Lanka Fashion

No 01 Online Fashion Magazine

“ජීවිතය තුළ කාටවත් යටත් නොවී කාගෙන්වත් යැපෙන්නේ නැතිව ජීවත්වීම තමයි මගේ බලාපොරොත්තුව.” දිනිති වල්ගමගේ

දිනිති වල්ගමගේ කියන්නේ මෑත කාලයේ ප්‍රේක්ෂකයින් අතර අතිශයින්ම ජනප්‍රිය වූ සමාජ ජාල තුල නිරන්තරයෙන් කතා මවන සුරූපී රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වගේම සිනමා ක්ෂේත්‍රයත් ජයගැනීමට සමත්වෙලා තිබෙනවා. ඒ මේ දිනවල තිරගත වන ආශාවරී චිත්‍රපටයෙන්. ඉතින් ඇය වෘත්තියෙන් ගුවන් නිවේදිකාවක් වෙන අතරම දක්ෂ රංගන ශිල්පිනියක් නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා.

කෙසේවෙතත් දිනිති ගැන කතා කරනවානම් ඇය පිළිබඳ මේ දිනවල වැඩියෙන් කතාබහ කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ ඇය සිය රංගන දායකත්වය ලබාදෙන ආෂාවරි කියන චිත්‍රපටයේ චරිතය නිසයි.කොහොම වුනත් ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් පවසන්නේ ඇය පණ්ඩිතයි කියලයි.ඉතින් පසුගිය දිනෙක යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වූ ඇය මේ විදිහට පවසා තිබුනා.“බොහෝදෙනෙක් මම ටිකක් පණ්ඩිතයි කියලා චෝදනා කරනවා. ඒ නමුත් ජීවිතය තුළ කාටවත් යටත් නොවී ඉදිරි කාල සීමාව තුළ දීත් කාගෙන්වත් යැපෙන්නේ නැතිව ජීවත්වීම තමයි මගේ මූලිකම බලාපොරොත්තුව වෙන්නේ.මගේ අයියලාගේ ළමයි දෙන්නට මම හරි ආදරෙයි. මම කැමති නැහැ බබාලා අඬනවට.බබාලා අඩද්දී ඇයටත් ඇඩෙනවා.බබාලා බොරුවට අඬන්නැහැනේ. මගේ බබාට මම කවදාවත් අඩන්න දෙන්නේ නැහැ”