Lanka Fashion

No 01 Online Fashion Magazine

Skin එක chocolate color නම් ෆැෂන් ඕනතරම්…

Brown skin එහෙමත් නැතිනම් chocolate skin එකක් ගැන ගොඩාක් අයට ගොඩාක් ප්‍රශ්න තියනවා. අද අපි කතා කරන්න යන්නෙ මේ brown skin එකක් ගැන බොහෝ දෙනෙක් නිතර අහන ප්‍රශ්න ටිකක් ගැනයි …

1.fashion කරන්න නම්,ලස්සනට ඉන්න නම් සුදු පාට සමක් තියෙන්න ඕනද ?

අනිවාර්යයෙන්ම නැහැ කියන්න ඕන කෙනෙක් දන්නවා.ඒ වුනාට ලංකාවේ ගොඩාක් අය සුදු සම විතරක් ලස්සනයි කියන මෝඩ ආකල්පය එක්ක ජීවත් වෙන අය වගේම අනිත් අයගෙ මනසත් ඒ මනස්ගාත වලින් පුරවන්න කටයුතු කරනවා.මීට බලපාන ලොකුම හේතුවක් වෙන්නෙ විවිධ සමාගම් සහ මීඩියා වලින් තම නිශ්පාදනයන් විකුණගන්න සිදු කරන මොල සෝදනයයි.ලෝකයෙ වැඩිපුරම අය කරන මොඩ්ල් කෙනෙක් තමයි නඕමි කැමලා කියන්නෙ ඉතින් ඒ අයට තියෙන්නෙත් ලස්සන brown skin එකක්.ඊට අමතරව බොලිවුඩ් වල ඉන්න ගොඩාක් අයට තියෙන්නෙත් සුදු සමක් නෙවෙයි.

2.කොහොමද එතකොට chocolate girl කෙනෙක් කියන ආවේණික සුන්දරත්වය ඉස්මතු කරගන්නෙ?

ඉස්සෙල්ලම තමන්ගෙ ශරිර අභ්‍යන්තරය නීරෝගි කරගන්න ඕන.ක්‍රම ක්‍රමයෙන් හොදම ගුණදායක ආහාරපාන වලට යොමුවෙන්න ඕන.ඒ වගේම ව්‍යායාම් කරමින් හොද නින්දක් ලබාගනිමින් ජීවන රටාව සෞඛ්‍යට හිතවත් කරගන්න ඕන.බාහිරින් ඉතාමත් පිරිසිදු වෙන්න ඕන.ස්වාභාවික පැක් වර්ග,ෆේෂල් වර්ග යොදන්න පුලුවන් නම් තවත් හොදයි.ඒ වගේම උසස් තත්වයෙන් යුත් තමන්ගෙ සමට ගැලපෙන ආලේපන වර්ග තෝරාගන්නත් ඕන .

3.සාමාන්‍යයෙන් chocolate skin එකකට හොදටම ගැලපෙන කලර්ස් මොනවද?

Chocolate skin එකක් තියන කෙනෙක් ටිකක් පාට තෝරාගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන.තමන්ට හොදටම ගලපෙන පාටවල් තෝරගන්න පුලුවන් නම් චොක්ලට් පාට කෙල්ලෙක්ට එන්නෙ කියන්න බැරි තරම් පුදුම ලස්සනක්.ඔයා පුලුවන් නම් ලයිට් කලර්ස් නැතිව ටිකක් ඩාර්ක් කලර්ස් ෆැෂන් කරන්න උත්සාහ කරන්න. උදාහරණ විදියට dark blue colors tone, dark brown, burgundy, gray, amethyst, deep purple, lavender, lilac, sapphire, bright pink, ruby, emarald green වගෙ කලර්ස් ඔයාටම අමුතුම ලස්සනක් අරගෙන ඒවි.ඒ වගේම camouflage printed ඇදුම් හොදින් ගැලපෙන්න පුලුවන්. වර්ණ දෙකක් වෙනුවට තනි වර්ණයක් ඔයාගෙ ලස්සන තවත් වැඩි කරයි.

4.chocolate girl කෙනෙක්ව ලස්සන කරන jewellery තෝරාගන්නෙ?

මේ පාට කෙනෙක්ගෙ හොදම තෝරාගැනීම තමයි metal jewellery.පාට පාට ප්ලාස්ටික් ආභරණ වලට වඩා gold,dall gold,silver,black metal වගෙ ලෝහ ආභරණ ඔයාගෙ සමට පුදුම විදියට ගැලපෙනවා.ඒ අතරිනුත් gold තමයි ඔයාට හොදටම හරියන්නෙ.ඉතින් මේ විදියට හෝ ඔයාට ගැලපෙන හොදම විදියට ෆැෂන් කරන්න.හැබැයි ඊට කලින් ඔයා ආවරණය කරගන්න ඕන වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය කියන්නෙ.බාහිර ලෝකයා ගැන හිතන්නෙ නැතිව තමන්ගෙ හිතට සෑහෙන විදියට ජීවත් වෙන්න.