Lanka Fashion

No 01 Online Fashion Magazine

පියුමි හංසමාලි ආදරණිය පෙම්වතා සමඟ ගෙවබ සුන්දර ජීවිතය.

අපේ රටේ ලොකු පොඩි ගැහැණු පිරිමි වෙනසක් නැතුවම කාගේත් ආදරය දිනාගැනීමට සමත්වුණු කාන්තවක් තමයි පියුමි හංසමාලි. ටික කලකට ඉහතදී ඇයගේ ඇඳුම් පැළඳුම්, හැසිරීම ඒ වගේම ඇයගේ කෙලින් කතාව නිසාම සමාජයෙන් බැනුම් ඇසීමට ඇයට සිදු වුනා.කොහොම වුනත් මේ වන විට නම් ඇය හිත හොඳ කාටත් උදව් උපකාර කරුණාවන්ත කාන්තාවක් බව බොහෝ දෙනෙක් වටහාගෙන තිබෙනවා.ඉතින් ඇය ඇයට බැනපු අයගේම ආදරය දිනාගැනීමට සමත්වෙලා තිබෙනවා. ඒ වගේම ඇය දක්ෂ නිරුපිකාවක් ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඉතාමත් ජනප්‍රිය වුනු මියුසික් වීඩියෝ ගණනාවකම ඇයව අපිට දකින්න ලැබෙනවා.

කොහොම වුනත් විවාහයෙන් වෙන්වෙලා තම ආදරණිය පුතනුවන් හදාවඩා ගනිමින් තනිකඩ ජිවිතයක් ගත කළා. ඉතින් තනිකඩ ජීවිතය නිමා කරමින් ඇය දැන් පෙම්වතියක් වෙලා බව දැන් ලංකාවම දන්නා දෙයක්.ඉතින් පියුමිගේ ආදරය දිනාගත් මේ කඩවසම් තරුණයා තමයි ප්‍රගීත් තනුෂ්ක කියලා කියන්නේ. මේ දෙදෙනා ළඟදීම විවාහ වන බවත් අපිට සමාජ ජාල ඔස්සේ දැනගන්න ලැබුනා.ඉතින් මේ ආදරණිය යුවලට හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.