Lanka Fashion

No 01 Online Fashion Magazine

ධනංජය සිරිවර්ධන පුංචි දියණිය මෞර්යාගේ උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි.

ධනංජය සිරිවර්ධන කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත්ම දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක්.ඒ වගේම දක්ෂ නිවේදකයෙක්. ඉතින් මේ වන විට විවාහ වෙලා ඉන්න ඔහුගේ ආදරණිය බිරිඳ ශෂිනි සිරිවර්ධනයි. ඉතාමත්ම ආදරණිය යුවලක් වන මොවුන් දෙදෙනාට සුරතල් දියනියකුත් සිටිනවා.ඉතින් මේ සුරතල් දියණිය ගැන ඔහු පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.“එයාගේ නම මෞර්යා ශෛරී සිරිවර්ධනයි. ජූලි මාසේ පළවෙනිදාට චූටි දුවට අවුරුදු දෙකයි.එයාගේ මේ බහ තෝරන කාලයයි. එක එක වචන කියනවා. වැඩ කරනවා. එයාට හිතෙන දේවල් එයා වචනවලට හරවන්න උත්සාහ කරනවා. එයාගේ ලෝකය එයා ගෙනයන්න පටන් අරගෙන තියෙනවා.මුලින්ම එයා ”තාත්තා” කියලයි කිව්වේ. ”අම්මා” කියනවාට වඩා ”තාතා” කියන්න ලේසියිනේ. මුලින් ”තාතා” කියලා ඊට පස්සේ අම්මා, සීයා, ආච්චා කියලත් කිව්වා. දැන්නම් ඉතින් එයාගේ වැඩිපුරම කටේ ”අම්මා” කියලයි තියෙන්නේ.දූ ඉපදුණ පළවෙනි මාස තුන මම ගෙදරමයි හිටියේ. ඒ කාලේදී වැඩවලට වඩා දරුවා එක්ක ඉන්න මට ඕනවුණා. ඒ කාලේදී මම දූගේ ඇඳුම් හෝදලා, මැදලා, නවලා තියෙනවා. බබාගේ වැඩවලට ශශිනිට උදව් කළා. නමුත් පළවෙනි මාස තුන විතරයි මට ඒක ඒ විදිහට කරන්න පුළුවන් වුණේ. දැන් ගෙදර සහ බබාගේ වැඩ කරන්නේ ශශිනි. මගෙන් වෙන්න ඕන දේවල් මගෙන් මඟහැරෙනවාත් ඇති. හැබැයි හැමදේම හොයල බලලා කරන්නේ ශශිනි. ඇය දරුවා වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. ”අම්මා” කියන චරිතයේ බරපතළකම මම ශශිනිගෙන් දැක්කා. මගේ අම්මාත් ඒ කැපකිරීම කළා කියලා මම දන්නවා. නමුත් මට ඒක මම පොඩි කාලේදී දැනුනේ නැහැ. කිරි දෙන තැනේ ඉඳලා කොයිතරම් මහන්සියක් දරුවන් වෙනුවෙන් අම්මලා දරනවාද කියලා මම දැන් දන්නවා. දරුවා ලැබුණාට පස්සේ ශශිනි ගොඩක් මහත් වුණා. ඒ හැමදේම ඇය දරාගත්තා. ඒ හැමදෙයක්ම ශශිනි කරන්නෙ හරිම සතුටින්. අවුරුදු දෙකක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ දූ ලොකු වෙද්දී ඒ සතුටත් වැඩිවෙනවා. මම ගෙදර ඉඳිද්දී දුව හරි සතුටුයි. දූට මේ ගේ ඇතුළේ කිසිම තහංචියක් නැහැ. ඕන දෙයක් කරන්න, ඕනෑ තැනකට යන්න, ඕන තැනක චිත්‍ර අඳින්න එයාට ඉඩදීලයි තියෙන්නේ. මුලින් එයා බිත්ති දිගේ චිත්‍ර ඇන්දා. අපි ඒවාට කිසිම තහංචියක් දැම්මේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ අපි Art Board එකට එයාව හුරුකළා. දැන් එයා බිත්තිවල චිත්‍ර අඳිනවා අඩුයි. දරුවකුට එයාගේ නිදහස සීමා කිරීම වැරදියි. දැන් එයාට ප්ලැටිග්නම් එකක් ලැබුණ ගමන් මගේ මූණේ තමයි එයාගේ හිතේ ඇතිවන අදහස්වලින් පෙන්වන්නේ. එයාට නිදහසේ ජීවිතේ විඳින්න අපි ඉඩ දීලයි තියෙන්නේ. අපි ”එපා” කියන දේම එයා වැඩිපුර කරන්න ආසා කරනවා.”

ඉතින් මේ සුරතල් දියණියගේ උපන් දිනය පසුගියදා ජයටම සමරා තිබුනා.ඉතින් මේ සුරන්ගනාවියට සුභම සුභ අනාගතයකට ආසිරි පතමු.