Lanka Fashion

No 01 Online Fashion Magazine

“පෙම්වතෙක් ඉන්නවා කියලා නෑ මට ආදරයෝජනානම් ඕන තරම් එනවා.” උදාරි කෞශල්‍යා

උදාරි කෞශල්‍යා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඇය කලා ක්‍ෂ්ත්‍රයට පිවිසුණු විදිහ පැවසුවේ මේ විදිහටයි.“මම කලාවට එන්නේ සෙන්ට්‍රිග්‍රේට් සංගිත කණ්ඩායමේ මියුසික් විඩියෝ එකක් හරහා.ඒ මියුසික් විඩියෝ එක සම්මාන වලට පවා ලක් වුනා. ඊට පස්සේ මම කලාවට එකතු වෙන්නේ අත්තම්මා මලි 2 කතාව සමගින්. මම මලි එක්ක ඒ පටන් ගත්ත ගමන රාවණා වලට එන්නත් හැකි වුනා. ඉතින් රාවනා ටෙලිනාට්‍ය හරහා ගොඩක් දෙනෙක් මාව අදුරගත්තා.”මම රංගනයට එන්න නොහිතපු කෙනෙක්.මොකද මම ව්‍යාපාර අංශයෙන් උසස් පෙළ හදාරලා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වුන කෙනෙක්. හැබැයි තාත්තා නිසා මම කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනා. ඒ අතරේ තමා මට රංගනයට එකතු වෙන්න ලැබෙන්නේ. ඉතින් මගේ ගමන වෙනස් වෙන්නේ අන්න එතනදි.මම ආස කලා මගේම ව්‍යාපාරයක් කරන්න.නැත්නම් උපාධිය අවසන් කරලා පෞද්ගලික ව්‍යාපාරයක හොද තනතුරක් දරන්න. හැබැයි අද ඒක වෙනස් වෙලා. මම උපාධිය කරනවා. හැබැයි රංගනයට ආසයි දැන්.”

කොහොම වුනත් ඇය විවාහ වී සිටි සංගීත් සතරසිංහගෙන් වෙන්වී කලක් තනිකඩව ජිවත් වුනා.දැන් ඇය නැවතත් පෙම්වතියක්.ඉතින් ඒ දේවල් ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“ආදරය පටන්ගද්දි ගොඩක් සුන්දර දෙයක්. හැබැයි මතුපිටින් පේන තරම් ඒක සුන්දර දෙයක් නෙවෙයි. විවාහය කියන්නේ මැරෙන තුරාවට අත් අල්ලගෙන ඉන්නවා කියන එකට. හැබැයි ඒ ගමන යන්නේ බොහොම ටික දෙනයි. මොකද දෙන්නෙකුට විවාහය කියන ගමන යන්න අදහස් ගැළපිම කියන දේ ගොඩක් වටිනවා. මම තාම මේ හැමදේම තේරුම් ගන්න ගමන ජිවිතේ ඉස්සරහට යනවා.මේ ලොකේ ප්‍රශ්න වලට මුණ දිලා දික්කසාද වුන පළවෙනි කෙනා මම නෙවෙයි. ඉතින් ඒ ගැන වැඩිය කියවන්න එපා. බය නැතුව ඉන්න ඉස්සරහට මම ජිවිතේ තේරුම් අරගෙන විවාහ වෙයි මොකද දැනටත් මම පෙම්වතියක් එයා ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ කෙනෙක් අපි දෙන්න හොඳ අවබෝදයකින් ඉන්නේ, හැබැයි පෙම්වතෙක් ඉන්නවා කියලා නෑ මට ආදරයෝජනානම් ඕන තරම් එනවා. එත් අපි දෙන්නා විවාහ වෙන්න ඉන්නේ ඉතින් ඒ අයගේ හිත රිදෙන්නේ නැති විදියට මම බෑ කියනවා.”