Lanka Fashion

No 01 Online Fashion Magazine

“මට මේ ජනප්‍රියත්වය දරාගන්න අමාරුයි.”සරාගේ අක්කා රසිකා.

මේ දිනවල විකාශනය වන අතිශයින්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කාගේත් ආදරය දිනාගත් චරිතයක් තමයි සරාගේ අක්කා රසිකාගේ චරිතය.මේ චරිතය නිරුපනය කරන්නේ දක්ෂ රංගන ශිල්පීනියක් වන කසුනි කාවින්දි විසින්.ඉතින් රසිකයින් අතර රසිකාගේ චරිතය මෙතරම් ජනප්‍රිය වුවත් ඇය සාමාන්‍යයෙන් ජනප්‍රියත්වය ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් නොවන බව ඇය පසුගියදා පුවත්පතකට පවසා තිබුනා. ඒ නිසාම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මේ චරිතය හරහා ලැබෙන ජනප්‍රියත්වය ඇයට දරාගන්න අමාරු බවත් ඇය පවසා තිබුනා.

ඇය කලා ලෝකයට පා තබන්නේ වේදිකාව හරහායි. ඇය පාසල් යන කාලේ ළමා නිළියක් විදිහට රංගනයේ යෙදුනාලු. පසුව විශ්වවිද්‍යාල සමයේ වේදිකාවෙන් මහපොළොවට නාට්‍ය උලෙළේ ලිස්ට් එක හිර වෙලා කියන කෙටිනාට්‍යයෙන් මුලින්ම වේදිකාවට සම්බන්ධ වූ බව ඇය පවසා තිබුනා. මේ වනවිට ඇය වේදිකා නාට්‍ය විස්සකට ආසන්න සංඛ්‍යාවකට සම්බන්ධ වෙලා තිබෙනවා.මාද ඔබම විය, සත්‍යා, කූඹියෝ, පැරීසියට යන පාර, රාවණ 1 සහ 2, තණමල්විල කොල්ලෙක්, කොහොල්ලෑවේ දේවතාවි, ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවකටම ඇය රංගනයෙන් දායක වෙලා තිබෙනවා..