Lanka Fashion

No 01 Online Fashion Magazine

“මට ජීවිතේට ආපු ප්‍රශ්න මම ඔලුවට ගත්තනම් මේ වෙනකොට මම ඉන්න ඕන අංගොඩ.” චතුරිකා පීරිස්

ලාංකීය කලා ක්ෂේත්‍රයට කලක් නැතිවම බැරි වුනු ඉතාමත් සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් නිවේදිකාවක් වේ වගේම නිෂ්පාදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඉතින් අපේ රටේ තවත් දක්ෂ රංගන ශිල්පියෙක් වන ගයාන් වික්‍රමසිංහ සමඟ විවාහ වෙලා සිටින ඇයට ආරාධනා නම් හරිම හුරතල් දියනියකුත් සිටිනවා. ඉතින් මේ සුරතලියගේ දඟ වැඩ ගැන මේ විදිහට පැවසුවා. “එයා දුවෙක් වුණාට හරිම දඟයි. තාම එයාට අවුරුදු දෙකයි මාස නවයක් වුණාට එයා හරි ඉක්මනට පඩිපෙළ නැගලා හරි ඉක්මනට පඩිපෙළ බහිනවා. අපිට හිතාගන්නවත් බැරි වේගයෙන් සමහර වෙලාවට එයා පඩිපෙළ බැහැලත් ඉවරයි. සාලෙදි වතුර බොන්න දීලා කෝප්පය තියලා එන ටිකට දූ පඩිපෙළ නැගලා උඩට ගිහින් කාමරෙන් වාඩිවෙලත් ඉවරයි. එයා එච්චර ඉක්මනට යන්නෙ කොහොමද කියලා වෙලාවකට මට පුදුමයි. දූ හරිම දඟයි. ඒ වගේම එයා හරිම හුරතල්. එයා ගොඩක් එයා වෙතම අපේ අවධානය යොමුකර ගන්නවා. එයාගේ අතක් පයක් චුට්ටක් කොහේ හරි වැදුණොත් අපි එයා ළඟට ගිහිල් අතගාලා ඉඹලා ඉවර වෙනකම් එයාට ඒ ගැන දුකයි. අපි අතගානකම් එයා අපේ පස්සෙන් එනවා. එයා වැටුණත් එකපාරම නැගිටින්නෙ නැහැ. අම්මා අප්පායි කියලා අපි එයා ළඟට එනකම් කෑගහනවා. ඇත්තටම චූටි දූ හරිම හුරතල් දරුවෙක්.”

ඒ වගේම ඇයට සමාජයෙන් එල්ල වන චෝදනා ගැනත් මේ විදිහට පැවසුවා. “මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වන කෙනෙක්. ගයාන්ට ටිකක් ඉකමනට තරහ යනවා. මම බුද්ධාගමේ. මම විශ්වාස කරන්නේ අපිට වෙන හැම දෙයක්ම පෙර කරපු දේවල් වලට අනුව තමයි මේ ආත්මේ අපිට සිද්ධ වෙන්නෙ හැම දෙයක්ම. මට ජීවිතේට ආපු ප්‍රශ්න මම ඔලුවට ගත්තනම් මේ වෙනකොට මම ඉන්න ඕන අංගොඩ.’’