Lanka Fashion

No 01 Online Fashion Magazine

කැලුම් ශ්‍රී බිරිඳ හා පුතු පැටියා සමඟ ගෙවන ජීවිතය.

කැලුම් ශ්‍රී කියන්නේ අපේ රටේ කාගේත් ආදරය දිනාගත් දක්ෂ වගේම කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහු හිරු නාලිකාවේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය හරහා අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණා. ඒ වගේම මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ විශාල් ලෙසින් අපේ ආලින්දයට එනවා. ඉතින් ඔහු කලාවට පිවිසි ආකාරය ගැන මේ විදිහට පවසා තිබුනා.“මගේ ගම මහනුවර. ඉස්කෝලේ කාලේ ඉඳන්ම මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න. හැමෝම මාව දැකලා කතා කරන්න එන මට්ටම එන්න ඕනේ වුණා. ඕ ලෙවල් ඒ ලෙවල් කාලෙදි ටීවී එකේ දකින නළුවන්ව අනුකරණ කළා. ඒත් එක්කම රංගනය ගැන ආසාවක් ඇති වුණා. 2011දී මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ගීතයක රූප රචනය රචනයකට කොළඹ ඇවිත් එතැන හිටපු අධ්‍යක්ෂවරයෙක් මාව දැකලා මාව වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ කරගත්තා. ඊටපසුව වෙළඳ දැන්වීම් රැසකට සහ ගීත රූපරචනා රැසකට සම්බන්ධ වෙන්න ලැබුණා. මගේ පළමුවෙනි ටෙලිනාට්‍ය හිරු නාළිකාවේ විකාශය වුණු “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම”. ඒකේ සිද්ධාර්ථ කුමාරයාට රඟපෑවේ මම. මගේ දෙවෙනි ටෙලිනාට්‍ය සිරස නාළිකාවේ විකාශය වුණු “රැස්”. ඒකේ ආකාශ්ගේ චරිතය රඟපෑවා. තුන්වෙනි ටෙලිනාට්‍ය තමයි “දිවිතුරා”.”ඉතින් ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කලකින්ම විවාහ වූ ඔහු මේ වන විට පියෙක්.ඒ ගැනත් ඔහු මේ විදිහට පවසා තිබුනා. “මට පොඩි පුතෙක් ඉන්නවා එයාට වයස අවුරුද්දයි. එයාගේ නම ශ්‍රී ආර්ය දසිස්. රූපගත කිරීම්වලට යන නිසා දවස්වල නම් එයාගේ ළඟට යන්නේ නැහැ. මගේ බිරිඳ දුලී ප්‍රනාන්දු. එයා නර්ථන ශිල්පිනියක්. නර්තනය පැත්තෙන් එයා මටත් වඩා ඉහළින් ඉන්නවා. මම මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන “හිරු මෙගා ස්ටාර් 3” වැඩසහටනෙහි තරගකරුවෙක්. ඒ තරගයටත් මට උදවු කරන්නේ මගේ බිරිඳ. මගේ හැම වැඩකටම බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ පවුලේ අම්මායි තාත්තායි මල්ලී ඉන්නේ.”ඉතින් කැලුම් ශ්‍රී ඔහුගේ ආදරණිය බිරිඳ සහ පුතනුවන් සමඟ කපරු ලස්සන ෆොටෝ ශුට් එකක් තමයි මේ.