Lanka Fashion

No 01 Online Fashion Magazine

සෞඛ්‍ය සම්පන්නව බර වැඩිකර ගැනීමට උපකාරී වන ආහාර වර්ග 5ක්.

සිරුරේ බර වැඩි කර ගැනීම, සැබැවින්ම බර අඩු කර ගැනීමට වඩා අපහසුය.මූලිකව ම මෙය කළ හැක්කේ නිවැරදි ආහාර රටාවක් අනුගමනය මගින් ම පමණි.එහි දී සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීම වඩා වැදගත් ය.කෙට්ටු සිරුරක් නිසා මානසික ව පීඩා විඳින ඔබට සෞඛ්‍ය සම්පන්න හැඩැති සිරුරක් ලබා ගැනීමට උපකාරී වන ආහාර වර්ග පිළිබඳ මෙම ලිපියේ සඳහන් වේ.

1.කිරි

කිරි වල මේදය, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන අඩංගු වේ.එසේම මෙය කැල්සියම් ඇතුළු විටමින් සහ ඛනිජ ලවණවල විශිෂ්ට ප්‍රභවයකි.කිරිවල ඇති ප්‍රෝටීන් අන්තර්ගතය නිසා මාංශ පේශි වර්ධනය කර ගැනීමට උත්සාහ කරන අයට ද මෙය ඉතා හොඳ තේරීමක් වේ.

2.මස්

මස් ආහාරයට ගැනීම මාංශ පේශි ගොඩනැගීමට සහ බර වැඩිවීමට උපකාරී වේ.මාංශ පේශි වර්ධනය කිරීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන පෝෂ්‍ය පදාර්ථ වන ලියුසීන් සහ ක්‍රියේටීන් යන දෙවර්ගයම මස් වල අඩංගු වේ. එසේ ම මස් වල ප්‍රෝටීන් සහ මේදය අඩංගු වන අතර එමඟින් බර වැඩිවීම ප්‍රවර්ධනය වේ.

3.යෝගට්

සම්පූර්ණ යොදය සහිත යෝගට් වලට ප්‍රෝටීන් සහ පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වේ.මෙහිදී රසකාරක අඩංගු යෝගට් පරිභෝජනය නුසුදුසු ය.ඔබට ඔබේ කැමැත්ත පරිදි පළතුරු හෝ රටකජු,කජු සමඟ යෝගට් ආහාරයට ගැනීම එහි පෝෂණ ගුණය ඉහළ නැංවීමට උපකාරී වේ.

4.අලිගැටපේර

ඉතා රසවත් පළතුරක් වන අලිගැටපේර වල කැලරි හා මේදය මෙන්ම සමහර විටමින් හා ඛනිජ ලවණ ද බහුල වේ.

5.ඩාක් චොකලට්

ඩාක් චොකලට් යනු අධික මේද, අධික කැලරි සහිත ආහාරයකි. එහි ප්‍රතිඔක්සිකාරක ද අඩංගු වේ.බර වැඩිවීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු අවම වශයෙන් 70% ක කොකෝවා අන්තර්ගතයක් සහිත චොකලට් තෝරා ගත යුතුය.