Lanka Fashion

No 01 Online Fashion Magazine

“දුව නදීමාල් පුතාටත් හරිම ආදරෙයි.”අමල් පෙරේරාගේ සුරූපී බිරිඳ ශිරෝෂි රොමේෂිකා

ශිරෝෂි රොමේෂිකා කියන්නේ කලක් අපේ කලා ලෝකය බබලවාගෙන සිටි තාරකාවක්.ඉතාමත් සුරූපී රූ සපුවක් හිමි ඇය විවාහ වුයේ අපේ රටේ ජනප්‍රිය වගේම අතිදක්ෂ ගායන ශිල්පියෙක් වන අමල් පෙරේරා සමඟයි. විවාහයෙන් පසු පුංචි තිරය තුළින් ඇයව නිතරම දකින්න ලැබෙන්නේ නෑ.ඉතින් ඒ වසර තුනකට අදික කාලයක් ශිරෝෂි කැප කරලා තියෙන්නේ ඇයගේ ආදරණිය දුව සහ ඇයගේ ආදරණීය පවුල වෙනුවෙන් කියලා තමා ඇය පවසන්නේ.

නමුත් කාලයකට පසු නැවතත් නිර්මාණ කිහිපයක් ඔස්සේ අපේ ආලින්දයට පැමිණෙන ඇය මේ දිනවල අතිශයින්ම කාර්යබහුල වෙලා කියලයි අපිට දැනගන්න ලැබුනේ.ඉතින් පසුගියදා පුවත්පතකට ඇය මෙලෙස පවසා තිබුනා.“බොහොම සතුටින් හොඳින් ඉන්නවා.පසු ගිය දිනවල මගේ නාට්‍යක් විකාශනයය වී අවසන් වුනා. ඒ බස් එකේ ඉස්කෝලේ ඉතින් බොහොම හොඳ චරිතයක් ලැබුනේ, ඉතින් ඉදිරියේදී තව නිර්මාණ වලට දායක වන්න අස්වෙන් ඉන්නවා. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක වුණහම ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් ඉතින් මගේ සීමාව තුළ මට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න මම සූදානම්.මා සතු කලා හැකියාවන් දෙවියන් වහන්සේගෙන් ලැබුණු දේවල් විදිහට තමයි මම දකින්නේ. ඒ හැකියාවන් හැමෝටම පිහිටන්නේත් නැහැ. ඇත්තටම මගේ කලා හැකියාවන් තුළින් මම නිසි ප්‍රයෝජන ලබා ගන්න මට බැරි වුණා. නමුත් ඉදිරියේදී නැවතත් මගේ කලා හැකියාවන් තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්නත්, මගේ හැකියාවන් තුළින් නිසි ප්‍රයෝජන ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඉදිරියේදී දිගටම රංගන වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා. විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මහතාගේ සිනමා නිර්මාණයකට දායක වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒ ආසාව මට ඒ කාලයේ ඉඳන්ම තිබුණු ආසාවක්.”

ඒ වගේම ඇය ඇයගේ ආදරණිය දියණියත් එක්ක ගෙවන ජීවිතය ගැනත් මේ විදිහට පැවසුවා.“ඉතින් මගේ පුංචි දුව නිසා තම කාලයක්ම රංගනයෙන් ඈත වුනේ. දුව මරීෂා අමාෂි පෙරේරා. ලබන ජූලි මාසයට එයාට අවුරුදු 4 සම්පුර්ණ වෙනවා.ඉතින් අපි දැන් සුන්දර ජිවිතයක් ගෙවනවා. ඒ කාලෙ වගේ නෙවෙයි දැන් ජීවිතේ හරිම වෙ’නස්. දැන් ගොඩාක් ව’ගකීම් දරන්න වෙනවා. දුවගේ හුරතල් වැඩත් එක්ක තමයි මම කාලය ගත කරන්නේ. එයාගේ අනාගතය වෙනුවෙන් තමයි මම දැන් හැමදේම කරන්නේ. මම මුළදී නම් ආසාවෙන් හිටියේ පුතෙක්ට. ඒත් දුවෙක් ලැබුණාට පස්සේ දුවට ගොඩාක් ආදරය කරන්න ගත්තා දෙමව්පියන් දෙදෙනාම කලාකරුවන් නිසා දියණියටත් එම කලාව ඒ ආකාරයෙන්ම ලැබිලා ඇති කියලා අපි හිතනවා.දුව පුංචි කාලයේ ඉදන්ම කලාවට ගොඩාක් ආස කරන කෙනෙක්. එයා සිංදු අහන්න, ගීත ගායනා කරන්න, නටන්න හරිම ආසයි. නමුත් මම දුව ලොකු වෙද්දී කවදාවත් එයා ආස කරන ක්ෂේත්‍රයට යන්න මම බාධාවක් කරන්නේ නෑ. දුව දක්ෂ එයා කැමති ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න මම එයාට උදව් කරනවා.

ඒවගේම ඇය තම ආදරණිය සැමියා ගැනත් මතක් කරන්න අමතක කලේ නැහැ. “අමල් ගොඩාක් කාර්‍යබහුල කෙනෙක්. එයාගේ වැඩත් එක්ක මම අපි ගැනම බලන්න කියලා එයාට කරදර කරන්නේ නෑ. මොකද අමල්ටත් දෙපැත්තක් බලන්න තියෙනවා. නමුත් අමල් දුවට ගොඩාක් ආදරෙයි. නිතරම එයා දුව ගැන මම ගැන හොයලා බලනවා. දුව නදීමාල් පුතාටත් හරිම ආදරෙයි. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ගොඩාක් සතුටෙන් සහයෝගයෙන් තමයි ජීවත් වෙන්නේ.”