Lanka Fashion

No 01 Online Fashion Magazine

ඔයාගෙම Style එකකට fashion කරන්න සරල tips 5ක්.

මේ ලෝකයෙ ඉපදුන අපි හැමෝම හරිම අද්විතීයයි.ඉතින් ඇයි මේ අද්විතීය බව ඉස්මතු කරගන්නෙ නැත්තෙ?අපෙ පෙනුම වර්ධනය කරගන්න.අපිට අවශ්‍යයි කියලා හිතෙන වෙනස්කම් සිදු කරගන්න කිසිම මුදලක් වැය නොවන ආයුර්වේදීය සාර්ථක සත්කාර ගැන අපි නිතරම ඔයාලට කියලා දෙනවා.ඔන්න මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ තමන් අදින පලදින විදියෙන් කොහොමද ටිකක් යුනීක් වෙන්නෙ කියලා.මේ ක්‍රම ටික කියවලාම බලන්නකො ඔයාට ගොඩාක් ආස හිතෙවී.

1.ඔයාටම ආවේණික ශෛලියක් තියාගන්න.

ඔයා අදින්න පලදින්න ආසම කොහොමද,ඔයාගෙ ශරීරයෙ හැඩයන් වලට,සමේ පාටට ගැලපෙන ඔයාට හොදටම ගැලපෙනවා කියලා හිතෙන සහ හරිම සුවපහසුවක් දැනෙන ශෛලිය හොයාගන්න.කාවවත් කොපි කරන්න යන්න නම් එපා.හැබැයි අනුගමනය කලාට කමක් නැහැ.කොහොම වුනත් තමන් වඩාත්ම ලස්සන තමන්ගෙ ආවේණිකත්වයට ඉඩ දෙනකොටයි.

2.වෙනස් දේවල් කරන්න.

ඔයා සාමාන්‍යයෙන් අදින පලදින විදියට වඩා ටිකක් වෙනස් ෆැෂන් ටිකකුත් ඉදලා හිටලා හරි කරන්න.විදියට ඔයාට පුලුවන් mix culture fashion කරන්න.ඒ කියන්නෙ වෙනත් රටකට සංස්කෘතියකට අයිති සමහර සරල විලාසිතා ක්‍රම.උදාහරණයක් විදියට බොහිමියන් විලාසිතා,කොරියන් විලාසිතා වගේ දේවල්.හැබැයි ඔයාට ගැලපෙන්නත් ඕන වගේම චාම් වෙන්නත් ඕන.

3.තමන් ගැන හොද ආත්ම විශ්වාසයක් තියාගන්න.

ඔයා ළඟ තියෙන්නම ඕන දේ තමයි ආත්ම විශ්වාසය කියන්නෙ.ඔයා කොයිතරම් ලස්සනට ඇන්දත්,ඒකෙන් ඔයාට තරමක නුහුරු අපහසු ගතියක් දැනෙනවානම් ඒක ටිකක් හොද මදි නේද?ලස්සන වගේම සුවපහසු වෙන්නත් ඕන . මේ සුවපහසු බව ඔයාට අරගෙන එන්නෙ හොද ආත්ම විශ්වාසයක් .

4.ෆැෂන් ට්‍රෙන්ඩ්ස් පස්සෙන් යන්න එපා.

ඔයා කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ් පස්සෙන් යන කෙනෙක් නම් ටිකක් නවතින්න.ඇයි සාමාන්‍ය කොපි කරන්නෙක් වෙන්නෙ?ඒ වෙනුවට තමන්ට ගැලපෙනවා සහ හිතට සෑහීමක් එන දේවල් අරගන්න.එහෙම නැතිනම් ඕනම දෙයක් තමන්ට ගැලපෙන විදියට අප්ඩේට් කරගන්න.නිර්මාණශීලී වෙන්න.

5.වර්ණවත් වෙන්න.

ඔයාට ඇදුම්වල පාට ගලපගන්න සුපිරි ක්‍රමයක් කියන්නද?අන්තර්ජාලයෙන් හොයලා බලන්න කලර් ෂේඩ්ස් ( color shades )ගැන.ඉතින් මේ එක එක කලර් ෂේඩ්ස් වලට ගන්න පුලුවන් පාටවල ඇදුම් පැළඳුම් ගලපමින් අදිනවනම් ඔයාට අරගෙන එන්නෙ අමුතුම ලස්සනක්.උදාහරණ විදියට goldfish colors,multi light fun colors,milkshake colors,pastel rainbows කියන්නෙ ජනප්‍රියම කලර් ෂේඩ්ස් කිහිපයක්.
මේ සිම්පල් ටිප්ස් කිහිපය අත්හදා බලන්න.ඔයාට හොද වෙනසක් අත්විදින්න පුලුවන් වෙනවා.ඉතින් මම නම් කියන්නෙ ඔයාට පුලුවන් කාලයෙ උපරිම ලස්සනට ජීවත් වෙන්න කියලයි.