Lanka Fashion

No 01 Online Fashion Magazine

බාර්ලි පානයේ ඖෂධීය ගුණ 8ක්.

ධාන්‍ය වර්ග අතරින් බාර්ලි යනු ඖෂධීය ගුණයෙන් අනූන තවත් එක් ධාන්‍ය වර්ගයකි. එනම් ලොකු කුඩා සෑම සියලු දෙනාටම පෝෂණ ඌනතා සපුරා ගැනීම සඳහා බාර්ලි ආහාරයට ගත හැකිය. එනම් බාර්ලිවල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් පොස්පරස් ,මැංගනීස්, තන්තු මේදය ,ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, කොපර්, පොස්පරස් ,මැග්නීසියම්, තඹ,විටමින් B1,B4, සෙලේනියම්, කැලරි… ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් අතීතයේ පටන් බාර්ලි ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කර තිබේ. බාර්ලි විවිධාකාරයෙන් ආහාරයට එක් කර ගත හැකිය. පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් ද එහි නියම ඖෂධීය ගුණයන් අපට ලබාගත හැකිය. එනම් මෙය සිසිල් කාරක පානයක් නිසා සෙම් රෝග බහුල පුද්ගලයන්ට සුදුසු නොවේ. එමෙන්ම අසාත්මිකතා ඇති පුද්ගලයින්ට ද බාර්ලි භාවිතය සුදුසු නොවේ.

බාර්ලි පානය සකස් කර ගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය-බාර්ලි කෝප්ප ¼,වතුර කෝප්ප 4,මී පැණි ස්වල්පයක්,ලෙමන් සහ ඉඟුරු යුෂ ස්වල්පයක්

බඳුනකට වතුර දමා බාර්ලි ඊට එකතු කර මදක් රත් කරගන්න. පසුව ඊට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර මද ගින්නේ හොඳින් පිස වීදුරුවකට දමා මී පැණි සහ ලෙමන් යුෂ ස්වල්පය බැගින් එකතු කර හොඳින් මිශ්‍ර කර සිසිල් කර ගැනීම සඳහා විනාඩි විස්සක් පමණ ශීතකරණය තුළ තබා පානය කරන්න. මෙසේ බාර්ලි පානය භාවිතා කිරීම මගින් නොයෙක් රෝග සමනය කර ගත හැකිය.

බාර්ලි වල ඖෂධීය ගුණ.

1.ශරීරයේ විෂ ඉවත් කරයි.

බාර්ලි පානය කිරීම මගින් බඩවැල්වල විෂ ඉවත් කර ගත හැකිය. එනම් බාර්ලි වල අඩංගු beta – glucans මගින් මුත්‍ර මාර්ගයෙන් හා ශරීරයේ බඩවැල් වලින් විෂ ඉවත් කිරීම සිදුකරයි. ඒ නිසා ශරීරයේ විෂ ඉවත් කර ගැනීම සඳහා ගුණදායක පානයක් ලෙස බාර්ලි පානය හැඳින්විය හැකිය.

2.ජීර්ණය පහසු කරයි.

බාර්ලි පානය යනු ආහාර ජීර්ණය පහසු කරගැනීම සඳහා භාවිතා කළ හැකි සැහැල්ලු පානයකි. එනම් එමගින් ආහාර ජීර්ණය පහසු කිරීම පමණක් නොව මල බද්ධය වැනි රෝග තත්ත්වයන්ද සමනය කර ගත හැකිය.

ශරීරයේ බර අඩු කරයි

බාර්ලි ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු වැඩි කාලයක් කුස පුරවා තැබීමට හේතුවේ. මේ නිසා නැවත නැවත ආහාර ගැනීම පාලනය වීම සිදුවේ. එමෙන්ම පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කරන බැවින් ශරීර ශක්තිය වැයවී මේදය දහනය වීමද සිදුවේ. මේ නිසා ශරීරයේ බර අඩු කර ගැනීමට බාර්ලි පානය ඉතා ගුණදායකවේ.

3.ශරීර දාහය සමනය කරයි.

බාර්ලි වල අඩංගු සිසිල් කාරක ගුණය ශරීරයේ දාහය නැති කොට ශරීරය සිසිල් කරනු ලබයි. එමෙන්ම මෙමගින් ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග තත්ත්වයන් ද සුව කරගත හැකිය. මේ නිසා උෂ්ණාධික ශරීර ඇති පුද්ගලයින්ට ශරීරය සිසිල් කර ගැනීම සඳහා බාර්ලි පානය භාවිතා කිරීම යෝග්‍යවේ.

4.මුත්‍ර රෝග සමනය කරයි.

බාර්ලි පානය කිරීම මගින් මුත්‍ර රෝග සමනය කරගත හැකිය. එනම් මුත්‍ර දාහය ,මුත්‍ර ගල්, මුත්‍රා අඩස්සිය වැනි මුත්‍රා ආශිත රෝග බාර්ලි පානය කිරීම මගින් සුවකර ගත හැකිය.

5.ආම්ලිකතාවය සුව කරයි.

බාරලි පානය කිරීම හෝ ආහාරයට ගැනීම මගින් උදරගත ආම්ලික තාවය හා ඒ නිසා ඇතිවන බඩදැවිල්ල සමනය කරගත හැකිය. එනම් මෙය ගැස්ට්‍රයිටිස් වැනි රෝගීන්ට ගුණදායක පානයකි.

6.පිළිකා ඇතිවීම වළක්වයි.

බාර්ලි ආහාරයට ගැනීමෙන් එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණයන් පිළිකා ඇති වීම වළක්වනු ලබයි. එනම් විශේෂයෙන්ම කාන්තාවන්ට වැලඳෙන පියයුරු පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇති වීම වලක්වා ගත හැකිය. එමනිසා එවැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට කාන්තාවන් බාර්ලි ආහාරයට ගන්නේ නම් එය වඩාත් සුදුසුවේ.

7.ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.

බාර්ලි පානය කිරීම හෝ බාර්ලි ආහාරයක් ලෙස භාවිතා කිරීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගත හැකිය. එනම් බාර්ලි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමට හේතුවේ.

8.හෘද රෝග ඇතිවීම පාලනය කරයි.

බාර්ලි පානය කිරීම හෝ ආහාරයට ගැනීම මගින් හෘද රෝග පාලනය කරගත හැකිය. එනම් එමගින් කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම සිදු කිරීම හා ඉන් අධිරුධිර පීඩනය ඇති නොවීම නිසා හෘද රෝග පාලනය වීම සිදුවේ.

මීට අමතරව දියවැඩියා රෝගීන්ට, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට, පිත්තාශය තුළ ගල් ඇති වීම වැළැක්වීමට, අස්ථි දිරායාම පාලනය කිරීමට ආදි වූ රෝග ගණනාවකට බාර්ලි ආහාරයට ගැනීම ගුණදායකය.