Lanka Fashion

No 01 Online Fashion Magazine

“ජිවිතේ මම ගොඩක් තැන්වල ප්‍රතික්ෂේප වුන වාර අනන්තයි.” හැමෝම ආදරේ කරන ලොක්කි ටෙලි නාට්‍යයේ ප්‍රවීනා කියූ කතාව.

ලොක්කි කියන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වූ අතිශයින්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.ඉතින් මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ සමාධිගේ චරිතය වගේම තවත් චරිතයක් ප්‍රේක්ෂකයින් අතිශයින්ම ජනප්‍රිය වූ චරිතයක් තමා ප්‍රවීනා.ඇය නිතර පවසන “අනා..”වචනය අතිශයින්ම ජනප්‍රිය වුනා.ඉතින් මේ චරිතය නිරුපනය කරන්නේ ඉතාම සුරූපී රඟන ශිල්පිනියක් වන ඩිලුක්ෂි වීරපෙරුමයි..

ඇය ලබා ගත් මෙම ජනප්‍රියත්වය ගැන ඇය පැවසුවේ මෙහෙමයි.“ඇත්තට මට හිමි වුන චරිතයේ ගොඩක් තියෙන්වේ ඉංග්‍රිස් දෙබස්. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලවට අනා කියන වචනය පාවිච්චි කරනවා. ඒ නිසාම ගොඩක් අය මට ‘අනා’ කියලා තමා කතා කරන්නේ මාක්ස් දාලා එළියට ගියත් මාව අදුරන තැනට ඇවිත්.”

ඒ වගේම ජිවිතේ සිදු වූ ප්‍රතික්ෂේපවීම් පිළිබඳවත් මේ විදිහට ඇය පවසා තිබුනා.“ ජිවිතේ මම ගොඩක් තැන්වල ප්‍රතික්ෂේප වුන වාර අනන්තයි. සම්මුඛ පරික්ෂණ වලට ගියහම මම කොටයි කියලා ප්‍රතික්ෂේප වුන වාර තියෙනවා. මම කළුයි කියලා ප්‍රතික්ෂේප වුන වාර තියෙනවා. චරිත වලට මාව ගැළපෙන්නේ නෑ කියලා මාව ගත්තේ නෑ. ගොඩක් වෙලාවට අපේ දක්ෂතාවය කියන දේ බැලුවා අඩුයි. පෙනුම කියන දේ තමා එයාලා මුලින්ම බැලුවේ. ඉතින් ඒ වගේ තැන්වල මට දුක හිතුන අවස්ථා තිබුනා.”