Lanka Fashion

No 01 Online Fashion Magazine

“එයා මට වඩා අවුරුදු හතක් වැඩිමහල්. එයා හිතුවා එයා නිසා මගේ රංගනය නවතී කියලා.” යුරේනි නොෂිකා

යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් ඒ වගේම ගායිකාවක්ද වෙනවා.ඒ වගේම ලංකාවේ වැඩිම මුදලක් අය කරන නිරුපන ශිල්පිනියන් අතරත් ඇය ඉදිරියෙන්ම සිටිනවා.කොහොම වුනත් ඇයගේ විලාසිතා සමාජ ජාල තුල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. ඉතින් ඒ ගැන ඇය පැවසුවේ මේ වගේ අදහසක්.”මම විලාසිතා කරනකොට ඇගේ හැඩය ගැන විශේෂයෙන්ම හිතනවා. හමේ පාට ගැනනම් හිතන්නෙම නෑ. මොකද මට ලස්සන හමේ පාටක් නෑනේ. තමන් කරන විලාසිතා ගැන තමන්ට ආත්ම විශ්වාසයක් තියෙයිනම් මොන විලාසිතාව කලත් ලස්සනයි. ඇදුමක් දැක්ක ගමන් ඒ විලාසිතාව මට ගැලපෙනවද කියලා තීරණය කරන්න මට පුලුවන්.මගේ ඇගේ හැඩයට ගැලපෙන්නෙ කොට ඇදුම්. මම ජුවලරි පළදින්න කැමතිම නෑ. ඇදුමට ගැලපෙන්න කොන්ඩෙ විලාසිතාවයි මේකප් එකයි හදා ගන්නවා. සෙරෙප්පු දෙකත් මැච් කරනවා. සහභාගි වෙන තැනට අනුව මම විලාසිතා කරනවා”

ඒ වගේම තවමත් තනිකඩ ජිවිතයක් ගතකරන ඇය අතීතයේ තිබු සුන්දර සබඳතාවයක් ගැනත් මේ විදිහට මතක් කළා. “කිඳුරංගනා නාට්‍ය මුල් කාලේ තමයි එයාව හම්බවුනේ දවසක් මම හෝටලයකට ගියා සැලුන් එකෙන් කොන්ඩෙ හදන්න. ඒ අද මගේ යාළුවෙක් වාඩිවෙලා හිටියා එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මම ඔහුට හායි කියලා අත වනාගෙන ගියා. එතන තමයි ඔහු හිටියේ එදා රෑ අර යාළුවා මට කතා කරලා කිව්වා අපේ කෝච් ඔයාගේ නම්බර් එක ඉල්ලනවා කියලා. මගෙන් ඇහුවා දෙන්නද කියලා මමත් හා කිව්වා එයා එතකොට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු භෞතික චිකිත්සක පුහුණුකරු. එදා ඉඳලා අපි හිතවත් වෙලා ආදරේ කලා අපි විවාහ වෙන්න හිටියේ වැඩි කාලයක් ආදරේ කරෙත් ඔහුට. අවසානයේ ප්‍රේමයට සමුදුන්නා එයා මට වඩා අවුරුදු හතක් වැඩිමහල්. එයා හිතුවා එයා නිසා මගේ රංගනය න