Lanka Fashion

No 01 Online Fashion Magazine

“අපේ වෘත්තීය එක්ක අපි නිතරම සමාජ මාධ්‍ය ක්‍රියාශීලි වෙන්න ඕනේ.” යුරේනි නොෂිකා

යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ වගේම සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් ඒ වගේම ගායන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. කොහොම වුනත් යුරේනි කියන්නේ සමාජ ජාල තුල නිරන්තරයෙන් කතා මවන දඟකාර කටකාර චරිතයක්.ඒ නිසාම ප්‍රේක්ෂකයින්ගේ අපහාස උපහාස වලට ලක්වීමටත් ඇයට සිදුවෙනවා.ඉතින් ඒ ගැන ඇය මේ විදිහට අදහස් දක්වා තිබුනා.

“අපි කවදා මේ දූපත් මානසිකත්වයෙන් එළියට යයි ද කියන්නේ දන්නැහැ. ලෝකයේ අද ඉතා දියුණු තාක්ෂණයකට ගිහින් films පවා බලන්න වෙනම technology එකක් ඇවිත්. එදා දැකපු චිත්‍රපටි නෙවෙයි අද තියෙන්නේ. සියල්ල ඇත්ත වූ දේ තමයි පෙන්වන්නේ. ලෝකයේ සත්‍ය සිදුවීම් මේ විදියට පෙන්වනවා නම් ඒ නිර්මාණ වලට අදාලව තාත්විකව යථාර්ථය තියෙනවා.ඒත් ලංකාවේ අපේ සමහර අයට තාමත් ගැහැණු ළමයෙක් කකුල් දෙක දකින එක මැජික් එකක්. ඉතින් කොහොමද අපේ සිනමාව මෙතනින් එහාට යන්නේ. අපේ කලාව මෙතනින් එහාට යන්නෙ. වැරදි විදිහට බලන්න බලන්න අපි කරන්නේ ලෝකෙක දියුණුවීමට තියන කලාවෙන් ඈත් වෙන එක.අපේ වෘත්තීය එක්ක අපි නිතරම සමාජ මාධ්‍ය ක්‍රියාශීලි වෙන්න ඕනේ එතකොට තමයි අපේ වැඩ ගැන අනික් අය දැන ගන්නේ සහ අපිට තව තවත් නිර්මාණ වලට කතා කරන්නේ. ඒ නිසා සමාජ මාධ්‍යට එදිනෙදා කරන කියන දෙයක් ෆෝන් එකෙන් පොටෝස් එහෙම අරගෙන දානවා. ඒවා professional photos නෙවෙයි නමුත් ඒ විදිහට අපි අපේ පේජ් එකක දානවා තමයි එක සයිට් වල සහ සෝෂල් මීඩියා ප්‍රචාරය කරන්නේ.”