Lanka Fashion

No 01 Online Fashion Magazine

“මට දැනෙන විදිහට ආදරය කියන්නේ ජීවිතය ගොඩක් වෙනස් කරන්න පුළුවන් දෙයක්.” යෂ් වීරසිංහ

යශ් වීරසිංහ කියන්නේ මේ දවස් වල ගොඩක් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අනර්ඝ එහෙමත් නැත්නම් දෙවෙනි ලෙසින් ඔහු ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබෙනවා.ඉතින් ඔහු පැමිණි මේ ගමනේ විවිධ කැපකිරීම් සිදුකරන්න වුනු අවස්ථා ගැන ඔහු මේ විදිහට පැවසුවා.“මට දැනෙන විදිහට මගේ ජීවිතේ මම බොහෝ කැපකිරීම් කරන කෙනෙක්. බොහෝවිට මම එකපාර නිර්මාණ දෙකක් විතරයි බාරගත්තේ. මම බදාගෙන නිර්මාණ කරන්න ආස නැහැ. ඒ නිසා බාරගන්නා නිර්මාණ වෙනුවෙන් මම අතින් සියලුම දේවල් කැපකරලා බොහෝ වෙලාවට ඒ නිර්මාණ වෙනුවෙන් කැපකිරීම් කරනවා. නිර්මාණයකදී කොච්චර කාලයක් කැපවුණත් මට ඒක එච්චර ගාණක් නැහැ. මට මම කරන චරිතය සාර්ථක කරගන්නයි ඕන වෙන්නේ. ඒ නිසා එදා සිට අද දක්වා මේ කරපු කැපකිරීම් නිසා තමයි අද මම යම් තැනක හෝ මෙහෙම ඉන්නේ.”

ඒ වගේම ජිවිතයේ මුහුණ දෙන්න වුනු කඩා වැටීම් පසු තැවීම් ගැනත් ඔහු මේ විදිහට පැවසුවා.“කඩාවැටීම කියන්නේ මනුස්සයෙක්ට නැවත නැගිටින්නත් හොඳ අවස්ථාවක්. මගේ ජීවිතේ බොහෝ කඩාවැටීම් තියෙනවා. ඒ කඩාවැටීම් ජීවිතේම කඩාවැටීමක් කරගන්නේ නැහැ. මම ඒ හැම කඩා වැටීමකදීම මම කොහොම හරි නැගිට්ටා. එක අවස්ථාවක එක්තරා ටෙලිනාට්‍යකදී මගේ ජීවිතේ මම ගතකරපු එපාම කරපු දවස් දහයක් ගතකරන්න සිද්ධ වුණා. ඒ දවස් දහයේදී මාව සෑහෙන්න කඩා වැටීමකට පත් කළා. ඒ වෙලාවේ මම මාරම විදිහට කඩා වැටුණා. එක දවසක මම මේ හැමදේම නතර කරලා දාන්න පවා තීරණය කළා. නමුත් දෙවියනි, කියලා ඒ වෙලාවේ මගේ අම්මා, තාත්තා, සහෝදරයෝ, මගේ නෑදෑයෝ වගේම මගේ යාළුවෝ මට හිටියා. හැමවෙලේම ඔවුන් මට වැටෙන්න දුන්නේ නැහැ. මට තනිවෙන්න දුන්නේ නැහැ. කොහොම හරි මගේ ජීවිතේ දරුණු කඩාවැටීමේදීත් මම ආයෙත් නැගිට්ටා.මගේ ජීවිතේත් පසුතැවීම් තියෙනවා. ඒ අතරින් මගේ ජීවිතේ ආපස්සට ගිහින් මේ දේ වෙනස් කරගන්න තිබුණා නම් හොඳයි කියල හිතෙන අවස්ථාවන් මටත් තියෙනවා. ඒ වගේ පසුතැවීමක් වෙන සිදුවීමක් මටත් තියෙනවා. හැබැයි ඒ සිදුවීම නම් මම කියන්නේ නැහැ.”

ඉතින් යශ් ඔහුගේ ප්‍රථම ප්‍රේමයත් මේ විදිහට මතක් කලා. “මගේ ප්‍රථම ප්‍රේමය සිදුවන්නේ පාසැල් කාලයේදීයි. ඒක හරිම අමුතු අත්දැකීමක්. ඒ කාලේ හැටියට ඒ මතකයන් අදටත් හරි සුන්දරයි. හැබැයි දැඩි කැමැත්තකින් කරපු තේරුමක් නැති කාලයේ කරපු ප්‍රේමයක්. පාසැල් ප්‍රේමය අමතක කරන්න බැරි දෙයක් කියලා බොහෝ දෙනා කිව්වට මට ඒක ලොකුවට මතක් කරන්න දෙයකුත් නැහැ. හැබැයි ඒක සුන්දරයි.මට දැනෙන විදිහට ආදරය කියන්නේ ජීවිතය ගොඩක් වෙනස් කරන්න පුළුවන් දෙයක්. අපිට ජීවිත කතාව ඇතුළේදී එක එක ආදර කතා අපිට මුණගැහෙනවා. ඒ අතරින් අපිට ගැලපෙන හොඳම ආදරය ලැබුණොත් අපි දිනුම්. නැත්නම් ජීවිතේ ආපස්සට යාමක් තමයි සිදුවන්නේ.”