Lanka Fashion

No 01 Online Fashion Magazine

“මට දැන් ආදර යෝජනානම් ගොඩක් එනවා.හැබැයි ඇය ඒවා වැඩිය ගණන් ගන්නේ නැහැ.” නෙත්මි රොෂෙල්

නෙත්මි රොෂෙල් කියන්නේ අලුතින්ම අපේ කලා ක්ෂේත්‍රයට පෑයූ තරුවක්. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන අතිශයින්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ අක්ෂා ලෙසින් අපේ ආලින්දයට එනවා. ඇය කලා ක්ෂේත්‍රයට පා තබන්නේ 2019 වසරේ රුපවාහිනි අවුරුදු කුමරිය ලෙසින් කිරුලි පැළඳිමත් සමඟයි. ඉතින් ඇය මේ දිනවල ජීවිතය ගැන පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි.

“මගේ මුල්ම නාට්‍ය සක්කාරං ටෙලි නාට්‍යයේ ජයනිකාගේ චරිතයට පන පොවලා තියනවා, ඊට පස්සේ තමයි මට දෙවෙනි ඉනිමේ ආක්ශාගේ චරිතය ලැබුනේ. හිතේ කලාවට එන්න කියලා එහෙම ලොකු අරමුණක් තිබුනේ නැහැ.හැබැයි පොඩි කාලේ ඉඳලම කලාවට ගොඩක් ආසයි.ඒ වගේම මටත් වඩා කලාවට ආස කරන්නේ මගේ අම්මා. ඉතින් අම්මා ඉස්සර ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙනවා කලාවට එන්න. ඒත් ආච්චි හරිම වසයි. එයා අම්මට කලාවට යන්න දීලා නැහැ. හැබැයි මගේ පළමු ටෙලිනාට්‍ය සක්කාරං හි රඟපානකොට මගේ අම්මා විදිහට රඟපෑවේ මගේ අම්මා. ඉතින් මගේ අම්මා එදා දැක්ක හීනේ අද මන් තුලින් සැබෑ වෙලා තියනවා.ඒ වගේම මට දැන් ආදර යෝජනානම් ගොඩක් එනවා.හැබැයි ඇය ඒවා වැඩිය ගණන් ගන්නේ නැහැ. ඒ වගේම කැම්පස් එකේදී තමයිලු මට ගොඩක්ම යෝජනා ආවේ. මොකද පාසලේ වගේ නෙවෙයි එතැන තියෙන්නෙ නිදහස් පරිසරයක්. කොහොම වුනත් මගේ ඉගනීම ඉවරවෙනකන් මන් ඒ ගැන හිතන්නේ නැහැ. ඉතින් ඒ වගේම මගේ වෘත්තීය රංගනය නෙවෙයි. ඉතින් මන් ඉගන ගන්න ගමන් රංගනයේ නියැලෙන්නේ. ඉතින් ඉගනීම අවසන් කලාම මන් රැකියාවක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි සමහර විට දිගටම කලාවේ ඉන්නත් පුළුවන්.”