Lanka Fashion

No 01 Online Fashion Magazine

“අද රටේ තියෙන තත්ත්වයත් එක්ක අපිටත් ජීවත් වෙන්න හරි අමාරුයි.” නිලන්ති ඩයස්

නිලන්ති ඩයස් කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. මේ දිනවල කලා කටයුතු වලින් තරමක් ඈත් වෙලා සිටියත් ඇයගේ සුන්දරත්වය නම් බිඳක්වත් අඩුවෙලා නැහැ.ඉතින් ඇය පුවත්පතකට මෙලෙස පවසා තිබුනා. “කලා ක්ෂේත්‍රයේ අපිව බොහෝ දෙනා හඳුනනවා. මේ කාලේ මාස්ක් එක දාලා ඇවිද්දත්, ඇස් දෙකෙන් කොණ්ඩයෙන් හඳුනාගෙන ”ඔයා නිලන්ති නේද?” කියලා බොහෝ දෙනා ඇවිත් කතා කරනවා. මාව කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් වෙන රටකට ගිහින් රස්සාවක් කරාවි. එහෙම වුණොත් ඒ රටවල මිනිස්සු අපිව දන්නෙ නැහැනෙ. ඒ නිසා එහෙම වෙන රටකට ගිහින් රැකියාවක් කරලා වැටුපක් ගන්න මම ආසයි.”

ඒ වගේම නර්තනය සහ රංගනය යන ක්ෂේත්‍ර දෙකෙන් එකක් ඇය වැඩිපුරම කැමති නර්තනයට බවත් ඇය පවසා තිබුනා.“මම අනිවාර්යයෙන්ම තෝරාගන්නෙ නර්තනයයි. ඒක මගේ ඇඟෙන්ම එන හැකියාවක්. පොඩි කාලේ ඉඳන්ම මම නර්තනයට ආසයි. ඕනෑම සින්දුවක් ඇහෙන්න දීලා ”මේකට නර්තනයක් ඉදිරිපත් කරන්න” කියලා කිව්වොත් ඒ මොහොතේදීම ඒකට නර්තනයක් ඉදිරිපත් කරන්න හැකියාවක් මට තියෙනවා. ඒ නිසා මම නර්තනයට ගොඩක් ආදරය කරනවා.”ඒ වගේම මෙලෙසත් පවසා තිබුනා. “අද රටේ තියෙන තත්ත්වයත් එක්ක අපිටත් ජීවත් වෙන්න හරි අමාරුයි. මම මේ රටට හරි ආදරෙයි. මේක හරි ලස්සන, හොඳ රටක්. මම මේ රටේ ජීවත් වෙන්න හරි ආසයි. නමුත් පවතින තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ. මේ රටේ තියෙන සුන්දරත්වය, අපේකම වෙන කිසිම රටකට ගියාට අපිට දැනෙන එකක් නැහැ. අපිට ජීවත් වෙන්න හොඳ රටක් අපිට දෙවියන් වහන්සේ දීලයි තියෙන්නෙ. නමුත් එක්තරා පිරිසක් නිසා අද රට විනාශ වෙලා තියෙනවා. ඒ හින්දා මේ පවතින ප්‍රශ්නත් එක්ක තවත් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් උදා වුණොත් දරුවා ගැන හිතලා අපිටත් විදෙස්ගත වෙන්න සිදුවේවි. අපේ ජීවිතේ තුන් කාලක් දැන් ගෙවිලා ඉවරයි. නමුත් දරුවාගේ අනාගතය ගැන හිතලා සමහරවිට වෙන රටකට යන්න වුණත් සිදුවේවි.”