Lanka Fashion

No 01 Online Fashion Magazine

බීට්රූට් යුෂ පානයෙන් රන්වන් පැහැති සමක් ලබාගනිමු.

රන්වන් පැහැති සමක් ලබාගන්න උනන්දු වන තරුණියන්ට අතිශයින්ම ප්‍රතිපලදායී පානයක් තමයි බීට්රූට් යුෂ පානය කියන්නෙ.මේ පානය ලබාගැනීමෙන් මාසයක් ඇතුලත රන්වන් දීප්තිමත් සමක් ලබාගන්නට පුලුවන් වෙනවා.හැමදාම බීට්රූට් පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම ප්‍රතිඵල 5ක් ගැන දැනගනිමු.

බීට්රූට් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ :

ප්‍රෝටීන,ෆයිබර්,විටමින් C,විටමින් B6,මැග්නීසියම්,පොටෑසියම්,මැංගනීස්,අයන් සහ පොස්පරස්

1.කුරුලෑ,ඇක්නි සමග සටන් කරයි.

බීට්රූට් වලින් ශරීරයෙ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩිකරමින් ශරීර විෂහරණයක් සිදු කිරීමෙ හැකියාවක් පවතිනවා.මේ නිසා කුරුලෑ වැනි තත්ත්වයන් ඇතිවීම වලකනවා බීට්රූට් කැරට් යුෂ හෝ පිපිඥ්ඥා යුෂ එක් කර පානය කරන්න.ඒ වගේම යෝගට් හෝ මීකිරි සමග මිශ්‍ර කර කුරුලෑ සහිත තැන්වල ආලේප කරන්න

2.සමට රන්වන් පැහැයක් ලබාදෙයි.

බීට්රූට් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ඔබෙ රූපලාවණ්‍යයට අවශ්‍ය බොහොමයක් දේවල් ඉටු කර දෙයි.රුධිරය පිරිසිදු කරන අතර විෂහරණය කරන නිසා ක්ෂණික දීප්තියක් ලබාදීම සිදු කරයි.මුහුණෙ මියගිය සෛල ඉවත් කරමින් ප්‍රාණවත් පෙනුමක් ලබාගැනීමට යුෂ මුහුණෙ ආලෙප කරන්න.

3.රෝස පැහැති තොල් සදහා.

ඔබ බීට්රූට් යුෂ පානයට ගන්න අතරතුර ස්වල්පයක් තොල් වල ආලේප කරන්න.විශේෂයෙන්ම රාත්‍රියට ආලේප කිරීමෙන් සිනිදු රෝසවන් තොල් සගලක් දින10කින් ලබාගැනීමට හැකිවනවා.

4.වියලි සමට තෙතමනයක් ලබාදෙයි.

බීට්රූට් වලට ස්වාභාවයෙන් ම සමට ප්‍රාණවත් සජලීය බවක් ලබාදිය හැකි අතර වියලි බව නිසා ඇතිවන කැසීම්,ආසාදනයන් නැතිකරයි.ඒ වගෙම බීට්රූට් කිරි සමග ශරීරයෙ ආලේප කරන්නටත් පුලුවන්.

5.හිසකෙස් සදහා.

හිසකෙස් වැටීම,වියලීම,කැඩීයාම,පැලීම වැනි තත්වයන්ට කදිම ලෙස ක්‍රියා කරමින් හොද පෝෂණයක් මෙන්ම දීප්තියක්ද ලබාදෙයි.හිසකෙස් නීරෝගි වීමට අවශ්‍ය සියලුම විටමින් සහ මිනරල් සපයන නිසා හිසකෙස් ශක්තිමත් කරයි.බීට්රූට් යුෂ සමග කෝපි එක් කිරීමෙන් හිසකෙස් වලට කදිම සත්කාරයක් ලබාදිය හැක.

බීට්රූට් යුෂ පානයක් සකස් කරගන්න ආකාරය:

බීට්රූට් ගෙඩියක්,කැරට් ගෙඩියක් සමග තක්කාලි භාගයක ප්‍රමාණයක් ගන්න.බීට්රූට් සහ කැරට් ග්‍රේට් කර තක්කාලි කැබලි සමග බ්ලෙන්ඩ් කරගන්න. පසුව එය පෙර අවශ්‍ය නම් ලෙමන් බින්දු දෙකක් පමණ යොදා පානයට ගන්න.