Lanka Fashion

No 01 Online Fashion Magazine

වේගයෙන් ශරීරයේ බර අඩුකිරීමට උපකාරී වන රසවත් පාන වර්ග 3ක්.

නීරෝගි ජීවන රටාවක වැදගත්ම අංගය තමයි පෝෂණය සපිරි නීරෝගී සමබල ආහාර පාන රටාවක් අනුගමනය කිරීම.බර අඩුකරගැනීමේදීද ඊට ප්‍රමුඛස්ථානයක් හිමිවෙනවා. සෞඛ්‍යාරක්ෂිතව නිවැරදි විදියට බර අඩුකරගන්න නම් නීරෝගි ආහාර පාන ලබාගැනීම එහි අනිවාර්ය කොටසක් වෙනවා.සිරුරට දුක් දෙමින් මනසින් පීඩා විඳිමින් දැඩි ආහාර පාලනයක් කරන්න අවශ්‍ය නැහැ.රසට කන ගමන්ම ඇඟ හැඩ කරන ආහාර කිහිපයක් මෙන්න.

1.චියා ඇට

චියා ඇට වල ඔමේගා-3 හා ඔමේගා-6 මේද අම්ල බහුලව අඩංගුවේ.ඒ වගේම ප්‍රෝටීන, තන්තු සහ දිගු දාම කාබෝහයිඩ්‍රේට ද අන්තර්ගත වෙනවා.දියර වලදී මේ ඇට වල ප්‍රමාණය 12 ගුණයකින් වැඩිවී ජෙලි ස්වභාවයකට පත්වෙයි.චියා ඇට ග්‍රෑම් 1 කට දියර මිලිලීටර් 25 ක් පමණ උරාගැනීමේ හැකියාව තිබෙනවා.දිගු වෙලාවක් බඩගිනි ඇති නොවී බඩ පිරී ඇති ස්වභාවයක් ඇතිකරන ගුණ ආහාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්.මේවායේ ඇතිවන ජෙලි ස්වභාවය ආමාශයේ බිත්ති වල ශ්ලේෂ්මල බාධකයක් ලෙස බැ‍ඳෙයි.එහි ප්‍රතිඵලයක් ලෙස ආමාශයට කාබෝහයිඩ්‍රේට උරාගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි ලෙස මන්දගාමී වීමක් ඇතිකරනු ලබනවා.

2.අලිගැට පේර

හෘද සෞඛ්‍යට පවා හිතකර පෝෂණයෙන් යුක්ත ගුණදායි පලතුරක් ලෙස අලි පේර හඳුන්වන්න පුළුවන්.මේවායේ L-Carnitine නම් b විටමින් පවුලට අයත් ස්වභාවික ඇමයිනෝ අම්ල විශේෂයක් බහුලව අඩංගු වේ.ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණාංග අඩංගු වන අතර ඒවා සිරුරේ පරිවෘත්තිය වැඩිකිරීම කෙරෙහි අතිශය වැදගත්වෙනවා. මේවායේ ඒක-අසංතෘප්ත වැනි හිතකර මේද වලින් හා oleic acids නම් මේද අම්ල වලින් පොහොසත් නිසා උදර ප්‍රදේශයේ තැන්පත් මේද අඩුවීමට ඉහළ ප්‍රතිලාභා ලබාදෙනවා.

3.කෝපි සහ තේ

තේ වල සහ කෝපි වල අඩංගු කැෆේන් සිරුරේ පරිවෘත්තිය (ශක්තිය බවට හැරවිමේ ක්‍රියාවලිය) වැඩිදියුණු වීමට දායකත්වයක් ලබාදෙන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා. මෙය සිරුරේ බර අඩුකරගැනිමේ ක්‍රියාවලිය සඳහා උපකාරී විය හැකියි.