Lanka Fashion

No 01 Online Fashion Magazine

මුහුණෙ හැඩයට ගැළපෙන කොන්ඩා මෝස්තර

යුවතියන් හැමෝම කොන්ඩා මෝස්තර දාන්න කැමතීනේ.ඒත් ඔයාලා දන්නවද ඔයාලට ගැලපෙන ඔයාගෙ මූණට හරියන කොන්ඩා මෝස්තරය මොකද්ද කියලා.සමහර යුවතියන් කිසිසේත්ම ගැළපෙන්නෙ නැති කොන්ඩා විලාසිතාවන් කරනවා මං දැකලා තියෙනවා.ඇත්තටම නොගැළපෙන කොන්ඩා විලාසිතා ඔයාලගෙ මූණ විහිලුවක් කරලයි පස්ස බලන්නෙ.ඉතින් අද අපි බලමු ඔයාලට ගැලපෙන්නෙ මොන කොන්ඩා මෝස්තරේද කියලා.

ඔබ උස සහ කෙට්ටු සිරුරක් හිමි යුවතියකට,

කේෂාලංකරණ ක්‍රමයක් තෝරා ගනිද්දී ඔබේ මුහුණ සහ සිරුරේ හැඩයට අනුව තෝරාගන්නට ඕනේ.ඔබේ කොන්ඩය කොටයිනම් එය ඔබට වඩාත් ගැළපෙන්නේ නෑ.උස,සිහින් ඔබට ගැළපෙන්නේ දිගු වරලසකුයි.

කොටු පළල් වූ මුහුණකට,

කොටු වූ පළල් මුහුණක් සතු ඔබගේ නළලද පළල් බවින් යුක්ත වෙනවා නේ.ඉතින් මේ නිසා ඔයාට ගැළපෙන්නෙ කම්මුල් ආවරණය වෙන හිසකෙස් අලංකරණ ක්‍රමයක්.කුරුළු පිහාටුවක් ලෙස කපා සකසන ෆෙදර් කට් විලාසිතාව ඔබේ මුහුණට වඩාත් සුදුසු වෙයි.කොට කොන්ඩය ඔබට ගැළපෙන්නෙ නෑ.ඒ නිසා කොන්ඩය පිට මැදට විතර වත් දික් කරන්න.

හඳක් වගේ රවුම් මුහුණට,

මේ රවුම් මුහුණට කෙටි කොන්ඩයක් නම් ගැළපෙන්නෙ නෑ.ඔබට ගැළපෙන්නෙ දිගු කොන්ඩයක්.ඉතින් ඔබේ දිගු කොන්ඩයට ඕනිම ආකාරයක විලාසිතාවක් කරගන්න ඔයාට පුලුවන්.මොකද ඔයාට ඕනිම ආකාරයේ විලාසිතාවක් ගැලපෙනවා.ඔබට නළල මතට වටෙන්නට කොන්ඩය කපන්න පුලුවන්.ඒ වගේ ම නළලෙන් පැත්තකට වැටෙන විදිහට ෆින්ච් කට් එකක් හෝ දිග ලේයර් එකක් වුනත් ලස්සනට තියේවි.උරහිසේ ඉඳලා පහලට ලේයර් එකතු කරගන්නවානම් වඩා ආකර්ශණීය යි.

දිගටි සිහින් මුහුණට,

ඔබට හිසකෙස් කෙටිව හෝ දිගට කැපුවත් ලස්සනයි.ඉතින් ඔබට ඕනෑම විලාසිතාවක් කරන්නට පුලුවන්.

උසින් අඩු ඔබට,

ඔබ උසින් අඩුනම් දිග කොන්ඩයක් පවත්වාගෙන යන්න.මොකද ඔබේ කොන්ඩය කොටනම් ඔබේ මිටි බව තවත් වැඩිවී පෙනේවි.

මහත සිරුරක් සහ කුඩා මුහුණක් සතු ඔබට,

ඔබේ සිරුර හා මුහුණ වෙන් වෙන්ව පෙනෙන එක වළක්වා ගන්නට දිගු කොන්ඩයක් පවත්වාගන්න.ඔබට කැරලි හිසකෙස් ඇත්නම් හැකි ආකාරයට එය දිගු ලෙස පවත්වා ගන්න.

ගනකම් කොන්ඩයට,

ඔබේ ගනකම් කෙස් කළඹට ගැළපෙන්නේ දිගු ලෙස පවතින විලාසිතාවයි.කෙටි ලෙස කැපීම ඔබට ගැළපෙන්නේ නෑ.

ඉතිං, ඔයාට ගැළපෙන කොන්ඩා විලාසිතාව ගැන දැනුවත් වුනා ද…නැතිනම් ඔයාට ඔයාගෙ මුහුණේ හැඩය තෝරාගන්න බැරි වුණා ද.එහෙනම් ඔයාට පුලුවන් අත්දැකීම් ලත් පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහය ලබාගන්න.