Lanka Fashion

No 01 Online Fashion Magazine

නිරන්තරයෙන් ග්‍රීන් ටී පානය කිරීමෙන් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ 5ක්.

නොයෙක් රෝග සමනය කරගැනීමට මෙන්ම තම ශරීරයේ බර පාලනය කර ගැනීමට වයස් භේදයකින් තොරව ග්‍රීන් ටී පානය කළ හැකිය. ග්‍රීන් ටී නිෂ්පාදනය කිරීමේදී තේ කොළ කුඩු බවට පත් කරන විට එහි අඩංගු වටිනා රසායනික සංයෝගයක් වන කැරටයින් රසායනිකය තේ කුඩු වලින් ඉවත්වී යාම සිදුවේ. එමෙන්ම තේ කොල බෑග් කිරීමේ දී ද එම කවරෙට රසායනික කොටසක් උරා ගැනීම සිදුවේ. මේ නිසා ග්‍රීන් ටී මිලදී ගැනීමේදී ටී බෑග් රහිතව ලබා ගැනීමට හැකි නම් එය වඩාත් ගුණදායකවේ. එමෙන්ම දිනකට ග්‍රීන් ටී කෝප්ප තුනකට වඩා පානය කිරීමෙන් වැලකිය යුතුය. කුඩා දරුවන්ට ග්‍රීන් ටී පානය කිරීමට නොදිය යුතුය. එනම් එමගින් ආහාරවල නියම පෝෂණ ගුණය උරා ගැනීම සිදුනොවේ. මේ නිසා කුඩා දරුවන්ට ග්‍රීන් ටී පානය කිරීමට ලබා නොදිය යුතුය.

1.සම පැහැපත් කරයි.

ග්‍රීන් ටී පානය කිරීම මගින් එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක සම පැහැපත් කර සමෙහි රැලි වැටීම සමනය කර තරුණ පෙනුම රැකගැනීමට උපකාරීවේ. මේ නිසා සම පැහැපත් කර ගැනීමට ග්‍රීන් ටී පානය කිරීම ගුණදායකවේ.

2.ශරීරයේ බර පාලනය කරයි.

බොහෝ දෙනෙකු ග්‍රීන් ටී පානය කරන්නේ ශරීරයේ බර පාලනය කර ගැනීමටය. එනම් ග්‍රීන් ටී පානය කිරීම මගින් ශරීරයේ මේදය දහනය කර පරිවෘත්තිය ක්‍රියාවලිය මැනවින් ක්‍රියාත්මක කිරීම සිදුකරයි. එමෙන්ම කොලෙස්ටරෝල් පාලනය කිරීම සිදුකරන බැවින් ශරීරයේ බර පාලනය වීම සිදුවේ.

3.නියපොතු හිසකෙස් වැඩීම වර්ධනය කරයි.

ග්‍රීන් ටී පානය කිරීම මගින් එහි අඩංගු සින්ක් හිසකෙස් වර්ධනය කිරීමට මෙන්ම නියපොතු වැඩීමටද උපකාරීවේ. සිසිල් කර ගත් ග්‍රීන් ටී කෝප්පයකට නියපොතු විනාඩි විස්සක් පමණ ගිල්වා තබා ගැනීමෙන් නිය පොතු ශක්තිමත් කරගත හැකිය.

4.දන්ත රෝග සමනය කරයි.

දන්ත රෝග සමනය කිරීම සඳහා ද ග්‍රීන් ටී පානය කිරීම ගුණදායකය. එනම් ග්‍රීන් ටී වල අඩංගු ෆ්ලෝරයිඩ් මගින් දත් දිරා යෑම හා දන්ත රෝග සමනය කිරීම සිදු කර දත් ආරක්ෂා කිරීම සිදු කරයි.

5.හෘදරෝග ඇතිවීම වළක්වනු ලබයි.

ග්‍රීන් ටී පානය කිරීමෙන් කොලෙස්ට්‍රොල් පාලනය කිරීම් සිදු කරන නිසා අධිරුධිර පීඩන තත්ත්වයන් ඇති නොවේ. එනම් ග්‍රීන් ටී පානය කිරීම මගින් රුධිර නාල සිහින් වීම වළක්වා රුධිර සංසරණය ක්‍රමවත් ව පවත්වා ගැනීමට හැකියාව ලැබේ. එනම් නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ග්‍රීන් ටී පානය කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම 31% කින් අඩු කර ගත හැකි බවයි. මේ නිසා හෘද රෝගීන්ට සුදුසු පානයක් ලෙස ග්‍රීන් ටී හැඳින්විය හැකිය.