Lanka Fashion

No 01 Online Fashion Magazine

මහතයි කියලා දුක්වෙන්නේ නැතුව ලස්සනට අඳින්න සරල ටිප්ස් 4ක්.

මහත් වීම කියන්නෙ ගොඩක් යුවතියන්ගේ සිතේ දුක්බර සිතුවිලි ඇති කරවන සිදුවීමක්.ගොඩක් යුවතියන් හිතන්නේ තමාගේ තරබාරුකම විලාසිතා කිරීමට බාධාවක් කියලයි.ඒත් ඒ වැරදි අදහසක්.සෑම කාන්තාවකටම තමන්ට ආවේණික වූ අද්විතීය සුන්දරත්වයක් තියෙනවා.ඉතින් තරබාරු යුවතියකට වුනත් පුලුවන් තමන්ගේ සිරුරේ හැඩ පේන්න මේ වගේ විලාසිතා අත්හදා බලන්න.

1.ස්පෑන්ක්ස් එකක් අඳින්න.

ස්පෑන්ක්ස් එක්කින් පුලුවන් ඔබේ සිරුර සුන්දරව කැපී පෙනෙන ලෙස හැඩගන්වන්න.ඔබත් මෙය උත්සහ කර බලන්න.

2.සම එකිනෙක ගැටීමෙන් ඇතිවන ආසාදන වලක්වා ගන්න ෂෝර්ට්ස් අදින්න.

තරබාරු යුවතියන් මුහුණ දෙන ගැටලුවක් තමයි දෙපාවල සම එකිනෙක ගැටීමෙන් ආසාදන ඇති වීම.මේ ගැටලුව වලක්වාලීම සදහා හිර ෂෝර්ට්ස් අදින්න.එය ඔබේ දෙපාවල තරබාරු බව අඩුකර පෙන්වන අතර,දහදිය දැමීම හා තෙත් වීමෙන් වලකයි.මේ සදහා සුව පහසු ඇදෙනසුළු කොට්න් ෂෝර්ට්ස් තෝරා ගන්න.

3.බෙල්ට් එකක් පළදින්න.

බෙල්ට් එකකින් ඔබේ ඉන සිහින් කර පෙන්වන අතර,ඔබේ දෙපාවලට දිගු ස්වභාවයක් ගෙන දෙනවා.එයින් ඔබේ සිරුරේ හැඩ සුන්දරත්ව කැපී පෙනෙයි.

4.ඔබේ සිරුරේ හැඩ හංගන්න එපා.

මහත බව කියන්නේ සිරුරේ හැඩ සැගවීමට හේතුවක් නෙවෙයි.ඕනෑවට වඩා ලොකු ඇදුම් ඇන්දම ඔබව පෙනෙන්නේ තවත් මහතට.එම නිසා සිරුරේ ප්‍රමාණයට ගැලපෙන (ඇගේ ගානට)තිබෙන ගවුම්,සායවල්,ජීන්ස් වැනි ඇදුම් අදින්න පුලුවන්.