Lanka Fashion

No 01 Online Fashion Magazine

යුවතියන්ට ගැලපෙන සුන්දර කොන්ඩ විලාසිතා 4ක්.

වයස් භේදයකින් තොරව කාන්තාවන් සියලුදෙනා කොණ්ඩයට ආදරය කරති.කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කරන එක් ආභරණයකි අපේ කොණ්ඩය.කුඩා දැරිවියන් මෙන්ම තරුණියන් අතරද විවිධ වූ කොණ්ඩ මෝස්තර රැසක් පවතී.සරල ගමනකට,වෘත්තීය කටයුතු වලදී මෙන්ම උත්සව අවස්ථා වලදී ද විවිධ කොණ්ඩ මෝස්තර අපට නූතන සමාජයෙන් දැකිය හැකිය.අපි අද කතා කරමු කුඩා ගැහැණු ළමුන්ට මෙන්ම යෞවනියන්ට ගැලපෙන ඉතා පහසු කොණ්ඩා මෝස්තර ගැන….

1.කොණ්ඩය උඩට කර බැදීම. (Top Knot)

මෙය ඉතාම පහසු මෙන්ම හුරුබුහුටි පෙනුමක් ලබා දෙන විලාසිතාවකි.වර්තමානයේ බොහොම ප්‍රසිද්ධ වී ඇත.රවුම්,ඕවලාකාර හා ඩයමන්ඩ් හැඩැති මුහුණක් හිමි යුවතියන්ට වඩාත් ගැලපේ.ඕනෑම අවස්ථාවකට සුදුසු වේ.

ක්‍රමය -කොණ්ඩය පීරා ඉහලටම කර පෝනි ටේල් එකක් දමන්න.ඉන්පසු කොණ්ඩය දෙකට
බෙදා ඉන් එක් කොටසක් අගිස්ස තෙක් ගොතන්න.ගෙතූ කොණ්ඩය අතින් අල්ලාගෙන ඔරලෝසුවේ කටුව කැරකෙන දෙසට අනෙක් කොණ්ඩ කොටස නවා ඒ වටා ගැටගසන්න.වැඩි ආරක්ෂාවට කොණ්ඩ කටු කිහිපයක් ගසන්න.

2.කොණ්ඩයේ මලක් එක්ක කොණ්ඩ මෝස්තරය-(Flower Braid Updo)

කොණ්ඩයට යොදන මේ මල් මෝස්තරය පුංචි ගෑණු ළමයින්ට වගේම තරුණියන්ටත් සුදුසුයි.මෙය කොණ්ඩයේ මලක් ගැසුවා හා සමානයි.රවුම් හැඩැති මුහුණු ඇති තරුණියන්ට වඩාත් ගැලපේ.ඕනෑම උත්සව අවස්ථාවකට සුදුසුය.

ක්‍රමය -කොණ්ඩය කොටස් දෙකකට වෙන් කර ඉන්පසු පීරා ගැට ඉවත් කරන්න.එය ෆ්ලැට් වෙන්න වතුර ටිකක් ඉසින්න.ඉදිරිපස හිසකෙස්
කොටස ගෙන එය තුනකට බෙදා ගොතන්න.ඇහිබැම කෙලවරක් වන තෙක් ගෙතූ පසු එය හරවා ගොතන්න.දෙපැත්තෙන්ම හිසකෙස් එකතු කරමින් හරවා ගොතන්න.මුහුණේ ඉදිරිපස සිට කොණ්ඩය එකතු කරමින් ඉහල සිට පහලට ගොතන්න.ඉන්පසු ඉතිරී ලෙහා ඇති කොණ්ඩය ගොතා රබර් පටියකින් තද කරන්න.දැන් මේ ගෙතුම පෙරලා කරකවන්න.ඉන්පසු කොණ්ඩ කටු වලින් රදවන්න.

3.භාගයක් උඩට කර බැදීම- (Half-Up Top knot)

මෙම කොණ්ඩ මෝස්තරය යුරෝපා රටවල ඉතාම ප්‍රසිද්ධයි.සුප්‍රසිද්ධ ගායිකාවක් වන සෙලීනා ගෝමස් නිතර යොදන මෙම ක්‍රමය ඇය නිසා වෙනත් රටවලද ජනප්‍රිය විය.මෙය පවත්වාගෙන යන්න අඩුවෙන් වෙහෙස වෙන්න අවශ්‍ය මෝස්තරයකි.ඕනෑම මුහුණු හැඩයකට ගැලපෙන අතර සාමාන්‍ය ගමනකදී යොදන්න සුදුසුය.

ක්‍රමය -කොණ්ඩය උඩට හා යටට බෙදා ගන්න.උඩ කොටස පෝනිටේල් එකක් යොදා එය රබර් පටියකින් හිර කරන්න.දැන් පෝනිටේලය ඔතා බන් එක සකස් කර හිස උඩින් තබා කොණ්ඩ කටු වලින් රදවන්න. අවසානයේදී අවශ්‍යනම් හෙයා ස්ප්‍රේ ටිකක් යොදන්න.

4.පිග් ටේල් ගෙතුම් කොණ්ඩ මෝස්තරය-( Pigtail Braid)

මෙයත් සරල හා පහසු ක්‍රමයක් වේ.ඕනෑම මුහුණු හැඩයක් ඇති යුවතියන්ට සුදුසුය.පවුල් හමුවීම් හා චාරිකා සදහා සුදුසුය.

ක්‍රමය-පනාව භාවිත කරලා කොණ්ඩය දෙකට වෙන් කරගන්න.ඉන්පසු හිසේ ඉහලින්ම දෙපැත්තට කර රබර් පටි දෙකක් දමා
බැදගන්න.එක් පැත්තක රබර් පටිය ලග සිට පහලට ගොතන්න.අවසානයේ එය තද කර
රබර් පටියක් යොදන්න.ඒකාකාරී විලාසිතාවන්ගෙන් මිදී ලස්සනට ඉන්න කැමති තරුණියක් නම් ඔබත් මෙම කොණ්ඩ මෝස්තර අත්හදා බලන්න.ඔබගේ වෙනදා නුදුටු සුන්දරත්වයක් ඉස්මතු වේ නොඅනුමානවම.