Lanka Fashion

No 01 Online Fashion Magazine

“අපේ පවුලට වෙච්ච දේ දැක්කම මට කසාද බඳින්න බයයි.”කවින්ද්‍යා අධිකාරි කියූ සංවේදී කතාව.

කවින්ද්‍යා අධිකාරී කියන්නේ අපේ රටේ දක්ෂ වගේම ප්‍රවීන ගායන ශිල්පීන් දෙපලක් වන සමිතා මුදුන්කොටුව මහත්මියගේත් අතුල අධිකාරි මහත්මයාගේත් දියණියයි.ඉතාමත් සුරූපී රූ සපුවක් හිමි ඇය දක්ෂ ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා.

ඉතින් තාත්තාගෙන් වෙන්වෙලා ඇය අම්මත් සමඟ ජිවත් වුනත් තාත්තා සමඟ අලුත් නිර්මාණයක් කිරීමට යන බවයි අපිට ආරංචි උනේ.ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.

“පහුගිය දවසක තාත්තා මම රූපවාහිනියේ වැඩසටහනකට ඉදිරිපත් වුනා. එදා තමා ඇත්තටම මටයි තාත්තාටයි නිර්මාණයක් කරන්න ආරාධනා ලැබුනේ. මට වුනත් ලොකු ආසාවක් බලාපොරොත්තුවක් තිබුනා තාත්තා එක්ක සිංදුවක් කරන්න. හැබැයි අපි නොහිතපු විදිහට අපි කාර්ය බහුල වුනා. ඒ එක්කම ඒ වැඩේ කරන්න බැරි වුනා. ඉතින් ඉදිරියේදි ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයි කියලා මම හිතනවා. තාත්තා එක්තරා වැඩ සටහනකදි කියලා තිබුනා මමත් එක්ක ගීතයක් ගායනා කරන්න කැමති කියලා. සමහරු හිතන්නේ අපි එකම කලාවක නිසා අපිට සිංදුවක් කරන එක ලේසි කියලා. ඇත්තටම ඒක අමාරු දෙයක් කියලා දන්නේ අපි. මොකද අපි එකට මුණ ගැසුනත් අපිට ඒ දේ කරන්න වෙලා නෑ. ඉතින් ඇත්තටම තාත්තා මම කරන ගිතය වුනත් කවදා එළයිට එයිද කියන්න දන්නේ නෑ.”

ඒ වගේම ඇය ආදරය,විවාහය ගැනත් මේ විදිහට පැවසුවා.“අපේ පරම්පරාව ඔය දෙකම ගැන හිතන විදිහ වෙනස්. මොකද ගෞරවය විස්වාසය කියන දේවල් මුල් තැනක නෑ දැන්. සමහර පවුල් වල පිරිමි කෙනා ගැහැණු කෙනාව පගාගෙන ඉන්නේ. මම කියන්නේ ඇත්තටම දෙන්නෙක් සම්බන්ධතාවයක් පටන් ගත්තහම අනිවාර්යයෙන් අපේ ඇතුලෙ ඉන්න කෙනාට ඉඩ දෙන්න ඕනි. මම ඇත්තටම මගේ පවුලේ සිද්ධ වුන දේවල් ගැනලොකු අවබෝධයකින් ඉන්නේ. ඒ නිසාම මම විවාහයට බයයි.”

ඉතින් මේ දක්ෂ කලා කාරිනියට තම ජීවිතය සාර්ථක කරගැනීමට හා සතුටින් සිටීමට සුභ පතමු.