Lanka Fashion

No 01 Online Fashion Magazine

ආදරණිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සජිත තැබූ ආදරණිය සටහන.

සජිත ඇන්තනි කියන්නේ අපේ රටේ කාගේත් ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක්.බොහෝ දෙනෙක් මේ දිනවල ඔහුව හඳුන්වන්නේ “සරා” ලෙසයි. ඒ මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාඩගම්කරයෝ ටෙලි නාට්‍යයේ සරාග චරිත නිරුපනය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගත් නිසාවෙනි.

ඔහු ප්‍රවීන රංගන ශිල්පින් වන ජැක්සන් ඇන්තනි මහතාගේ සහ කුමාරි මුණසිංහ මහත්මියගේ බාල පුත්‍රයායි.

රංගනයට , ගායනයට, වාදනයට, නිවේදනයට, නර්තනයට වගේම කැමරාකරණයටත් අතිශයින්ම දක්ෂ සජිත, විවාහ වී සිටින්නේ බුවිනිකා හල්විටිගේ නම් ඉතාමත් සුරූපී තරුණියක් සමඟයි.ඇය විදෙස්ගතව ජීවත් වූ තරුණියක් ඒ වගේ කලා හැකියාවන්ගෙන් පිරුණු තරුණියක්.අධ්‍යාපන කටයුතු නිමා කර සිටින ඇය මේ වන විට ඇඟලුම් ව්‍යාපාරයක හිමිකාරිණියක් ලෙස කටයුතු කරනු ලබනවා.
ඉතින් ඇය සජිතත් සමඟ ආදරයෙන් තම පවුල් ජීවිතය ගත කරනවා.ඉතින් මේ සුන්දර යුවතියගේ උපන්දිනය ඊයේ දී තිබුනා.ඉතින් තම බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සජිත තම සමාජ ජාල ගිණුම් වල ආදරණිය සටහනක් තබා තිබුනා.ඒ මෙහෙමයි.

“ආකාසේ ඉඳන් සැහැල්ලුවෙන් ආදරේ කරපු කාලේ පහුකරන් මහ පොළොවට බැස්සහමත් ඒ ආදරේ ඒ නැවුම් බවින්ම ඔයා මට දුන්නා. ඔයාව මේ ලෝකෙට බිහි කරල දැඩි කරපු අම්මිටයි තාත්තිටයි මම අද දවසේ පින් දෙනවා. ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා! හැමදාමත් සතුටින් ඉනින ලැබේවා! මගෙ මැණිකේට සුභ උපන්දිනයක් වේවා!”