මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගෙන මෘදු රෙදි කැබැල්ලක හෝ නැප්කිනයකින් අයිස් කැටයක් ආවරණය කර කුරුලෑ ඇති තැන් වල මෘදුව තෙරපමින් මිනිත්තු 5 ක් පමණ මුහුණ සම්බාහනය කරගන්න. ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙන බව නිසැකයි.

3.මුහුණ ‍රැළි වැටීම අවම කිරීමට

අයිස් කැට සත්කාරය මඟින් මුහුණේ ඇති රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව වැදියුණු කිරීම සහ අකලට සම වියපත්වීම සහ ‍රැළි වැටීම සිදුවිම වළක්වයි. දිනපතා හොඳින් මුහුණ පිරිසිදු කර මේක්-අප් ආදිය ගැල්වීමට පෙර මිනිත්තුවක් පමණ මුහුණ අයිස් කැටයකින් සම්බාහනය කරන්න.

4.සමේ විවෘත සිදුරු වසා දමමින් මුහුණට ඔපයක් ලබාගැනීමට

මුහුණ මත මිනිත්තු 3 ක් පමණ සෘජුව අයිස් කැටයක් අතුල්ලන්න. මෙය අඛණ්ඩව දිනපතා සිදුකරන්න. මේ සත්කාරය දින කිහිපයක් සිදුකිරීමෙන් සමේ විවෘත වී ඇති සිදුරු පිටතට පෙනෙන ස්වභාවය ක්‍රමයෙන් දුරුකරගත හැකිය.

5.ඇස් වල ඉදිමුම් දුරුකරයි.

නිදාගෙන අවදි වූ පසු ඇතැම් විට ඇස් වටා ඉදිමුණු ගතියක් ඇතිවි තිබිය හැකියි. මේ තත්වය දුරුකරගැනීමට රෙදි කැබැල්ලකට අයිස් කැට 2 ක් දමා , දෑස් පියාගෙන ඒ මත අයිස් වලින් මිනිත්තු 2 ක් පමණ මෘදුව වක්‍රාකාර චලනයකින් සම්බාහනය කරගන්න.