Lanka Fashion

No 01 Online Fashion Magazine

“මගේ හීනෙ මම දිනලා ඉවරයි”කෞශි පෙරේරා කියන සංවේදී කතාව.චායාරුප 30ක්.

කෞශි පෙරේරා කියන්නේ සමාජ ජාල වල නිතරම කතා බහට ලක්වන කෙනෙක්.නිරූපණ ශිල්පිනියක්.ඇය 2019 මිස් ටීන් ශ්‍රී ලංකා ජාතික තරගාවලියේ 3 වැනි ස්ථානය දිනාගත්තා.ඒක කලේ විශ්ව පෙරේරා.කොරෝනා අවධානම නිසා ගිය අවුරුද්දේ මෙම තරගාවලිය තිබුනේ නෑ.මේ අවුරුද්දේ මේ තරගාවලිය තිබුනා.එහිදී ඇය ආසියානු කලාපිය දක්ෂතම නිරුපිකාව වුණා.මේ තමයි ඇයගේ පළමු ජාත්‍යන්තර තරගාවලිය.

ඒ ගැන ඇය පැවසුවේ මෙලෙසයි.“මගේ පළමු ජාතික තරගාවලියෙන් පස්සේ මට විශ්ව පෙරේරා මුණගැහෙනවා.එතනින් තමයි මගේ ජිවිතේ වෙනස් වුනේ.හැබැයි ඒ වෙද්දී මම නවකයෙක් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ විශ්වගෙන්.ඒ කාලේ ඉදන් මට තිබුනේ මේ හිඉනය.මේ පැජන්ට් එක ජයග්‍රහණය කරන එක.2019 මගේ ජයග්‍රහණයත් එක්ක තමයි මට මේ තුර්කියේ තිබුණු පැජන්ට් එකට අවස්ථාව හිමිවෙන්නේ.මට තිබුනේ අපේ සංස්කෘතිය විදහා දක්වන ඇදුම් අදින්න.මම බතික් ඇදුමක් පවා ඇදලා ලෝකයට අපේ අනන්‍යතාවය පෙන්නුවා.හෂාන් පන්නිල කියන ජායාරුප ශිල්පියා එක්ක කරපු ජායාරුප ඇල්බමයක් එක්ක තමයි මම මුලින්ම ජනප්‍රිය වෙන්නේ.ඒ එක්ක තමයි මට නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ.මට ජිවිතයේ ආයේ දිනන්න දෙයක් නෑ.මගේ හීනෙ මම දිනලා ඉවරයි.එතනින් එහාට මගේ ව්‍යාපාරය කරගෙන ජිවත් වෙන්න තමයි බලාපොරොත්තුව.විවාහක රු රැජිනක් වෙන්නත් මටත් පුංචි හීනයක් තියෙනවා.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30