Lanka Fashion

No 01 Online Fashion Magazine

“මටත් වැඩිය මගේ දරුවාට ආදරේ කරන කෙනෙක් හම්බවුනොත් ආයෙත් බඳිනවා”නිරුපන ශිල්පිනි චූලා පද්මේන්ද්‍රන්

චූලා පද්මේන්ද්‍රන් කියන්නේ අපේ රටේ ඉන්න ඇති දක්ෂ නිරුපන ශිල්පිනියක්.ඉතින් ඇය මේවන විට තම සැමියාගෙන් වෙන්වෙලා තම දරුවා සමඟ දිවි ගෙවනවා. ඉතින් ඇය මේ වන විට නිරුපන ශිල්පිනියක් වගේම ගුරුවරියක් ලෙසත් කටයුතු කරනවා.

ඉතින් ඇය පසුගියදා යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙලා පවසා තිබුනේ ඇයගේ දරුවා ඔටිසම් රෝගියෙක් බව දැනගත්තේ ඔහුට අවරුදු හතරේදී බවයි. එය දැනගත් අවස්ථාවේදී ඇය ඉතාමත් කම්පනයට පත්වුණු බවත් ඒ නිසාම ඊට පසුවදා ඇයට උන රෝගය වැළඳුනු බවත් ඇය පවසා තිබුනා.ඒ වගේම ඔටිසම් කියන්නේ රෝගී තත්ත්වයක් නෙවෙයි බවත් එය දරුවෙකුගේ යම්කිසි අවස්ථාවක් බවත් ඇය එහිදී පැවසුවා.ඒ වගේම ඇය කෙදිනක හෝ විවාහ වෙන්නේ ඇයටත් වැඩිය තමන්ගේ දරුවාට ආදරේ කරන කෙනෙක් සමග බවත් ඇය එහිදී සඳහන් කර තිබුනා.