Lanka Fashion

No 01 Online Fashion Magazine

“ඇත්තටම ඇය ගොඩක් විශේෂයි.” හිරුනිකාගේ සැමියා ආදරයෙන් කියූ කතාව.

හිරාන් යට්ටෝවිට කියන්නේ කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම දක්ෂ නිවේදකයෙක්.නමුත් ඔහුව අපිට කාලයකින් දකින්න ලැබුනේ නැහැ.ඒ වුනත් මේ දිනවල විකාශනය වන බන්ධනා ටෙලි නාට්‍යයෙන් අපේ ආලින්දයට එනවා.මිට පෙර අපිට ඔහුව අවසන් වරට දකින්න ලැබුනේ මිට අවුරුදු හතරකට පෙර විකාශනය වූ විසුල අහස ටෙලි නාට්‍යයෙන්. ඉතින් මේ නිහඬ බව ගැන ඔහු මේ විදිහට පැවසුවා. “පහුගිය වසර කිහිපයේම මම උත්සහ කලේ මම ආර්ථික අතින් ස්ථාවර වෙන්න. ඒ නිසා මගේ දේපල හා ව්‍යාපාර සම්බන්දව මහන්සි වුනා. ඒ අතරේ මගේ නෝනගේ දේශපාලන වැඩවලට එයාගේ පිටිපස්සෙන් හිටියේ මම, මම එයාට උදවු කරන්න ඕන ඒක මගේ යුතුකමක්”

ඉතින් හිරාන් කියන්නේ අපේ රටේ දේශපාලනයේ බලවත් කාන්තා චරිතයක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමඟයි.ඉතින් ඔහුගේ පවුල් ජීවිතය ගැන මේ විදිහට පැවසුවා.“මට ඕන වුනේ මගේ පවුල් ජීවිතය හොඳට කරගෙන යන්න, බබාලා තුන්දෙනා එක්ක මාත් හිරුනිකාත් තරමක් කාර්යබහුලයි, ඉතින් මම එයාට සහයදෙන්න ඕන කියලා හිතුවා. එයා දේශපාලනෙත් එක්ක කාර්යබහුල නිසා මගේ උදවු එයාට අවශ්‍යම කාලයක් ඒක.අපි බැඳලා අවුරුදු 7ක් වෙනවා රස නැත්තන් මෙහෙම ඉන්න බෑ නේ, අපි ගොඩක් ආදරණීය ගමනක් යන්නේ වාද විවාද දුක සතුට හැමදේම අපේ විවාහ ජීවිතය තුල තියෙනවා. මම හිතපු විදියේ කෙනෙක් තමයි හිරුනිකා කියන්නේ, අපි දෙන්නා අතර අන්‍යොන්‍ය සම්බන්ධය, වටහා ගැනීම හරියට ගැළපෙනවා. ඒ වටහා ගැනීම නිසාම තමයි,මම කලා කටයුතුවලින් පවා ඈත් වුණේ.ඇත්තටම ඇය ගොඩක් විශේෂයි නිතරම පිළිවෙල ගැන හිතන කෙනෙක් තමයි හිරුනිකා කියන්නේ, දැන් නම් එයා ගොඩක් අඳින්නේ සාරි, හැබැයි මම නම් කැමති එයා ගවුම් අඳිනවට මොකද මට එයා ලස්සනටම පෙන්නේ ගවුමට”