Lanka Fashion

No 01 Online Fashion Magazine

නෙහාරයි මේනකයි පුංචි මෙයිලි පැටියගේ පළමු උපන්දිනය සමරපු හැටි.

නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්.ඉතින් මේ දෙන්නාගේ පුංචි දෝනි තමයි මෙයිලි.

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියලා කියන්නේ පුංචි තිරය ඔස්සේ අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉතාමත් ඉහලින් ලැබූ දෙදනෙක් කිව්වොත් හරියටම හරි. නෙහාරගේ හුරුබුහුටි කම නිසත් මේනකගේ කඩවසම් කම නිසත් වගේම මෙතරම් ආදරණීය යුවලක් වූ මොවුන් දෙදනාට මේ වන විට පුංචි හුරතල් දූවෙක් ඉන්නා නිසත් ඔවුන් බොහෝ කාර්‍ය්බහුල බව වරක් පවසා තිබුනා.ඉතින් නෙහාරගෙයි මේනකගෙයි සුරතල් පුංචි දෝනි මෙයිලිගේ පළමු උපන්දිනය පසුගිය දවසක ඇයගේ පලවෙනි උපන්දිනය සමරලා තිබුනා..

ඒ වගේම මේ පුංචි සුරන්ගනාවියගේ පළමු උපන්දිනය වෙනුවෙන් නෙහාරා තම සමාජ ජාල ගිණුම් වල මේ විදිහට ආදරණිය සටහනක් තබා තිබුනා. “අපේ බෝනික්කි ඉපදිලා අදට වසරක් පිරෙනවා..දෙයියනේ කොතනින් පටන් ගන්නද කියලා මට තේරෙන්නෙ නැහැ. මම අම්මා කෙනෙක් වෙලා හරියටම අවුරුද්දයි. පලවෙනි වතාවට ඔයාඅඬන වෙලාවේ මගේ හදවතටයි මනසටයි ඒ දැනිච්ච හැගීම වචන වලින් කියන්න මට බැහැ..ඔයා නිසා මම ගොඩක් ආඩම්බර උනා වගේම සතුටුත් උනා. ඒ වගේම ඔයා මගේ ජීවීතයට ගෙනාපු ඒ සතුට දරාගන්න බැරුව මට ඇඩුනා.ඔයා තමයි මගේ හැමදේම, මගේ ජීවීතය, මගේ හුස්ම, මගේ ආදරය, මගේ බෝනික්කි, මගේ මැනික.. දෙයියනේ මට තව කොච්චර දේවල් කියන්න පුලුවන්ද..සුභ උපන්දිනයක් පැටියෝ.. ඔයාට හරිම ආදරණීය උපන්දිනයක් වගේම හොද අවුරුද්දක් ඉස්සරහට ලැබේවා!මමයි තාත්තයි ඔයාට ගොඩාක් ආදරෙයි.. ඒ වගේම අපිට පුලුවන් උපරිමයෙන්ම අපි ඔයාව බලාගන්නවා කියලා අපි පොරොන්දු වෙනවා. උම්මා…”

ඉතින් මේ පුංචි සුරංගනාවිට සුභම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරමු.